Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    සුනිල් හඳුනෙත්ති සහ බිමල් රත්නායක අලලා සැකසුණු සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

    2020-08-18
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජාතික ජනබලවේගයෙන් මාතර දිස්ත්‍රික්කයට තරඟ කළ සුනිල් හඳුනෙත්ති මහතාගේ පරාජය ඔහුට පක්ෂ මෙන්ම විපක්ෂ බොහෝ දෙනාගේ අවධානයට ලක්වු කාරනයක් විය. මෙවන් පසු බිමක ඔහුගේ  සේයාරුවක් සහිතව “හඳුන්නෙත්ති සහෝදරයාට උනු අසාධාරණය වෙනුවෙන් අද පෙරවරුවේ දෙවුන්ද දේවලයට ගොස් මැදම

    ජාතික ජනබලවේගයෙන් මාතර දිස්ත්‍රික්කයට තරඟ කළ සුනිල් හඳුනෙත්ති මහතාගේ පරාජය ඔහුට පක්ෂ මෙන්ම විපක්ෂ බොහෝ දෙනාගේ අවධානයට ලක්වු කාරනයක් විය. මෙවන් පසු බිමක ඔහුගේ  සේයාරුවක් සහිතව “හඳුන්නෙත්ති සහෝදරයාට උනු අසාධාරණය වෙනුවෙන් අද පෙරවරුවේ දෙවුන්ද දේවලයට ගොස් මැදමුලනේ නාකි මයිනට හා 69 ලක්ෂයම තොලෝන්චි වෙලාම යන්න කියලා පොල් ගැහුවා! නාකි මයිනා අද දිවුරුම් දුන්නු වෙලාවේ!” යන කථාංගය අන්තර්ගත කර Yasith Dilshan නමැති ෆේස්බුක් ගිනුමක සටහනක් ඉදිරිපත්වී තිබෙණු නිරීක්ෂණය විය.

    එමෙන්ම “හිරිකිත ගෝත්‍රිකයෝ ටික පන්සල්වලම දිව්රුම් දෙනවා. ලැජ්ජයි” ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල්රත්නායක මහතාගේ ෆේස්බුක් පිටුවක සටහනක් ලෙස දක්වන සේයාරුවක් සහිත සටහනක්ද Yasith Dilshan නමැති ෆේස්බුක් ගිණුමේ තවත් සටහනක් ඉදිරිපත් කර තිබුණි.

    LinkArchived LinkLinkArchived Link

    ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වෙමින් තිබූ මෙම සටහන් වලට හිමි වූ ප්‍රතිචාර, මෙම සටහන් අසත්‍ය බවට යෝජනා කර තිබීම නිසා, මේ පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    Yasith Dilshan ෆේස්බුක් පිටුවෙ සුනිල් හඳුනෙත්ති, අනෝමා රාජපක්ෂ ෆොන්සේකා ඇතුළු පිරිසක් දේවාලයක සිටින ඡායාරූපය පිළිබඳව ගූගල් ස‍ෙවීමක් කළෙමු. එම සෙවීමේදි 2010 පෙබරවාරි මස 10 දින පලකරන ලද බ්ලොග් පිටුවක “ජනරාල් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වා මෝදර කාලි අම්මා කෝවිලේ පොල් ගසයි” සිරස්තලයෙන් මෙම සේයාරුව සහිත සටහන දක්නට ලැබුණි.

    LinkArchived Link

    Yasith Dilshan ෆේස්බුක් පිටුවේ අන්තර්ගත කර තිබූ ඡායාරූපය සහ බ්ලොග් සටහනේ වූ ඡායාරූපය සන්සන්දනය කළ විට එය එකම ඡායාරූපයක් බවට සනාථ විය.

    Yasith Dilshan ෆේස්බුක් පිටුව දක්වා ඇති ආකාරයට බිමල් රත්නායකගේ ෆේස්බුක් පිටුවේ සටහනක් ඇත්දැයි සෙවීමට අප බිමල් රත්නායකගේ ට්විටර් ගිණුම පරීක්ෂා කළද එවැනි සටහනක් නිරීක්ෂනය නොවීය. මෙම සටහන පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස අප ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. ජාතික ජන බලවේගයේ ප්‍රධාන දේශපාලන ක්‍රියාකාරීන් අළලා පශ්චාත් මැතිවරණ අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ජාලය හරහා සැරිසරන බව පැවසූ එහි මාධ්‍ය සම්බන්ධීකරන නිලධාරියා, ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂය හෝ එහි ක්‍රියාකාරීන් මැතිවරණයෙන් පසු මෙබඳු කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකළ බව අවධාරණය කළේය. ප්‍රතිවාදීන් විසින් දියත් කර ඇති අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ඔවුන්ගේ නිල ෆේස්බුක් නිල ෆේස්බුක් පිටුවේ සටහනක් ඉදිරිපත් කර ඇති බවද පැවසීය.

    ජනතා ජන බලවේගයෙ නිල ෆේස්බුක් පිටුවේ පහත සඳහන් සටහන නිරීක්ෂණය විය

    “මහ මැතිවරණය අතරතුරදී මෙන්ම මැතිවරණයෙන් පසුවත් ජාතික ජන බලවේගයේ නායකයින් ඉලක්ක කර ගනිමින් විශාල මඩ ප්‍රචාරයක් දියත් වෙමින් තිබේ.

    ආණ්ඩුවට පක්ෂපාතී සමාජ ජාල ක්‍රියාකරුවන් විසින් ගෙන යන මෙම මඩ අවලාදවලට නොරැවටෙන ලෙස අප සමාජ ජාල පරිශීලනය කරන්නන්ගෙන් ඉල්ලා සිටිමු.

    විශේෂයෙන් Yasith Dilshan නැමැත්තෙකු විසින් දිනපතා අප පක්ෂයේ නායකයින් විසින් නොකරන ලද ප්‍රකාශ අලලා විවිධ පුවත් පළකරමින් තිබේ. ඔහු පිළිබඳව පැමිණිලි කළද ආණ්ඩුවේ හිතවාදියෙකු වීම නිසාම එම පැමිණිලි සඳහා යහපත් ප්‍රතිචාර නොලැබෙන බවද වැඩිදුරටත් සඳහන් කරනු කැමැත්තෙමු.”

    LinkArchived Link

    එසේම බිමල් රත්නායක මහතා අලලා පලවී තිබු සටහන සැකස තිබුනේ Sri Lankan Blood නමැති ෆේස්බුක් පිටුවක පළවූ සටහනකින් ලබාගත් ආකාරයට වූ අතර එවැන්නක් තම ෆේස්බුක් පිටුවේ පලනොවූ බවට සටහනක් ද මෙසේ ඉදිරිපත් කර තිබෙනු දැකගන්නට හැකි විය.

    https://www.facebook.com/SriLankanBlood1/posts/168724111400991

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ 2010 වසරේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට විරුද්ධව අනෝමා රාජපක්ෂ, සුනිල් හඳුනෙත්ති ඇතුළු ක්‍රියාකාරීන් පිරිසක් විසින් මෝදර කාලි අම්මා කෝවිල පොල් ගැසූ අවස්ථාවේ ගත් ඡායාරූපයක් “හඳුන්නෙත්ති සහෝදරයාට උනු අසාධාරණය වෙනුවෙන් අද පෙරවරුවේ දෙවුන්දර දේවලයට ගොස් මැදමුලනේ නාකි මයිනට හා 69 ලක්ෂයම තොලෝන්චි වෙලාම යන්න කියලා පොල් ගැහුවා! නාකි මයිනා අද දිවුරුම් දුන්නු වෙලාවේ!” යන කථාංගය අන්තර්ගත කර Yasith Dilshan නමැති ෆේස්බුක් ගිනුමක ඉදිරිපත්වී තිබු සටහනක් බවයි.

    එසේම “හිරිකිත ගෝත්‍රිකයෝ ටික පන්සල්වලම දිව්රුම් දෙනවා. ලැජ්ජයි” ‍තේමාවෙන් බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කරන ලද සටහනක් ලෙස හුවමාරු වන සටහන් ද සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සංස්කරණය කරන ලද සටහන් පෙළකි

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-18

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.