Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මනාප ඡන්ද පිලිබඳ පළවූ සාවද්‍ය සටහන් පෙළක්

    2020-08-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පාර්ලිමේන්තු මැතිවරණයේ පහසු ජයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබාගන්නා පෙරනිමිති, නිල ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට පටන් ගත් මුල් අවස්ථාවේ සිටම පෙනී යාමත් සමඟම පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති අපේක්ෂකයින් සහ පරාජය ලැබූ අපේක්ෂකයින් කෙරෙහි අවධානය යොමු වූ අතර ඔවු

    පාර්ලිමේන්තු මැතිවරණයේ පහසු ජයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබාගන්නා පෙරනිමිති, නිල ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට පටන් ගත් මුල් අවස්ථාවේ සිටම පෙනී යාමත් සමඟම පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති අපේක්ෂකයින් සහ පරාජය ලැබූ අපේක්ෂකයින් කෙරෙහි අවධානය යොමු වූ අතර ඔවුන් අලලා සටහන් රැසක් හුවමරු වනු දක්ගනන්ට ලැබුණි. 

    පසුගිය කාලය තුල විශාල වශයෙන් කතාබහට ලක්වූ චරිතයක් වූ රාජිත සේනාරත්න මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව පරාජයට පත්වී ඇති බවට විවිධාකාරයෙන් පළවූ සටහන් රැසක් ඊයේ රාත්‍රියේ සිට හුවමාරු වී තිබුනේ මෙලෙසින්

    LinkArchivedLinkArchived

    එසේම “ඉතිහාසය වෙනස්කල ඡන්ද ප්‍රතිඵලයක් යන තේමාව යටතේ “දෙමල ජනතාව එකතුවෙලා ජාති ආගම් කුල බේද අමතක කරලා හමුදා නිලදාරියෙකු පාර්ලිමේන්තු යවලා.. කර්නල් රත්නප්‍රිය බන්දු වන්නි දිස්ත්‍රික්කය” යනුවෙන් හුවමාරු වූ සටහනක් මෙලෙසින්

    LinkArchived Link

    තවද කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක අපේක්ෂිකයින් විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණය ඇතුලත් පහත පරිදි සටහන් ද හුවමාරු වෙනු දැකගන්නට ලැබුණි.

    LinkArchived

    එසේම පසුගිය පාර්ලිමේන්තුවේ සිටි එහෙත් මෙවර පාර්ලිමේන්තුවට තේරී පති නොවූ සාමාජිකයින් ලෙස හුවමාරු වූ නාම ලේඛන වල තලතා අතුකෝරාල, රාජිත සේනාරත්න , අශෝක් අබේසිංහ වැනි නම් ද දක්වා තිබෙනු ද දක්ගනන්ට ලැබුණි Link 1 | Link 2

    එසේම මැතිවරණ ප්‍රතිඵල අලලා උපහාසාත්මක සටහන් පෙළක් ද හුවමාරු වෙනු දැකගන්නට ලැබුණි. 

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මනාප ඡන්ද වලින් ජයග්‍රහණය කරන ලද අපේක්ෂකයින්ගේ ලැයිස්තුව මේ වනතෙක් මැතිවරණ කාර්යාලය විසින් පළකර නොතිබූ බැවින් අප මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කර තිබු ලැයිස්තු වෙත අවදානය මෙසේ යොමු කළා.

    කළුතර දිස්ත්‍රික්කයේ ආසන බෙදී ගිය අයුරු සහ පාර්ලිමේන්තුවට තේරී පත්වූ නාම ලේඛනයන් පහතින්. එහි සමඟි ජන බලවේගයෙන් පළමු තැනට මනාප ලබාගෙන තිබුනේ රාජිත සේනාරත්න මහතා බව දක්වා තිබෙනු දක්නට ලැබුණි. 

    https://www.facebook.com/DepartmentOfGovernmentInformation/posts/3185446104902234

    Ada Derana | Newsfirst  

    වන්නි දිස්ත්‍රික්කයේ ආසන බෙදී ගිය අයුරු සහ පාර්ලිමේන්තුවට තේරී පත්වූ නාම ලේඛනයන් පහතින්. කර්නල් රත්නප්‍රිය බන්දු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තේරී පත් වී නැති බවද දක්ගනන්ට ලැබුණු අතර කාදර් මස්තාන් එම පක්ෂයෙන් තේරී පත් වූ එකම අපේක්ෂයා බව පෙනී ගියා.

    https://www.facebook.com/DepartmentOfGovernmentInformation/posts/3185736911539820

    Ada Derana | Newsfirst 

    රත්නපුරය දිස්ත්‍රික්කයේ ආසන බෙදී ගිය අයුරු සහ පාර්ලිමේන්තුවට තේරී පත්වූ නාම ලේඛනයන් පහතින්. එහි සමඟි ජන බලවේගය යටතේ අවසන් ස්ථානයට තලතා අතුකෝරාල මහත්මිය තේරී ඇති බවද පෙනී ගියා

    https://www.facebook.com/DepartmentOfGovernmentInformation/posts/3185569751556536

    Ada Derana | Newsfirst | HiruNews

    මේ අයුරින්ම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සමඟි ජන බලවේගය යටතේ තරඟ වැදී අශෝක් අබේසිංහ මහතා ද මෙවර පාර්ලිමේන්තුවට තේරී ඇති බව දක්ගනන්ට ලැබුණි.  එසේම කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල යයි පළවූ සටහනද සාවද්‍ය බව පෙනී ගිය අතර එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ සහ රවී කරුණානායක නම්ද එහි සඳහන් වී තිබෙනු දැක ගන්නට හැකිවිය.

    එක් එක් දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සම්පුර්ණ නාම ලේඛනය Daily News පුවත්පතේ මෙසේ පෙන්වා දී තිබුණි.   

    DailyNews-Preferrential

    මෙම තොරතුරු මැතිවරණ කොමිසම සමඟ සම්බන්ධ වීමෙන්ද අප තහවුරු කරගන්නා ලදී.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ඉහත සටහන් සියල්ලේ දක්වා ඇති කරුණු සම්පුර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් සාවද්‍ය බවයි. රාජිත සේනාරත්න, තලා අතුකෝරාල, අශෝක් අබේසිංහ වැනි පිරිස් පිලිවෙලින් කළුතර, රත්නපුරය සහ කුරුණෑගල යන් දිස්ත්‍රික්ක වලින් සමඟි ජන බලවේගය යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට තේරී පත්වී ඇත. එසේම පොදු ජන පෙරමුණ යටතේ වන්නි දිස්ත්‍රික්කයෙන් තරඟ කල කර්නල් රත්නප්‍රිය බන්දු තේරී පත්වී නැති අතර එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක හෝ එකඳු හෝ පාර්ලිමේන්තු නියෝජනයක් මනාප හරහා ලබාගැනීමට සමත් වී නොමැත.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.