Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    දිලුම් අමුණුගම මහතා අලලා සිදුවූ සාවද්‍ය සටහනක්

    2020-08-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පාර්ලිමේන්තු මැතිවරණ දිනයේ පවා විවිධ අපේක්ෂකයින් අළලා සාවධ්‍ය සටහන් හුවමාරු වෙනු අපට දැක ගන්නට ලැබුණා. “ඔන්න මහ ලොකු දේශපාලකයා. Maybe bcoz he’s drunk most of the time”යන තේමාව යටතේ Neomi Aluthgamage නැමැත්තෙකු විසින් අද දෙරණ නාලිකාවේ පුවත් විකාශයක පළ වූ ප

    පාර්ලිමේන්තු මැතිවරණ දිනයේ පවා විවිධ අපේක්ෂකයින් අළලා සාවධ්‍ය සටහන් හුවමාරු වෙනු අපට දැක ගන්නට ලැබුණා. “ඔන්න මහ ලොකු දේශපාලකයා. Maybe bcoz he’s drunk most of the time”යන තේමාව යටතේ Neomi Aluthgamage නැමැත්තෙකු විසින් අද දෙරණ නාලිකාවේ පුවත් විකාශයක පළ වූ පුවතක ආකාරයෙන් පලකර තිබු එම සටහන විශේෂයෙන්ම මහනුවර ආශ්‍රිත සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අගෝස්තු මස 5 වැනිදා හුවමාරු වනු දැකගන්නට ලැබුණා. එහි තවදුරටත් දක්වා තිබුනේ “මහනුවර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු අපේක්ෂක දිලුම් අමුණුගම ගමන්ගත් රථය, තරුණයෙකු යටකර පලා යයි” යනුවෙනි.

    මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සමීපතතයෙකු විසින් මෙවැනි සාවද්‍ය සටහනක් හුවමාරු කර ගැනීම හෙළා දකින බව පවසමින් ප්‍රතිචාර සටහන් ඉදිරිපත් කිරීමත් සමගම එම සටහන මේ වන විට ඉවත් කර ගෙන තිබෙන බවද අපට නිරීක්ෂණය විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට අප එසේ හුවමාරුවන සටහන් පිළිබඳ විමර්ශනය කිරීමේ දී ඒවාට ප්‍රතිචාර වශයෙන් ඉහත සටහන් සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව දක්වමින් ෆේස්බුක් පිටු එදිනම රැසක් සටහන් හුවමාරු කරගෙන තිබුණේ පහත ලෙසිනි.

    එසේම මෙසේ ඉදිරිපත් කර තිබූ සටහනේ ඡායාරූපය අප Google Reverse Image සෙවුමක් යොදා පරීක්ෂා කල විටද එම පුවත් ඉදිරිපත් කරන්නා ඇතුළත් අද දෙරණ සන්නාමය සහිත සටහන් රැසක් ඉදිරිපත් වී ඇති බව දැකගන්නට ලැබුණා. එබැවින් මේ පිලිබඳව අද දෙරණ පුවත් සේවයෙන් සිදුකල විමසීමකදී අපට දැනගන්නට ලැබුනේ මෙහි දැක්වෙන පුවත් ඉදිරිපත් කරන පුද්ගලයා මේ වන විට අද දෙරණ පුවත් අංශයේ සේවය නොකරන බවත් එම ඡායාරූපය මීට පෙර ඔහු පුවත් ඉදිරිපත් කරන අවස්ථාවක ලබාගත් ඡායාරූපයක් සංස්කරණය කරමින් පළ කර ඇති බවත් ය. එම සංසන්දනය පහතින්

    එසේම මෙහි පෙන්වා තිබෙන පුවත් ඉදිරිපත් කරන දුතික ගයාෂාන් ගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේදී ද දැනට ඔහු අද දෙරණ සමඟ සම්බන්දව කටයුතු නොකරන බවද Emgee Studios නම් සිනමා සහ වීඩියෝ නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යන බවද පෙනී ගියා.

    එසේම මෙහි පෙන්වා දී තිබු සටහනේ පෙන්වා දී තිබු සටහනේ දිලුම් අමුණුගම මහතාගේ ඡායාරුප ඇතුලත් කොටසේ පිටිපසින් යොදගෙන් ඇත්තේ 2015 වසරේ මිනුවන්ගොඩ දී සිදුවූ මාරාන්තික රිය අනතුරකින් ලබාගත් ඡායාරුපයක් බවද අපට තහවුරු විය. Ada Derana News | Link

    එම සංසන්දනය පහතින්

    මහනුවර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ යටතේ තරඟ වැදුණු දිලුම් අමුණුගම මහතා එම දිස්ත්‍රික්කයෙන්ම පළමු ස්ථානයට මනාප ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති බවද ඉහත සටහන හුවමාරු කරගෙන තිබු වී තිබුණා.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “මහනුවර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු අපේක්ෂක දිලුම් අමුණුගම ගමන්ගත් රථය, තරුණයෙකු යටකර පලා යයි” යන තේමාව යටතේ අද දෙරණ පුවත් සේවයේ පළවූ සටහනක් ලෙස හුවමාරු වූ ඡායාරූපයක් සහිත සටහන සම්පූර්ණයෙන්ම සාවද්‍ය සටහනක් බවයි

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:දිලුම් අමුණුගම මහතා අලලා සිදුවූ සාවද්‍ය සටහනක්

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.