Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check : ගුවන් තොටුපොළේ දී යකා නැටුවේ අජිත් නිවාර්ඩ් කබ්රාල් කබ්රාල්ගේ දරුවන් ද?

    2020-05-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කෝවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අසීරුතාවයට පත්ව සිටින පුද්ගලයන් මෙරට ගෙන්වා ගැනීමේ වැඩපිලිවෙල යටතේ එක්සත් රාජධානියේ සිට මෙරටට පිරිසක් පසුගියදා ‍රැගෙන ආවා.එලෙස මෙරටට පැමිනි ඇතැමුන් ගුවන්තො‍ටුපලේදී කලබල ස්වරූපයෙන් හැසිරුනු බව ඇතැම් මාධ්‍ය ඔස්සේ වාර්තා පලවී

    කෝවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අසීරුතාවයට පත්ව සිටින පුද්ගලයන් මෙරට ගෙන්වා ගැනීමේ වැඩපිලිවෙල යටතේ එක්සත් රාජධානියේ සිට මෙරටට පිරිසක් පසුගියදා ‍රැගෙන ආවා.එලෙස මෙරටට පැමිනි ඇතැමුන් ගුවන්තො‍ටුපලේදී කලබල ස්වරූපයෙන් හැසිරුනු බව ඇතැම් මාධ්‍ය ඔස්සේ වාර්තා පලවී තිබුනා.ඒ අතර මෙරට සමාජ මාධ්‍ය සහ ඇතැම් වෙබ් අඩවි හරහා හිටපු මහ බැංකු අධිපති, වත්මන් අගමැති ජේෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුතා සහ දුව ක‍ටුනායක ගුවන් තො‍ටුපලේදී කලහාකාරීව හැසිරී ඇති බවට පුවත් පලකර තිබුනා.

    එහි වැඩිදුරටත් සටහන්ව තිබුනේ ඔවුන් VIP බවත් ඔවුන්ට ඇති පහසුකම් ප්‍රමාණවත් නොවන බවත් පවසා මෙලෙස කලහ කාරීව හැසිරුනු බවක් මෙසේ පලවූ පුවත් සහ සංසරනය වූ ෆෙස්බුක් පෝස්ට් වලින් අදහස් කර තිබුනා. මෙම පුවත විශාල වශයෙන් හුවමාරු වී ඇති බවද අපගේ නිරීක්ෂණ වලට අනුව දැකගන්නට හැකි වුනා. එම තේමාව යටතේ හුවමාරු වූ සටහන පෙළක් මෙසේය.

    “අපි VIP. අපිට පහසුකම් මදි. ගුවන් තොටුපොළේ ඊයේ යකා නැටුවේ අජිත් නිවාර්ඩ් කබ්රාල් ගේ දුව සහ පුතා ඇතුලු පිරිසක් බව හෙළිවේ” යනුවෙන් වදන් කර තිබුනේ මෙලෙසිනි.

    Original LinkArchived Link
    Original LinkArchived Link

    වෙබ් අඩවි කිහිපයක්ද එක පුවත මෙලෙසින් හුවමාරු කරගෙන තිබුණි.

    Web LinkArchived Link

    පළවූ තවත් සටහනක් මෙසේය.

    Fact CheckArchived Link

    Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)  

    මෙම කාරනය සම්බන්ධව අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ෆේස්බුක් සමාජ ජාලයේ සටහනක් තබා තිබෙනවා.එමගින් ඔහුගේ දරුවන් එක්සත් රාජධානියේ සිට පැමිනියේ නැති බව පැහැදිලිව දක්වා තිබෙනවා.

    එම සටහන පහත පරිදියි

    “මාගේ දරුවන් දෙදෙනා ඊයේ එංගලන්තයේ සිට පැමිණ ගුවන්තොටුපලේදී අයුතු විදියට හැසිරි ඇතැයි යනුවෙන් ජවිපෙ වෙබ් සමාජ මාධ්‍ය ජාලයක සහ ජවිපෙ සාමාජිකයෙක් FB පෝස්ට් එකක් පල කර ඇත.

    මාගේ දරුවන් එසේ පැමිණියේ නැති බවත්, එම තොරතුරු අසත්‍යත් බවත් මා ප්‍රකාශ කරන අතර, එවැනි බොරු ප්‍රචාරය මා තරයේ හෙළා දකිමි.”

    Link | Archived 

    https://www.facebook.com/ANCabraalOfficial/posts/3174494015947750?__xts__%5B0%5D=68.ARDhCv1lEya3k37M4uKOx5GcBgm5VCRt0RsoAnKJYtpd8Zs5CyJDY5X9iy9WwpKxASmZU9roYgGwRdHeFxtCnM2SKCMeKhIQeKzJEEGkRqaMiGCwQU-L5haLCVaaIqtsG_DKKUUV4DfokWi6H-Lr729bmSTSO8ihWO5BIr4i9Jb0G_aIhddcnnN1-u9sLEH6U1vMRs0c-JY02bDZYmza40-2IF9spJhr_9E8QM63uj_48MJ488Bz6HoPWJZmc7nEeJR8WUyov26qa-M0LN8dqdsag6otCaKdZb-d-tMy0AYmABGyT9TFUrBaRPT4aoiLyTEU8JeFo0NEdPVe7hGx6A&__tn__=-R

    එමෙන්ම මෙලෙස ප්‍රචාරනය වූ පුවතින් දැක්වෙන්නේ අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුතෙකු සහ දුවෙකු මෙලස කලහකාරීව හැසිරුනු බවයි. නමුත් ඒ මහතා ට දියනියක් නොමැති අතර පිරිමි දරුවන් දෙදෙනුගේ පියෙකි.

    Themorning.lk පුවත් අඩවියටද මෙම වැරදි පුවතේ සත්‍ය තත්වය කබ්‍රාල් මහතා විසින් පැහැදිලි කර තිබුනා.

    Link  | Archived

    මෙම කාරනය පිලිබඳව කබ්රාල් මහතාගේ එක් පුතෙකු වන චතුර කබ්රාල් මහතා විසින් ෆේස්බුක් හි සටහනක් දක්වා තිබුනා.

    ඔහුට තමාට තවත් එක් සහෝදරයෙක් පමනක් සිටිනා බවත් සහෝදරියක් පිලිබඳව නොදන්නා බවත් උපහාසාත්මකව සටහන් කර තිබුනා. 

    එම සටහන් පහතින්.

    Link 1 | Link 2 

    https://www.facebook.com/chatura.cabraal/posts/10163401124410721?__cft__[0]=AZWE20HdEFhjYfZUx9UdPWZmcPgW3TQwVMHAVkfC4J3Bw_9z1UDm1qeoOnVRIP7LDfGwlXGTXjb2PHw0Jstfl6H7yLHj_XtfwDRObfYdWrKuYE08E5iw446ZT-3tvl3ga4g&__tn__=%2CO%2CP-R

    කෙසේ වෙතත් මේ පිළිබඳව කරුණු තහවුරු කරගැනීම සඳහා අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ අතර එහිදී එතුමා අප සමඟ පවසා සිටියේ මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවත් තමාගේ එක් පුතෙකු ලංකාවේ සිටින අතර අනෙක් පුතා විදෙස්ගතව සිටින අතර ලංකාවට පැමිණ නොමැති බවයි.

    මේ අනුව ගත් කල අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුතෙකු  මෙලෙස ලංකාවට එක්සත් රාජධානියේ සිට පැමිණි ගුවන් යානයේ සිට නැත.

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු සලකා බැලීමේදී අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ දුව සහ පුතා එක්සත් රාජධානියේ සිට මෙරට පැමින පහසුකම් මදි යැයි පවසා ගුවන් තො‍ටුපලේදී යකා නැටූ බව බවට පලවන පුවත් සම්පුර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් පෙළකි. 

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-05-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.