Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    අගෝස්තු 5 වැනිදා රාත්‍රියේ සිට වරාය පාලනය හමුදාව යටතට ගැනීම පිලිබඳ ජනපති තුමා නියෝග කල බවට සාවද්‍ය පුවතක්!

    2020-08-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට පවරා නොදෙන ලෙස ඉල්ලමින් වරාය සේවකයන් මැතිවරණ සමයේ දියත් කළ උද්ඝෝෂණය ව්‍යාපාරය සෑම දේශපාලන පක්ෂයකම වාගේ අවධානය යොමුවී තිබුණි.  මෙවන් පසුබිමක “ශවින්ද්‍ර 100 ක් මැරුණත් මට වැඩක් නෑ . වරායේ එකෙකුටවත් පාරට බහින්න බෑ.

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට පවරා නොදෙන ලෙස ඉල්ලමින් වරාය සේවකයන් මැතිවරණ සමයේ දියත් කළ උද්ඝෝෂණය ව්‍යාපාරය සෑම දේශපාලන පක්ෂයකම වාගේ අවධානය යොමුවී තිබුණි. 

    මෙවන් පසුබිමක “ශවින්ද්‍ර 100 ක් මැරුණත් මට වැඩක් නෑ . වරායේ එකෙකුටවත් පාරට බහින්න බෑ. ඔයා දයාත් එක්ක ෆුල් කොන්ට්‍රෝල් එක අතට ගන්න” තේමාවෙන් Ape Media Social Media ෆේස්බුක් පිටුවක්, Lanka Dawasa නම්වු වෙබ් අඩවියක් උපුටා දක්වමින් පහත ඇති සටහන ඉදිරිපත් කර තිබෙණු දක්නට ලැබුණේය. 

    “ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ රාත්‍රි පැවති සාකච්චාවට යුධ හමුදාපති,වරාය සභාපති මේජර් ජෙනරාල් දයා රත්නායක,කොමදෝරු ජයනාත් කොළඹ ගේ, රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක සලේ, ආරක්ෂක් ලේකම් ඇතුළු 27 දෙනෙකුගෙන් සැදුම් ලත් කණ්ඩායක් සහභාගි විය. පී.බී ජයසුන්දර හා ජනාධිපති විටින් විට මෙහිදි කියා සිටියේ මේ වරාය නැගෙනහිර පරියන්තය 41% ඉන්දියාවට ලබාදී අවසන් බවයි.

    එසේම රටේම විශාල හමුදා අනුකණ්ඩ ඇති කිරීමට හා ජනාධිපති කාර්ය සාධක බලකාය වැඩ ආරම්භ කිරීමට සුදානම් විය යුතු බව ගෝඨාභය පැවසීය. ජනාධිපති මෙහිදි කියා සිටියේ මේ සේරම කරන්නේ ” රට හදන්න ඉඩ නොදෙන කුහක මිනිස්සු, ඒ නිසා උන් මරලා හරි මම මේක කරනවා මට වැඩක් නෑ අනිත් ප්‍රශ්ණ …ශවින්ද්‍ර දයාත් එක්ක 05 නයිට් ඉදන් මේක භාරගන්න වරාය හමුදා පාලනයට ගන්න එච්චරයි…….” යනුවෙන් ගෝඨාභය ඉතාම දැඩි ආවේගයෙන් කියා සිටි විට ශවින්ද්‍ර ඔකේ සර් කියමින් ඔලුව සේලවිය. ඉදිරි මැතිවරණය නිමවු වහාම ඇදිරිනිතිය පැනවීමටත් ඉන් පසුව රටේ කිසිදු උද්ගෝෂණයක් මින් ඉදිරියට කිසිදු පුද්ගලයකුට හෝ කණ්ඩායමකට අහිමි වනු ඇත” .

    ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වීම ආරම්භ කර තිබූ මෙම විශ්වාස කිරීමට අපහසු ප්‍රවෘත්තිය පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    FB LinkArchived LinkArticle LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම ප්‍රවෘත්තිය පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස අප ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති  ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක මහතාට දුරකථන ඇමතුමක් ලබා ගත්තෙමු. අප හා සම්බන්ධ වූ දයා රත්නායක මහතා ප්‍රකාශකර සිටියේ ජනාධිපතිතුමා ඔහු හා හමුදාපතිතුමා කැඳවා මෙවැනි සාකච්ඡාවක් නොකළ බවයි. මෙම සටහන සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රවෘත්ති සටහනක් බව ඔහු අවධාරණය කළේය.

    මේ පිළිබඳ තවදුරටත් කරුණු සනාථ කරගැනීම පිණිස අප ජනාධිපති මාධ්‍ය අංශය සමග සම්බන්ධ වූයෙමු. සම්බන්ධ වූ මාධ්‍ය අංශයේ නිලධාරියා අවධාරණය කළේ ජනාධිපතිතුමා හමුදාපතිතුමා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති තුමා කැඳවා හමුදාව යෙදවීම පිළිබඳව සාකච්ඡා නොකළ බවයි. මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බව ඔහුද තහවුරු කළේ ය.

    උද්ඝෝෂණය ව්‍යාපාරය සම්බන්ධයෙන් තොරතුරු දිගටම මෙවැනි සේවක සංගම වල ෆේස් බුක් පිටුවල ද එවැනි තත්වයක් පිලිබඳ කිසිඳු පුවතක් පළකර තිබුනේ නැත.

    Conclusion (අවසාන නිගමනය)

    අප කළ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වන්නේ ජනාධිපතිතුමා, ශ්‍රී ලංකා වරාය වරාය අධිකාරියේ සභාපති තුමා, හමුදාපතිතුමා සහ වෙනත් නිලධාරීන් කැඳවා වරාය පාලනය හමුදාව යටතට ගැනීම පිළිබඳව සාකච්ඡා නොකළ බවයි.

    එබැවින් “ශවින්ද්‍ර 100 ක් මැරුණත් මට වැඩක් නෑ . වරායේ එකෙකුටවත් පාරට බහින්න බෑ. ඔයා දයාත් එක්ක ෆුල් කොන්ට්‍රෝල් එක අතට ගන්න” තේමාවෙන් ෆේස්බුක් මාධ්‍ය ජාලයේ ඉදිරිපත්ව ඇති සියලුම සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.