Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    කරුණා අම්මාන් සම්බන්ධයෙන් සිදුකලා යයි කියවෙන සාවද්‍ය ප්‍රකාශ රැල්ලක්!

    2020-06-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් මහතා විසින් පසුගියදා සිදු කරන ලද යුද සමයේදී සිදු කළ රණවිරුවන්ගේ ඝාතන පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමගම ඔහු අළලා සටහන් රැසක් නිර්මාණය වන්නට පටන් ගත්තේය. මීට පෙර ද කරුණා අම්මාන් පොදුජන පෙරමුණෙන් මෙවර තරග වදින බ

    කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් මහතා විසින් පසුගියදා සිදු කරන ලද යුද සමයේදී සිදු කළ රණවිරුවන්ගේ ඝාතන පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමගම ඔහු අළලා සටහන් රැසක් නිර්මාණය වන්නට පටන් ගත්තේය. මීට පෙර ද කරුණා අම්මාන් පොදුජන පෙරමුණෙන් මෙවර තරග වදින බවට සිදුකළ සාවද්‍ය ප්‍රකාශයක් පිළිබඳ අප කළ විමර්ශනයක් මෙසේය. පසුගිය දින කිහිපයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන චරිත මෙන්ම ස්වාමීන්වහන්සේලා අලලා ද කරුණා අම්මාන් ආශ්‍රිතව සටහන් රැල්ලක් නිර්මාණය වී තිබුණි.

    පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ලද ප්‍රකාශයක් ජාතික රූපවාහිනියේ පළ කරන ලද සටහනක් ලෙස පෙන්වා දී තිබුණේ “ කරුණා අම්මාන් මැතිතුමා විසින් අපේ සෙබලු දහස් ගණනක් මරා දැමුවද, බෞද්ධයින් වශයෙන් අපි සියලු දෙනා ඔහුට සමාව ලබාදිය යුතුයි.” යනුවෙනි. මෙම ඡායාරුපය ඇතුලත් සටහන් රැසක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වී තිබුණි

    LinkArchived Link

    එසේම අමාත්‍ය විමල් වීරවංශ මහතා අලලා ද එවැනි ප්‍රකාශයක් හුවමාරු වී තිබුනේ මෙලෙසිනි. “දේවදත්තට මහන වෙන්න පුළුවන් නම්, මර්නාඅම්මාන් මැතිතුමාටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න” යනුවෙන් FM දෙරණ නාලිකාවේ සහ ITN නාලිකාවේ “අංගුලිමාල රහතන් වහන්සේ වගේම, කරුණා අම්මාන් මතිතුමත් අපිට ගොඩක් වටිනවා” යනුවෙන් පළවූ සටහන්ද විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුල හුවමාරු වී තිබුණා.

    LinkArchivedLinkArchived

    එසේම හිටපු අමාත්‍ය කාංචන විජේසේකර මහතා අලලාද එවැනිම ප්‍රකාශයක් පලවී තිබුනේ “කරුනා අපේ හමුදාව මැරුවට කරුනා හිතලා අපේ අය මැරුවේ නෑ, ඕනෑම රටක යුද්දෙකදී හමුදාව මියයනවා” යනුවෙනි.

    LinkArchived

    “කරුණා අම්මාන්ට බනින්න එපා. මැරිච්ච හමුදාවේ මිනිස්සු ආයේ එන්නේ නෑ, දැන් එතුමා වැරදි හදාගෙන ප්‍රජාත්‍රන්ත්‍රවාදී පක්ෂයක ඉන්නේ. ඔවා අමතක කරලා රජයට සහය දෙන්න” යැයි ගලබොඩඅත්තේ ඥානසාර හිමි පැවසූ බව එහි සඳහන් වේ.

    LinkArchivedLinkArchived

    එසේම හිටපු රාජ්‍ය ඇමති ෂෙහාන් සමරසිංහ මහතා පැවසුවා යයි පැවසෙන ප්‍රකාශයක් ද බොහෝ පිරිසක් හුවමාරු කර ගෙන තිබු අතර පුවත්පතක පළවූ ලිපියක ආකාරයෙන් පළකර තිබු එම සටහනෙහි දක්වා තිබුනේ “කරුණා අම්මාන් ජාතික වීරයෙක්” යනුවෙන් ඔහු පවසා තිබු ආකාරයටයි.

    Link Archived Link 2Archived

    මෙම සටහන් පෙළ පිලිබඳ විමර්ශනයක් සිදුකිරීමට අප අදහස් කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සටහන් පිලිබඳ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා විමර්ශනය කිරීමේදී අපට එවැනි ප්‍රකාශ කිසිවක් දැකගන්නට ලැබුනේ නැත.

    පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි විසින් ඉහත සඳහන් පරිදි ප්‍රකාශයක් සිදු කළේද යන්න පරික්ෂා කිරීම සඳහා යොදාගෙන තිබූ ඡායාරූපය පරීක්ෂා කිරීමේ දී අපට දැක ගන්නට ලැබුණේ එම සටහනට අදාල ඡායාරූපය 2018 වසරේ නොවැම්බර් මස අද දෙරණ නාලිකාවේ පළවූ, හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාව කෙටි කලකට අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ අවස්ථාව පිළිබඳව “මහින්ද අගමැති කළ හේතුව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි…” යනුවෙන් සිදුකළ ප්‍රකාශයකට සම්බන්ධ ඡායාරූපයක් බවයි. එම වීඩියෝව පහතින්.

    එම වීඩියෝවට අදාළ ඡායාරුපය (Thumbnail) පහත පරිදි සමාජ මාධ්‍ය තුල හුවමාරු වන  ඡායාරුප සමඟ සන්සන්දන කිරීමේදී එය එකම ඡායාරුපයක් බව පෙනී යයි.

    එබැවින් අද දෙරණ නාලිකාවේ පළවූ වීඩියෝවක ඡයරුපක් ජාතික රුපවාහිනියේ සටහනක් ස්වරුපක් ලෙස පෙන්වමින් මෙම සංස්කරණය සිදුකර ඇති බව පැහැදිලිය. එසේම ජාතික රුපවාහිනියේ යොදාගන්නා සටහන් සඳහා යොදාගන්න අක්ෂර වලට වඩා මෙම අක්ෂර වෙනස් බවද දැකගන්නට ලැබුණා. ජාතික රුපවාහිනියේ ඡායාරුප සටහන් පෙළ දිස්වන්නේ මෙසේය. එහි මෙය පලවී නැති බවද අපට දැකගන්නට ලැබුනා. එසේම මේ පිළිබඳව අප පුජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේගේ සම්බන්ධීකාරකගෙන් විමසා සිටි අතර මෙය සම්පුර්ණයෙන්ම සාවද්‍ය සටහනක් බවත් කලින් කලට උන්වහන්සේ අලලා මෙවැනි ප්‍රකාශ පලවන බවත් ප්‍රකාශ කර සිටියා. 

    කරුණා අම්මාන් සිදුකල ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව විමල් වීරවංශ මහතා පසුගිය දින කිහිපයේදීම තම අප්‍රසාදය පලකොට තිබු අතර ඔහුගේ සමාජ මාධ්‍ය ජාලා පරීක්ෂා කිරීමේදී පහත වීඩියෝව දැක ගන්නට ලැබුණා.

    ”උතුරු – නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්ද බලාපො‍රොත්තුවෙන් කරුණා අම්මාන් මේ මොහොතේ සිදු කර ඇත්තේ ඉතාමත් පහත් පෙළේ ක්‍රියාවක්” යනුවෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා පලකරන ලද ප්‍රකාශයක් මෙසේය.

    https://www.facebook.com/WimalWeerawansa.sl/videos/2901166576660443/

    තවදුරටත් විමර්ශනය කිරීමේදී මෙම මුල් ඡායාරුපය පසුගිය පෙබරවාරි මාසයේ වාලච්චේන කඩදාසි කම්හලේ වැඩකටයුතු නැවත ආරම්භ කිරීමේ වැඩපිළිවෙල පිලිබඳ සිදුකල මාධ්‍ය සාකච්ඡාවකදී ලබාගත් බවද දැකගනන්ට ලැබුණා Link 

    FM Derana හෝ ITN සමාජ මාධ්‍ය හරහා ඉහත පරිදි ප්‍රකාශයක් පලවී තිබුනේද නැති අතර මේ පිළිබඳව විමල් වීරවංශ මහතාගේ මාධ්‍ය අංශයෙන් විමසා සිටියදී පවසා සිටියේ ඉහත වීඩියෝවේ පලවී තිබු ආකාරයට ත්‍රස්තවාදී අතීතයක් ඇති පුද්ගලයෙකුට එම අතීතයෙන් මිදී වෙනස්වීමේ අයිතියක්  තිබෙන බව ඇමතිතුමා පවසා සිටියද සමාජ මාධ්‍යවල පලවී ඇති ආකාරයේ ප්‍රකාශයක් සිදුකර නොමැති අතර විමල් වීරවංශ ඇමතිතුමා මෙහිදී උදාහරණයක් ලෙස යොදාගන්නේ ටිල්වින් සිල්වා පිලිබඳ ප්‍රකාශයක් බවත් අපට දැකගන්නට හැකිවුනා. එසේම දේවදත්ත තෙරුන් මෙන් වෙනස්වීමේ හැකියාවක් කරුණා අම්මාන් ටද ඇති බව පහත පරිදි පවසා සිටියද එහි කිසිඳු තැනක පොදු ජන පෙරමුණ සමඟ එකතුවිය හැකිය හෝ වටිනා බවක් තිබෙන බවක් සම්බන්ධයෙන් කියවෙන්නේ නැත.

    එසේම කාංචන විජේසේකර මහතා විසින් සිදුකර ඇතැයි දක්වා තිබූ ප්‍රකාශය පිළිබඳව ද අප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා විමර්ශනයක් සිදුකළ ද කිසිදු තැනක එබඳු ප්‍රකාශයක් දැකගන්නට ලැබුණේ නැති බැවින් මේ පිළිබඳව ඔහුගෙන් විමසා සිටි අතර එය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බව  පවසා සිටියා

    එසේම ඥානසාර හිමියන් විසින් කරුණා අම්මාන් සම්බන්ධයෙන් සිදුකලා යයි කියන ප්‍රකාශයද මාධ්‍ය හරහා වාර්තා වී නොතිබීම හේතුවෙන් බොදු බල සේනාවේ මාධ්‍ය ප්‍රකාශක තුමාගෙන් මේ පිලිබඳ විමර්ශනය කිරීමේදී එහි කිසිඳු සත්‍යතාවයක් නොමැති බව අප සමග පවසා සිටියා

    ෂෙහාන් සමරසිංහ මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ ඔහු අලලා සිදුකර තිබු ප්‍රකාශය සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව ප්‍රකශ කර තිබුනේ පසුගිය දා මැදවච්චියේ පවත්වන්නට යෙදුණු කුඩා කණ්ඩායම් රැස්වීමක ඔහු දැක්වූ අදහස් කිහිපයක් දක්වමින් දිවයින පුවත්පතේ පළවූ පුවතක් සංස්කරණය කරමින් මෙම සාවද්‍ය ප්‍රකාශය සිදුකර ඇති බවය.

    https://www.facebook.com/ShehanSemasinghe/photos/a.1069440889862955/2412053692268328/?type=3&__xts__%5B0%5D=68.ARCY6wcAvaa0tTvcTIAbcPYsp1Du62vADCzjCSt96tMBpNXcewDO7JK_-k0Dqf26uP14-OiKVXKD9gGnoz9MdBZL8cSt4ZGsBhowUFCDWGlkZBVuSXqCdqi3vmR8qAGW4GY3kpES0FwrsEwTNugjvpZIvq1KJzJwe92jlrPeLmselcb-9Jtd_i2lNBA_E22VUGIxOTh4CDeyaVo_zO3ZbfgaPo5954ow0uQZu0CUlMYXKO7P61v-4ftGmkK6qefxReC_bHPoPZIdVevKxJNn6f8yh15LjDz2t-3xgR00MVECmRC1x5qO7j-MYByGepIP2Jfa-q-F0_vYFST2oO2hU9jxnONu&__tn__=-R
    LinkArchived

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කරුණා අම්මාන් සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශ යයි රජය පාර්ශවයේ ප්‍රධාන චරිත සහ ස්වාමීන්වහන්සේලා දේපලක් අලලා පළවූ සටහන් සියල්ල ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද සාවද්‍ය සටහන් බවයි

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:කරුණා අම්මාන් සම්බන්ධයෙන් සිදුකලා යයි කියවෙන සාවද්‍ය ප්‍රකාශ රැල්ලක්!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-06-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.