Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    සජිත් ප්‍රේමදාස මියගිය බවට ඉදිරිපත් කළ සාවද්‍ය සටහනක්!

    2020-08-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලංකාවේ මහ මැතිවරණය අගෝස්තු පස්වැනි දින පැවැත්වීමට නියමිතව තිබේ. අවසාන දින කිහිපයේදී සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණයට තරග වදින අපේක්ෂකයින් අළලා විවිධ සටහන් මතු වෙනු පෙනේ. “ගොන් සජියාගෙ අවසන් කටයුතු සදහා සහභාගි වන්න.. පෑඩ් එකක් නොමිලේ දෙමි” තේමාවෙන් Lella huton

    ලංකාවේ මහ මැතිවරණය අගෝස්තු පස්වැනි දින පැවැත්වීමට නියමිතව තිබේ. අවසාන දින කිහිපයේදී සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණයට තරග වදින අපේක්ෂකයින් අළලා විවිධ සටහන් මතු වෙනු පෙනේ.

    “ගොන් සජියාගෙ අවසන් කටයුතු සදහා සහභාගි වන්න.. පෑඩ් එකක් නොමිලේ දෙමි” තේමාවෙන් Lella huton නැමැති ෆේස්බුක් පිටුවක්, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අගෝස්තු මස 05 වැනි දින මියගොස් ඇති බවටත්, අවසන් කටයුතු අගෝස්තු මස පස්වැනි  දින සිදුකරන බවටත් මරණ දැන්වීමක ස්වරුපයෙන් ඉදිරිපත් කර තිබූ සටහනකට වෛරී ප්‍රතිචාර රැසක් හිමිකර ගනිමින් ෆේස්බුක් පරිශීලනය කරන්නන් තුන්සියයකට අධික සංඛ්‍යාවක් අතර හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය. 

    LinkArchived LinkLinkArchived

    තවත් කිහිපදෙනෙකු විසින් ද මෙවැනි සටහන් හුවමාරු කරගෙන තිබු අතර ඒවාට හිමිවූ ප්‍රතිචාර රැසක්, අදාළ කතෘට මෙවැනි වෛරී සාවද්‍ය සටහන් ඉදිරිපත් කිරීම පිළිබඳ තම බලවත් විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනුද දැකගැනීමට හැකි විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ප්‍රධාන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි අගෝස්තු මස 02 වැනි දින, මැතිවරණයට පෙර ඇති නිහඬ කාලයට පෙර පැවැත්වෙන අවසාන ජන රැළි සඳහා සජිත් ප්‍රේමදාස මහතා නිරුප්‍රදිතව සමගි ජන බලවේගයේ ප්‍රචාරක කටයුතු වල නිරත වන අන්දම නිරීක්ෂණය විය. “දිනමු සමගි ජන බලවේගය – සජිවීව…” යන තේමාව යටතේ සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ අවසාන ජන රැලියේ රූපරාමු සමගි ජන බලවේගයේ ෆේස්බුක් පිටුවේ අගෝස්තු මස 02 වැනි දින මෙසේ පළකර තිබෙනු අපට දැකගත හැකිවිය.

    https://www.facebook.com/sjblanka/videos/1292754627734187/

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නිරුප්‍රදිතව  සිය පක්ෂයේ මැතිවරණ කටයුතු අගෝස්තු මස 02 වැනි දින ද මෙහෙයවූ අතර ඔහු අගෝස්තු මස 01 වැනි දින මියගිය බවට පළවූ මරණ දැන්වීමක ආකාරයෙන් පළවූ සටහන් සියල්ලම උපහාසාත්මක කෝණයකින් ඉදිරිපත් කර තිබෙන අසත්‍ය සහ වෛරී සටහන් බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.