Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    කාඩිනල් මැල්කම රංජිත් හිමිපාණන් හා ඇමරිකානු තානාපතිනිය අලලා සැකසුනු සාවද්‍ය සටහනක්

    2020-06-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    2019 වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හමුවේ, නොබියව අදහස් ප්‍රකාශ කරමින්, ලබා දුන් නායකත්වය නිසා ලංකාවේ කතෝලික සභාවේ නායකයාණන් ලෙද සැලකෙන අති උතුම් මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන් ලක්වැසි ගෞරවාදරයට විය. නමුත් ඇතැම් පිරිස් කරුණු දක්වා තිබුනේ මෙම ප්‍රකාශ

    2019 වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හමුවේ, නොබියව අදහස් ප්‍රකාශ කරමින්, ලබා දුන් නායකත්වය නිසා ලංකාවේ කතෝලික සභාවේ නායකයාණන් ලෙද සැලකෙන අති උතුම් මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන් ලක්වැසි ගෞරවාදරයට විය. නමුත් ඇතැම් පිරිස් කරුණු දක්වා තිබුනේ මෙම ප්‍රකාශ මඟින් පසුගිය ජනපතිවරණයේදි  ඇතැම් පර්ශවන් වෙත වාසි සහගත තත්වයක් උදාවූ බව වුවත් කාදිනල් තුමා දිගින් දිගටම තමා ඇතුළු කතෝලික සභාව නිර්පාක්ෂික බව ප්‍රකාශ කර තිබුනා. මේ පිළිබඳ විමර්ශන පෙළක් ද අප විසින් සිදුකර තිබුණා. 

    “මේක සිංහල බෞද්ධ රටක්. අනාගමික රාජ්‍යය අපට එපා. ඇමරිකානු තානාපතිගේ මූණටම අගරදගරු කියයි” තේමාවෙන් කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ ලංකාවේ වර්තමාන ඇමරිකානු තානාපතිනියගේ සේයාරූ රෝපනය කර, සරත් සමරසිංහ නමැත්තකු විසින්, හිරු දෙරණ රසිකයෝ නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබු  සටහනක්  ෆේස්බුක් පරිශීලනය අතර සංසරණය වී තිබෙනු දක්නට ලැබුණි.

    LinkArchived Link

    මෙම සටහනට හිමිවු ප්‍රතිචාරයන්  කාඩිනල් මාහිමිපාණන්ට ප්‍රශංසා කළද, මෙය ජන්ද සමයට මතුවන සටහන් බවටද වු ප්‍රතිචාර නිසා සහ පසුගියදා ඇමරිකානු තානාපතිවරිය මාධ්‍ය වෙත MCC ගිවිසුම සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශයත් සමඟ මෙවැනි සටහන් හුවමාරු වී තිබු නිසා මෙම සටහන පිළිබඳව  සත්‍යය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමුවිය. 

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    පසුගිය දින කිහිපයේදී කාඩිනල් හිමිපාණන් සහ ඇමරිකානු තානාපතිනිය අතර හමුවීමක්,  පිළිබදව ප්‍රධාන මාධ්‍යයන්හි වාර්තා ඇත්දැයි ගූගල් සෙවීමක් කළ නමුත්, පාස්කු ප්‍රහාරයෙන් පසු ඇතිවු හමුවීම විනා මෑත වකවානුවේ වු හමුවීමක් පිළිබඳව වාර්තාවන් නොවීය. ලංකාවේ පිහිටි ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ, වෙබ් අඩවියේ මාධ්‍යය අංශය එවන් හමුවීමක් සිදු නොවූ බව වාර්තා කර සිටියා.

    මෙම ෆේස්බුක් සටහන පිළිබඳව කරුණු තහවුරු කර ගැනීමට, කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා සමග දුරකථනයෙන් සම්බන්ධ වීමු. ලංකාව බෞද්ධ රාජ්‍යයක් බව කාඩිනල් හිමිපාණන්ගේ මතය බවත්, මෑතකදී එතුමා ඇමරිකානු තානාපතිනිය මුණ නොගැසුණු නිසා, එවැනි ප්‍රකාශයක් නොකළ බවත් සඳහන් කළේය.

    කාඩිනල් හිමිපාණන් බෞද්ධාගම  සහ බෞද්ධයන් පිළිබඳව උන්වහන්සේ මාධ්‍යයට පැවසු අදහස් මෙම සටහනට පාදක වු බවට අපට තහවුරු විය. එතුමා සෑම විටම සඳහන් කර තිබුණේ ලංකාවේ මුදුන්මල්කඩ බෞද්ධාගම බවය. උන්වහන්සේ මාධ්‍යට කළ ප්‍රකාශ කිහිපයක් උපුටා දක්වමු.

    බෞද්ධ දර්ශනය තුළ විශාල ගෞරවයක් තිබෙන බවත් ගැඹුරු බෞද්ධ චින්තනය ලංකාවේ වෙනත් ආගම් වලට සෙවනැල්ලක් ලෙස පවතින බවත් කිහිප විටකදීම කාදිනල් තුමා ප්‍රකාශ කර තිබෙනුද දැක ගන්නට ලැබුණි.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව බෞද්ධ දහම මුල්වූ රටක් බව කාඩිනල් මැල්කම රංජිත්  හිමිපාණන්ගේ මතය වූවත්, එවැනි ප්‍රකාශයක් මෑතකදි ඇමරිකානු තානාපතිනිය හමුවේ පවසා නොමැති බවය 

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-06-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.