Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිලිබඳ සාවද්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශ!

    2020-08-01
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකාව තුල පැතිරුණු කොරෝනා වෛරස් ආසාදනය පාලනය කිරීමට සෞඛ්‍යය ක්ෂේත්‍රයේ නිලධාරීන් විසින් මහත් මෙහෙයක් ඉටු කරන ලදී. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද එහි විශාල කාර්ය භාරයක් ඉටු කරන ලදී. සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඇති වූ මතභේදයක් මත කොරෝනා වෛරස් ආසාදනය

    ශ්‍රී ලංකාව තුල පැතිරුණු කොරෝනා වෛරස් ආසාදනය පාලනය කිරීමට සෞඛ්‍යය ක්ෂේත්‍රයේ නිලධාරීන් විසින් මහත් මෙහෙයක් ඉටු කරන ලදී. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද එහි විශාල කාර්ය භාරයක් ඉටු කරන ලදී. සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඇති වූ මතභේදයක් මත කොරෝනා වෛරස් ආසාදනය මර්දන ක්‍රියාවලියෙන් ඉවත් වූ ඔවුහු පසුව වෘත්තීය සමිති ක්‍රියාදාමයක නිරත වුහ. අවසානයේ මීට දින කිහිපයකට පෙර ඇතිවූ එකඟතාවන් මත ඔවුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කරන ලදී.

    මෙවන් පසුබිමක “විශ්වවිද්‍යාල තුළ කොරෝනා පොකුරක් ඇතිවීමේ අවධානමක්” තේමාවෙන් News-i නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවියක් පහත දක්වා ඇති සටහන ඉදිරිපත් කර තිබෙණු නිරීක්ෂණය විය.

    “විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන තුල පවත්වන ඇතැම් උත්සව හේතුවෙන් නැවත කෝවිඩ් පොකුරක් ඇති විය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවයි..” යනාදී වශයෙන් වැඩිදුරටත් කරුණු දක්වා තිබු එම ලිපිය තවත් වෙබ් අඩවි කිහිපයක්ද හුවමාරු කරගෙන තිබුනා.

    Article LinkArchived LinkLinkArchived

    එමෙන්ම “අපේ ප්‍රශ්නය විසදුවේ නැත්තං දන්න හැමදේම හෙළිදරව් කරනවා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු” යනුවෙන් පළවූ සටහන් රැසක් පසුගිය දිනවල හුවමාරු වී තිබු අතර එවැනි සටහන් පෙළක “ඒ කියන්නේ මුන් කොරෝනා රෝගයෙන් මැරුණු ගාන හංගලා..??” යනුවෙන් ප්‍රශ්න කර තිබුනේ මෙලෙසින්.

    LinkArchived Link

    ෆේස්බුක් පරිශීලනය කරන්නන් අධික සංඛ්‍යාවක් අතරසංසරණය වී තිබුණු මෙම සටහන් පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය 

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    “විශ්වවිද්‍යාල තුළ කොරෝනා පොකුරක් ඇතිවීමේ අවධානමක්” තේමාවෙන් ඉදිරිපත් කර තිබු සටහන පිළිබඳව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ෆේස් බුක් පිටුවේ හෝ දැකගන්නට නොලැබුණු බැවින් මේ පිලිබඳ කරුණු තහවුරු කර ගැනීම පිණිස අප එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් විශ්වවිද්‍යාල තුළ කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවට කිසිදු දිනක අනතුරු ඇඟවීමක් සිදුකර නොමැති බව ඔහු තහවුරු කළේය.

    එසේම “අපේ ප්‍රශ්නය විසදුවේ නැත්තං දන්න හැමදේම හෙළිදරව් කරනවා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු” යනුවෙන් පළවූ සටහන් පිළිබඳවද ඔහුගෙන් විමසුවෙමු. එහිදී උපුල් රෝහණ මහතා කියා සිටියේ පසුගිය සතියේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට යොමු වීම හමුවේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක එක් සුළු කොටසක් පමණක් මෙසේ හුවමාරු වන අතර එහි කිසිදු අවස්ථාවක ඔහු හෝ  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගම විසින් කොරෝනා රෝග තත්ත්වයෙන් සිදුවූ මරණ සංඛ්‍යාවක සඟවා සිටි බවට ප්‍රකාශයක් නොකළ බව තහවුරු කර සිටියා.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහනේ පෙන්වන ඡායාරුපය headlinenews.lk නමැති වෙබ් අඩවියේ පළවූ මෙම ලිපිය අනුසාරයෙන් ලබාගෙන ඇති බව පැහැදිලි වූ අතර එහි දක්වා තිබුනේ පහත පරිදි සටහනක්.

    “කොරෝනා මර්දනය සදහා අවශ්‍ය නීතිමය බලය ලබා නොදෙන්නේ නම්, තමන් දන්නා සියළු තොරතුරු හෙළිදරව් කරන බව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අගවා සිටියි.

    දන්නා සියළු දේ යන්නට; කොරෝනා මර්දනය කිරීම සදහා ලැබුණු අරමුදල්වලට සිද්ධ වුණු දේ සහ, ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන් යටතේ, ගුවන් තොටුපල සහ වරාය තුළ සිද්ධ වුණු දේ වල් ඇතුළත් ය.”

    මේ පිළිබද මාධ්‍ය සකච්ඡාව පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී එය ජුලි 24 වැනිදා සිදුවූ මාධ්‍ය හමුවකදී සිදුකල ප්‍රකාශයක් බව අපට පහත ITN පුවත් නාලිකාවේ වීඩියෝව පරීක්ෂා කිරීමේදී ද තහවුරු විය.

    එහිදී කොවිඩ් 19 පාලන ක්‍රියාවලියේදි සිදුවු අක්‍රමිකතා ඇතුළු කරුණු හෙළි කිරීමට සුදානම් බවක් පවසා තිබුනද කිසි තැනක කොරෝනා රෝග තත්වයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව සැඟවීමක් පිලිබඳ ඉඟි කර තිබුනේ නැත

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු ඇඟවීමක් කර නොමැති බවයි. තවද කොවිඩ් 19 පාලන ක්‍රියාවලියේදි සිදුවු අක්‍රමිකතා ඇතුළු කරුණු හෙළි කිරීමට සුදානමක් පිලිබඳ  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා තිබුනද කිසිම තැනක කොරෝනා රෝග තත්වයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව සැඟවීමක් පිලිබඳ ඉඟි කර තිබුනේ නැත

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-01

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.