Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    JVP විසින් සිදුකල සත්‍යග්‍රහයක දී ලබාගත් ඡායාරූපයක් ව්‍යාජ ලෙස සංස්කරණය කිරීමක්!

    2019-12-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මෙවර 2019 ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජනය කරමින් ජාතික ජන බලවේගය නමැති පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණකින් තරඟ වැදුණු අනුර කුමාර දිසානායක මහතාට අපේක්ෂා නොකළ අයුරින් පසුබෑමකට ලක්වීමට සිදුවීමත් සමඟම විවිධ ආකාරයේ උපහාසාත්මක සටහන රැසක්ම සමාජ මාධ්‍

    මෙවර 2019 ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජනය කරමින් ජාතික ජන බලවේගය නමැති පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණකින් තරඟ වැදුණු අනුර කුමාර දිසානායක මහතාට අපේක්ෂා නොකළ අයුරින් පසුබෑමකට ලක්වීමට සිදුවීමත් සමඟම විවිධ ආකාරයේ උපහාසාත්මක සටහන රැසක්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙනුදක්නට ලැබුණි.

    මෙවන් පසුබිමක දර්ශන අසංග නැමැත්තෙකු “පේනවානේ ISIS සල්ලි වල බලපෑම… ඔවාට නැමෙන එකෙක් නෙමෙයි දැන් ඉන්නේ….” යන තේමාව යටතේ ජාතික විමුක්ති පෙරමුණේ නායකයින්ගෙන් සේයා රුව රැගත් සටහනක් ඉදිරිපත් කර තිබුණි. ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් “බදුර්දීන්ට අත නොතබනු” යනුවෙන් සඳහන් බැනරයක් රැගෙන පෙනී සිටින මෙම සේයාරුවෙන්, ජනතා විමුක්ති පෙරමුණ, ජාත්‍යන්තර ත්‍රස්තවාදි සංවිධානයක් වන ISIS සංවිධානයෙන් මුදල් ලබාගෙන මුසල්මානුවන් වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වීමට උත්සාහ කර තිබුණි. 

    Facebook LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    බැනරයේ සිංහලෙන් “බදුර්දීන්ට අත නොතබනු” යනුවෙන් සඳහන් වී තිබුණද, එහි යටින් දෙමළ බසින්වු වගන්තිය ඊට හාත්පසින් වෙනස් අරුතක් ගෙන ගෙන දුන් බැවින් මෙය පැහැදිලි ලෙසම උපහාසාත්මක කෝණයකින් සංස්කරණය කරන ලද්දක් බව බැලූ බැල්මටම පෙනී ගිය ද මෙහි මුල් ඡායාරූපය සොයා ගැනීම සඳහා අප විසින් සරල google reverse image සෙවුමක් භාවිතා කළෙමු.

    Google Reverse Image Search Link

    එහි දී ලැබුණු ප්‍රතිඵලයන් පරික්ෂා කිරීමේදී අපට දිස් වූයේ රට තුළ ගොඩනැගී ඇති අන්තවාදී සහ ප්‍රචණ්ඩ වාතාවරණය නවතන ලෙසත් ජාතික සමගිය ගොඩ නැගීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා “අපි මිනිස්සු” සංවිධානය විසින් “තවත් ලේ වැගිරීම් එපා! එක්වෙමු ජාතික සමගිය වෙනුවෙන් !” යන තේමාව යටතේ මැයි මස 16 වැනිදා පස්වරුවේ විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහයකදී ලබාගත් ඡායාරූපයක් බවයි.

    මේ පිළිබද සදහනක් අනුර කුමාර දිසානායක මහතාගේ ෆේස්බුක් පිටුවේ තිබේදැයි පරික්ෂා කිරීමේදී අපට පහත සඳහන් සටහන සොයා ගැනීමට හැකිවිය

    Anura Kumara FBArchived Link

    පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව, ජනාධිපතිවරණයට පෙර කාලවකවානුවේ, ජාතික සමගිය ගොඩනැඟීම, සඳහා ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ විරෝධතා පාගමනක ඡායාරූපයක් බව පැහැදිලි විය. 

    මේ අනුව ප්‍රකාශිත ඡායාරූපයේ සඳහන් සටහන සහ ඇත්ත වශයෙන්ම පලවී ඇති ඡායාරූපය සැසඳීමේදී “මහජන ආරක්ෂාව තහවුරු කරනු!” යනුවෙන් පළ වී ඇති කොටස “ බදුර්දීන්ට අත නොතබනු” යනුවෙන් සංස්කරණය කොට පළ කර ඇති බව සනාථ වේ.

    අවසාන නිගමනය

    ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද සත්‍යග්‍රහයකදී ලබාගත් ඡායාරූපයක “මහජන ආරක්ෂාව තහවුරු කරනු!” යනුවෙන් පළ වී ඇති කොටස “බදුර්දීන්ට අත නොතබනු” යනුවෙන් සංස්කරණය කොට ඇත

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:JVP විසින් සිදුකල සත්‍යග්‍රහයක දී ලබාගත් ඡායාරූපයක් ව්‍යාජ ලෙස සංස්කරණය කිරීමක්!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-12-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.