
ලොව පුරා ප්රසිද්ධ චරිත කිහිපයක්ම කොරෝනා වෛරසයට ගොදුරු වීමත් සමගම විවිධ ආකාරයේ උපහාසාත්මක සටහන් ද සමාජ මාධ්ය ජාලා ඔස්සේ හුවමාරු වෙන අයුරු අපට දැක ගන්නට ලැබුණා. මෙබඳු විශාල වශයෙන් හුවමාරු වූ පෙළක කොරෝනා වයිරසය හේතුවෙන් ලෝප්රකට සටන් කාල නළු චක් නොරිස් (Chuck Norris) මරණයට පත්වූවා යයි යන්න උපහාසාත්මක අයුරකින් පෙන්වා තිබු නොමඟ යවනසුළු සටහන් පෙළක් පිළිබඳව විමර්ශන සිදුකර තිබෙනු ද මැයි මස මුල් කාල වකවානුවේදී අපට දක්නට ලැබුණා.
පසුගියදා ලංකාවේද සිංහල බසින් පළවූ සටහනක චක් නොරිස් කොරෝනා රෝගය හේතුවෙන් මරණයට පත්වූ බව සැල කරමින් කරුණු දක්වා තිබුනේ මෙලෙසිනි.
“කොරෝනා වෛරසය හේතුවෙන් සුප්රසිද්ධ නළුවෙකු හා සටන්කරුවෙකු වන කාලෝස් රේ “චක්” නොරිස් ටීඑක්ස් හි නෝර්ත්වුඩ් හිල්ස් හි පිහිටි සිය නිවසේදී මිය ගොස් ඇත.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 77 කි.
චක් තරු සහ චිත්රපට මාලා දුසිම් ගණනක රඟපා ඇති අතර මිලියන ගණනක් දෙනාගේ විනෝදාස්වාදය අඛණ්ඩව පවතී.
ඔහු සටන් කලාවේ ප්රවීණයෙකු වූ අතර එය සිනමා කර්මාන්තයේ ඔහුගේ මුල් කීර්තියට හේතු විය.”
| Link | Archived Link |

බොහෝ පිරිස් මෙය සාවද්ය සටහනක් බව හඳුනාගෙන තිබුණද ලංකාවේද සටන් කලා චිත්රපට ලෝලීන් අතර ප්රසිද්ධ චරිතයක් වූ චක් නොරිස් මහතාට නිවන් සුව අත් වේවා යනුවෙන් ඇතැම් අය සටහන් කර තිබෙනුද නිරීක්ෂණය වූ බැවින් කෙටි විමර්ෂණයක් සිදු කිරීමට අදහස් කළෙමු.
Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම)
සුප්රසිද්ධ ඇමරිකානු සටන් කලා ශිල්පියෙකු වන චක් නොරිස් 2018 වසරින් පමණ පසුව සිය රංගන ජීවිතයට සමු දී ඇති අතර පසුගිය කාල වකවානුව පුරාම වැඩි වශයෙන් මාධ්ය හරහාද දක්නට නොලැබීම හේතුවෙන් ඔහුගේ මරණය පිළිබඳව මෙවැනි සටහන් මීට පෙරද අවස්ථා කිහිපයකදීද පළ වී තිබූ බව අපට දැකගන්නට ලැබුණා
චක් නෝරිස් පිළිබඳව ඔහුගේ නිල වෙබ් අඩවියෙන් සහ නිල ෆේස්බුක් පිටුව හරහා තොරතුරු විමර්ශනය කිරීමේදී අපට දැකගන්නට ලැබුනේ 1940 වසරේ උපත ලබා ඇති චක් නොරිස් මහතාට මේ වන විට අවුරුදු හැත්තෑ හතක් නොව අවුරුදු අසූවක් වන අතර පසුගිය මාර්තු මාසයේදී ඔහු තම 80 වන ජන්ම දිනය සමරා තිබූ බවයි.

එසේම ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ පසුගිය කාලය පුරාම සටහන් කිහිපයක්ම තබා තිබූ බව ද අපට පෙනී ගියා. චක් නොරිස් පිළිබඳව තවදුරටත් කරුණු විමර්ශනය කිරීමේදී අපට පෙනී ගියේ ජීවිතයේ සැඳෑ සමය ගත කරන චක් නෝරිස් සහ ඔහුගේ බිරිඳ ජෙනා දෙපළ, මේ දිනවල තම කාලය වැඩි වශයෙන් යොමු කරන්නේ ඔවුන් විසින් ආරම්භ කරන ලද KickStartKids නැමැති සටන් කලා පාඨමාලා ආයතනය වෙත බවයි
එහි ෆේස්බුක් පිටුව පරික්ෂා කිරීමේදී චක් නෝරිස් මහතා ඇතුළත් සටහන් රැසක් දැක ගන්නට ලැබුණා. කොරෝනා තත්වය හේතුවෙන් පුහුණුවීම් කටයුතු වල නිවසේ සිට සිදු කිරීමට සීමා වී ඇති දරුවන් වෙත විශේෂ පණිවිඩයක් වීඩියෝවක් හරහා දැනට මසයකට පමණ පෙර ලබා දී තිබුණා.
චක් නොරිස්ගේ මරණය පිළිබඳව විවිධාකාරයේ සටහන් ලොව පුරා දැනට මසක පමණ කාලයක සිට හුවමාරු වී තිබූ අතර ඒ පිළිබඳව බොහෝ කරුණු විමර්ශන කණ්ඩායම්, මාධ්ය ආයතන පලකිරීම් සිදු කර ඇති අයුරු ද පෙනී ගියා.
Chuck Norris is not dead social media. That would clearly not be possible if you have seen any of his movies or tv shows at all.
— Miles Kemp (@bykemp) June 6, 2020
එසේම මේ දිනවල චක් නොරිස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව මීට දින කිහිපයකට පෙර පළ කරන ලද මාධ්ය වාර්තාවන් මෙසේය. Link | Link 2
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ චක් නොරිස් නිරෝගී සුවයෙන් පසුවන අතර මේ වන විට ඔහුට කොරෝනා රෝගය වැළදී ඇති බවටද වාර්තා වන්නේ නැත. එසේම මෙම සටන්කලා ශිල්පියාගේ දැනට වයස අවුරුදු 80කි.



