Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    බිමල් රත්නායක සහ විජිත හේරත් මහතුන් අලලා සිදුකර ඇති සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

    2020-08-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ජාතික ලැයිස්තු ආසන ද සහිතව ජාතික ජන බලවේගය ද ලබාගත හැකි වූයේ ආසන තුනක් පමණි. මේ සමඟම ඔවුන් අළලා ඇතිවී තිබූ සාවද්‍ය ප්‍රකාශවල යම් අඩුවක් ඇති වේ යැයි ඇතැමුන් අපේක්ෂා කළ ද පසුගිය සති කිහිපයේම එම සන්ධානයේ සක්‍රීය පුද්ගලන් අලලා පළවූ ස

    පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ජාතික ලැයිස්තු ආසන ද සහිතව ජාතික ජන බලවේගය ද ලබාගත හැකි වූයේ ආසන තුනක් පමණි. මේ සමඟම ඔවුන් අළලා ඇතිවී තිබූ සාවද්‍ය ප්‍රකාශවල යම් අඩුවක් ඇති වේ යැයි ඇතැමුන් අපේක්ෂා කළ ද පසුගිය සති කිහිපයේම එම සන්ධානයේ සක්‍රීය පුද්ගලන් අලලා පළවූ සාවද්‍ය සටහන් පිළිබඳ විමර්ශන රැසක් අප සිදු කළා. මේ අයුරින්ම එම සන්ධානයේ බිමල් රත්නායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අලලා සැකසුණු සටහන් කිහිපයක් පහතින් 

    “සිංහරාජය රැකගන්න සමාජයේ හඬක් නගන පරිසරවෙදියෙක් වන සජීව චාමිකර මහතාට රාජපක්ෂ රෙජීමය බොරු නඩු පවරා මර්දනය කරන්න හදන නින්දිත ක්‍රියාවට එරෙහිව ජනතාව නැගී සිටිය යුතුයි” යනුවෙන් බිමල් රත්නායක මහතා ප්‍රකශ කල බවට සඳහන් වූ සටහනක් මෙසේ පලවී තිබුණි

    LinkArchived Link

    එසේම මීට පෙර බොහෝ අවස්ථාවල සාවද්‍ය සටහන් රැසක් පළකර තිබු Yasith Dilshan නමැති ෆේස්බුක් ගිණුමෙන් බිමල් රත්නයකම මහතා අලලා පලවී තිබු තවත් සටහනක දක්වා තිබුනේ “සිංහල මිනිස්සු හරක් නිදහස් කරන්නේ මුල්ස්ලිම් අයට රිද්දන්න ඕනෙ නිසා” යනුවෙනි

    LinkAchieved

    Yasith Dilshan ගේ ෆේස්බුක් ගිණුමේ ම පළවූ සටහනක විජිත හේරත් මහතා ඉලක්ක කරගෙන තිබුනේ “ලංකාවේ කොරෝනා පාලනය වෙලා නම් බොරුවට පරීක්ෂණ වලට නාස්ති කරන මුදල් කොරෝනා නිසා විපතට පත් වුවන්ට බෙදා දෙන්න” යනුවෙන් ඔහු ප්‍රකාශ කල බව හැඟෙන සටහනක් සමඟිනි.

    LinkArchived Link

    මෙම සටහන් පිලිබඳ විමර්ෂණ සිදුකරන ලෙස අපට කිහිප දෙනෙකුම යොමු කර තිබු බැවින් කෙටි විමර්ශනයක් සිදු කළෙමු.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    පළමු සටහන් දෙක පිලිබඳ කරුණු දැනගැනීම සඳහා අප බිමල් රත්නායක මහතාගේ සමාජ මාධ්‍ය සටහන් පිලිබඳ සිදුකල විමර්ශනයේදී දැකගනන්ට ලැබුණේ ඔහු විසින් එසේ පලවී තිබු සිංහරාජය සම්බන්ධයෙන් සජීව චාමිකර මුල්කරගෙන එවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවට පළවූ සටහනක්

    “මෙවැනි ප්‍රකාශයක් මා සිදු කර නොමැති අතර ජනතාව නොමග යවමින් සිදුකරන මෙවැනි ව්‍යාජ පුවත් පළකිරීම් අප හෙලාදකිමු” යන තේමාව යටතේ ඔහුගේ ෆේස්බුක් ගිණුමේ එම පලකිරීම දැකගන්නට ලැබුනේ පහත අයුරුන්.

    LinkArchived Link

    එසේම බිමල් රත්නායක මහතා විසින් පවසන ලදැයි දැක්වෙන “සිංහල මිනිස්සු හරක් නිදහස් කරන්නේ මුල්ස්ලිම් අයට රිද්දන්න ඕනෙ නිසා” යන ප්‍රකාශය සම්බන්ධයෙන් ද පරීක්ෂා කිරීමේදී අපට පෙනී ගියේ ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ පලවී තිබු මෙම ස‍ටහන (ලංකා පුවත්පත අගෝස්තු 16, 9 වැනි පිටුව) සංස්කරණය කරමින් එම පලකිරීම සිදුකර ඇති බවයි. එම සංසන්දනය පහතින්

    මේ අයුරින්ම සැප්තැම්බර් 29 මව්බිම (2019) කලාපයේ පළවූ විජිත හේරත් මහතාගේ ලිපියක සේයාරුවක් සංස්කරණය කරමින් “ලංකාවේ කොරෝනා පාලනය වෙලා නම් බොරුවට පරීක්ෂණ වලට නාස්ති කරන මුදල් කොරෝනා නිසා විපතට පත් වුවන්ට බෙදා දෙන්න” යනුවෙන් සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර ඇති බව පැහැදිලි විය. එම සංසන්දනය පහතින්.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ බිමල් රත්නායක සහ විජිත හේරත් මහතුන් අලලා සිදුකර ඇති ප්‍රකාශ කිසිවක් ඔවුන් විසින් සිදුකර නොමැති අතර සංස්කරණය කරමින් පලකරන ලද සටහන් බවයි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:බිමල් රත්නායක සහ විජිත හේරත් මහතුන් අලලා සිදුකර ඇති සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.