Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    රෝහිත සහ ටට්යානා රාජපක්ෂගේ අලුත උපන් පුතාගේ යැයි පළවන ඡායාරූප සියල්ලක්ම නිවැරදි ද ?

    2019-10-31
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ටට්යානා රාජපක්ෂගේ අලුත් පවුලට පුතෙකු එකතු වී ඇති බව වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වුවා. ඔක්තෝම්බර් 30 අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී මෙලෙස පුංචි පුතෙක

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ටට්යානා රාජපක්ෂගේ අලුත් පවුලට පුතෙකු එකතු වී ඇති බව වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වුවා.

    ඔක්තෝම්බර් 30 අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී මෙලෙස පුංචි පුතෙකු රාජපක්ෂ පවුල වෙත එකතු වී තිබෙනවා. අලුත උපන් දරුවාගේ ඡායාරූප කිහිපයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පවතී.

    එලෙස හුවමාරුවන එක් සමාජ මාධ්‍ය  සටහනක් පහත පරිදි වේ.

    “රාජපක්ෂ පරම්පරාවේ අනාගතය ❤ බුදුසරණයි චූටී පුතේ ❤ Congratulations rohitha rajapaksha & tatyana rajapaksha” 

    Facebook LinkArchived Link

    පුවත් වෙබ් අඩවි කිහිපයක්ද මෙම පුවත විවිධ ඡායාරූප සමග පළකර තිබිණ. “අරුණ ” පුවත් වෙබ් අඩවිය එය වාර්තා කර  තිබු අයුරු පහතින්.

    “හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂගේ බිරිද ටට්යානා විසින් පිරිමි දරුවකු අද අලුයම බිහිකර ඇත. ඒ කොළඹ පුද්ගලික රෝහලකදී වන අතර ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතා සීයා කෙනෙකු වී ඇත”

    Website LinkArchived Link

    අලුත උපන් දරුවාගේ ඡායාරූප කිහිපයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පවතී.

    Facebook LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙලෙස සැබවින්ම දරු උපතක් සිදුව ඇත්දැයි දැනගැනීමට අප “Google News” Search සෙවුම යොදාගත්තා. එහිදී එම පුවත නිවැරදි බව තහවරු වුවා.

    මේ සම්බන්ධයෙන් අපි කරුණු සොයා බැලුවා.   එහිදී අපිට පැහැදිලිවුයේ SriLankaMirror පුවත් අඩවිය ඡායාරූප පෙළක් සහිතව පුවතක් පළකර තිබු බවයි. ඉන් අවසාන ඡායාරූප ය තරමක්  වෙනස් බව පැහැදිලි විය.

    srilankamirro web link

    පසුව ගූගල් රිවර්ස් ඉමේජ් (Google Reverse Image) සෙවුම හරහා ඡායරූපය නිරීක්ශණය කළ අතර එහිදී ද එම ඡායරූපය බොහෝ සෙයින් අලුත උපත් දරුවා ලෙස පෙන්වා දී තිබුනද එහි සැබෑ තොරතුරු සොයාගැනීමට හැකි වුනි . 

    එම  ඡායාරූපය රෝහිත රාජපක්ෂගේ නිල ෆේස්බුක් ගිණුමෙහි 2019 මාර්තු 29 පලකරන ලද ඡායාරූපයකි. ඔහුගේ මිතුරෙකුට උපන් ළදරු දියණියකට සුභපැතුම් යනුවෙන් එහි සඳහන්කර තිබුණි. 

    Rohitha Rajapaksa FB LinkArchived Link

    තව දුරටත් කරුණු සෙවීමේදී  එම ඡායාරූපය රෝහිත රාජපක්ෂගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහිද  2019 මාර්තු 29 එම ඡායාරූපය දක්නට ලැබුණි.

    Rohitha Instagram LinkArchived Link

    එම සටහන අනුව පැහැදිලිවන්නේ  එහි සිටින්නේ දියණියක් බවත් ඇය රාජිත ජයවර්ධන නම් පුද්ගලයාගේ බවත්ය.

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ රෝහිත සහ ඔහුගේ බිරිඳ වන ටට්යානා රාජපක්ෂගේ පවුලට අලුතෙන් එක් වූ දරුවාගේ යැයි කියා වෙබ් අඩවි සහ  සමාජ මාධ්‍ය හරහා පළවන ඡායාරූප අතරින් එක් ඡායාරූපයක් එම අලුත උපන් පුතාගේ නොවන බවය. එම ඡායාරූපයේ සිටින්නේ දියණියක් බවත් ඇය රාජිත ජයවර්ධන නම් පුද්ගලයාගේ දියණිය බවත් පැහැදිලි වේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-10-31

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.