Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ගාලු කොටුවේ සිතුවම් ?

    2019-12-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිවයින පුරා පොදු ස්ථානවල පවත්නා පාළුවට ගිය බිත්ති සහ තාප්ප තරුණ කණ්ඩායම් විසින් චිත්‍රණය කිරීමේ වැඩපිළිවෙළ දැන් වේගයෙන් රට පුරා ව්‍යාප්ත වෙමින් තිබේ. ලංකාවේ ප්‍රධාන නගර සියල්ල පුරාම පාහේ පැතිර යමින් තිබෙන මෙම වැඩපිළිවෙළ බොහොමයක් මුහුණු පොත ඔස්සේද සංවිධානය

    දිවයින පුරා පොදු ස්ථානවල පවත්නා පාළුවට ගිය බිත්ති සහ තාප්ප තරුණ කණ්ඩායම් විසින් චිත්‍රණය කිරීමේ වැඩපිළිවෙළ දැන් වේගයෙන් රට පුරා ව්‍යාප්ත වෙමින් තිබේ. ලංකාවේ ප්‍රධාන නගර සියල්ල පුරාම පාහේ පැතිර යමින් තිබෙන මෙම වැඩපිළිවෙළ බොහොමයක් මුහුණු පොත ඔස්සේද සංවිධානය වී තිබෙනු දක්නට ලැබුණි.

    මෙවන් පසුබිමක පැතුම් සුරංග දොලවත්තගේ නමැත්තෙක් සිය ෆේස්බුක් ගිණුමෙහි “දියසෙවල බැඳිලා පාළුවට ගිහින් තිබුණු ගාලූ කොටුවත් අපි හැඩ කළා යාලුවනේ” නමැති තේමාවෙන් චිත්‍ර ඇඳීමෙන් අලංකරණය කරන ලද ගාලු කොටු බැම්මේ සේයාරුවක් සහිතව සටහනක් ඉදිරිපත් කළේය. මෙම සටහන බොහෝදුරට උපහාසාත්මක කෝණයකින්, ෆේස්බුක් පරිශීලනය කරන්නන් විශාල ප්‍රමාණයක් අතර හුවමාර තිබිණේ මෙලෙසිනි.  

    Facebook LinkArchived Link

    “රට ලස්සන වෙනවා. නිකං සෙවල බැඳිලා තිබ්බ තවත් තාප්පයක් ලස්සන කරපු ගාල්ලේ කොල්ලොන්ට කෙල්ලොන්ට අපේ උපහාරය. අනිත් ටිකත් ඉක්මනටම ඉවර කරමු.” සටහන පහතින්.

    Twitter  LinkArchived Link

    බැලූ බැල්මටම මෙය උපහාසාත්මක කෝණයකින් සිදුකරන ලද සටහන් කිහිපයක් ලෙස පෙනී ගිය ද බොහෝ පිරිස් අතර හුවමාරු වී පැවැති බැවින් මේ පිළිබඳව කෙටි අනාවරණයක් සිදුකිරීමට අදහස් කළෙමු

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ගාලු කොටු පවුරේ  පරිපාලනය පිළිබඳ නිසි බලධාරියා වන ගාලු උරුමය පදනම සමඟ දුරකථනයෙන් සම්බන්ධ වීමු. එහි අධ්‍යක්ෂිකා, රාජකාරි කටයුත්තකට බැහැරව සිටි නිසා, ගිණුම් නිලධාරි මහතා අප සමඟ සම්බන්ධ විය. ගාල්ල කොටු පවුර බැම්ම අලංකරණය පිණිස චිත්‍ර ඇඳීමට කිසි  අවසරයක් දී නොමැති බවත්, ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර ඇති, අලංකරණය පිණිස චිත්‍ර ඇඳ ඇති සහිත සේයා රුව රැගත් සටහන සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් හෙතෙම අවධාරණය කළේය.

    පුරාවිද්‍යාත්මකව ඇති වටිනාකම නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ගාලු පදනම අවසර නොමැතිව ගාලු කොටුවෙහි කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක්, චිත්‍ර සිතුවම් කිරීමක් හෝ වෙනස් කිරීමක් කළ නොහැකි බවද අපට දැනගන්නට ලැබුණා.

    ගාලු  උරුම පදනම සම්බන්ධ පනත මෙසේය.

    GHFAct-english-1

    ගාල්ල ප්‍රදේශයේ ජනමාධ්‍යවේදියකු තැබූ ට්විටර් සටහනක සදහන් වන්නේ ගාලු කොටුවෙහි මේ දක්වා කිසිදු චිත්‍රයක් සිතුවම් කර නොමැති  බවයි. එම සටහන පහතින්.

    Twitter  Link

    ගාලු පැරණි නගරය සහ බලකොටු යුනෙස්කෝව (UNESCO) මගින් ලෝක උරුමයක් ලෙස 1988 දී ප්‍රකාශයට පත්කර ඇති බවද අපට දැකගන්නට ලැබුණා

    UNSECO World Heritage – Old Town of Galle and its Fortifications

    අවසාන නිගමනය

    අප කල සත්‍ය කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ “දියසෙවල බැඳිලා පාළුවට ගිහින් තිබුණු ගාලූ කොටුවත් අපි හැඩ කළා යාලුවනේ” නමැති තේමාවෙන් චිත්‍ර ඇඳීමෙන් අලංකරණය කරන ලද ගාලු කොටු බැම්මේ සේයාරුවක් සහිතව යොදා තිබූ සටහන් සියල්ලක්ම සම්පූර්ණයෙන්ම අසත්‍ය උපහාසාත්මක කෝණයකින් සිදුකරන ලද සටහන් බවයි

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-12-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.