Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ සහ රවී සිරිවර්ධන මහතා අලලා සිදුවූ සාවද්‍ය ප්‍රකාශ !

    2020-08-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මහ මැතිවරණය ආසන්න වී ඇති මොහොතක විවිධ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් අළලා නොයෙකුත් මාතෘකා යටතේ ප්‍රවෘත්ති ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය.  “බුදුහාමුදුරුවෝ හිටියත් මේ පාර චන්දේ දෙන්නේ මාලිමාවට මයෙ පුතා” යන වදන රෝපණය කර කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ සේයාර

    මහ මැතිවරණය ආසන්න වී ඇති මොහොතක විවිධ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් අළලා නොයෙකුත් මාතෘකා යටතේ ප්‍රවෘත්ති ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය.

     “බුදුහාමුදුරුවෝ හිටියත් මේ පාර චන්දේ දෙන්නේ මාලිමාවට මයෙ පුතා” යන වදන රෝපණය කර කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ සේයාරුවක් සහිත සටහනක් සහ “ඉරාජ්ගේ වීඩියෝව පිළිබඳව ප්‍රවීණ ගීත රචක රවී සිරිවර්ධනයන් තබා තිබූ සටහන” යන වදන කර රෝපණය “තිරිසන් ඉරාජ් වඳ වේවා තෝ ළමයෙක් හැදුවත් ලෝකෙට බරක්” යන සටහනක් රවී සිරිවර්ධනගේ ෆේස්බුක් පිටුවේ සටහනක් සේ දක්වන ආකාරයට සැකසු සේයාරුවක් සහිත සටහනක් Yasith Dilshan නම් ෆේස්බුක් ගිනුමක ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය.  ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සංසරණය වෙමින් තිබූ මෙම සටහන් වලට හිමි වූ ප්‍රතිචාර මෙය අසත්‍ය සටහන් ලෙස යෝජනා කර තිබූ බැවින් සහ Yasith Dilshan නැමැති ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර තිබූ බොහෝ සටහන් අපගේ කරුණු විමර්ශනවලදී අසත්‍ය ලෙස තහවුරු වීම නිසාත්, මෙම සටහන් පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    එම සටහන් පහතින්

    LinkArchived Link
    LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    “බුදුහාමුදුරුවෝ හිටියත් මේපාර චන්දේ දෙන්නේ මාලිමාවට මයෙ පුතා” යනුවෙන් කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ අළලා කළ තිබූ ප්‍රකාශය සනාථ කරගැනීම පිණිස අප කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේට දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. අප හා දුරකථනයෙන් සම්බන්ධ වූ උන්වහන්සේ පවසා සිටියේ තමන් වහන්සේ කිසිදු දිනෙක නොකළ ප්‍රකාශයන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන බවත්, එය උන්මත්තකයන් පිරිසකගේ කාර්යයක් බවත්ය.

    “ඉරාජ්ගේ වීඩියෝව පිළිබඳව ප්‍රවීණ ගීත රචක රවී සිරිවර්ධනයන් තබා තිබූ සටහන” යන වදන රෝපණය කර Yasith Dilshan ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර තිබූ සටහනට “මම නොකියූ දෙයක් ප්‍රචාරය කිරීම පිළිබඳව ඔබට එරෙහිව නීතිමය පියවර ගනිමි” රවී සිරිවර්ධන මහතා ප්‍රතිචාර දක්වා තිබූ බව නිරීක්ෂණය විය. මේ පිළිබඳව කරුණු තහවුරු කරගැනීම පිණිස අපි රවී සිරිවර්ධන මහතාගේ ෆේස්බුක් පිටුව පරික්ෂා කළෙමු. “ඉරාජ් මඩ බලකායේ සාඩම්බර නිර්මාණයක්…මම නොදැමූ පෝස්ටුවක්…සතුරා කොතරම් අපට බියවී සිටිනවාද? එය අපගේ දේශපාලන මතයේ ශක්තිමත් බවට කදිම නිදසුනකි” කතාංගය ඇතුළත් කර යොදා තිබූ සටහන දක්නට ලැබුණේය.

    LinkArchived Link

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “බුදුහාමුදුරුවෝ හිටියත් මේපාර චන්දේ දෙන්නේ මාලිමාවට මයෙ පුතා” ලෙස කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ නොකළ බවයි.  එසේම “තිරිසන් ඉරාජ් වඳ වේවා තෝ ළමයෙක් හැදුවත් ලෝකෙට බරක්” යනුවෙන් රවී සිරිවර්ධන මහතා නොයෙදු සටහනක් ඔහුගේ ෆේස්බුක් පිටුව  ලෙස ව්‍යාජව සංස්කරණය කර ඉදිරිපත් කර ඇති බවයි.

    එනිසා “බුදුහාමුදුරුවෝ හිටියත් මේපාර චන්දේ දෙන්නේ මාලිමාවට මයෙ පුතා” යනුවෙන් කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ අළලා සහ “තිරිසන් ඉරාජ් වඳ වේවා තෝ ළමයෙක් හැදුවත් ලෝකෙට බරක්” යනුවෙන් ” රවී සිරිවර්ධන මහතා  අළලා Yasith Dilshan ෆේස්බුක් ගිණුම විසින් ඉදිරිපත් කර ඇති සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍යය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ සහ රවී සිරිවර්ධන මහතා අලලා සිදුවූ සාවද්‍ය ප්‍රකාශ !

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.