Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මනුෂ නානායක්කාර අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශයක්!

    2020-08-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මහ මැතිවරණය දිනය ආසන්නයේ දේශපාලන පක්ෂ අපේක්ෂකයන් අළලා සටහන් සමාජ මාධ්‍ය ජාලය තුළ දැකීමට හැකිවිය. Nimali Nimali නැමැති ෆේස්බුක් පිටුවක, සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක මනුෂ නානයක්කාර සහ යෞවනියකගේ ඡායාරූප අන්තර්ගත කර “මනුෂ නානායක්කාර රියදුරු සමඟ ප

    මහ මැතිවරණය දිනය ආසන්නයේ දේශපාලන පක්ෂ අපේක්ෂකයන් අළලා සටහන් සමාජ මාධ්‍ය ජාලය තුළ දැකීමට හැකිවිය. Nimali Nimali නැමැති ෆේස්බුක් පිටුවක, සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක මනුෂ නානයක්කාර සහ යෞවනියකගේ ඡායාරූප අන්තර්ගත කර “මනුෂ නානායක්කාර රියදුරු සමඟ පස්දෙනෙකු විසින් දැරියක් සමුහ දුෂනයට”  තේමාවෙන් පහත දක්වා ඇති කථාංගය සහිතව සටහන් දෙකක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය.

    “දැරියක් සමූහ දූශනයට චින්තාමනිය වත්තේ පදින්චි 17 හැවිරිදි දැරියක් සමූහ දූශනයට ලක්කර ඇත.පසුගිය දිනවල පාර්ලිමෙන්තු අපේක්ශක මනූශ නානායක්කාර මහතා හට සහය දැක්වීමට පැමිනි ඇය ඔහුගේ නිවසේ දුරකතන ක්‍රියාකාරිනියක් ලෙස සේවය කර ඇත.ඊයේ රාත්‍රියේදී මනුශ මහතා උනවටුනේ පිහිටි නවාතැන් පලකට රැගෙන ගොස් ඇත.එහිදී ඔහු ඇයව විවාහ කරගන්නා බවට පොරොන්දු වී ඇය අපයෝජනය කර ඇත…” යනාදී වශයෙන් දීර්ඝ විස්තරයක් සහිත සටහනක් දක්ගනන්ට ලැබුණි.

    LinkArchived LinkLinkArchived Link

    ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සංසරණය වෙමින් පැවති මෙම සටහන් වලට හිමි වූ ප්‍රතිචාර බොහොමයක් ම මෙය අසත්‍ය සටහනක් බවත්, මෙහි ඇති යෞවනියගේ ඡායාරූපය ව්‍යාජ බවත් පවසා තිබු බැවින්, මෙම සටහන් පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිලිබඳ කිසිඳු පුවතක් මාධ්‍ය හරහා පසුගිය කාල සීමාවේදී වාර්තා වී නොතිබූ බැවින් Nimali Nimali නැමැති ෆේස්බුක් පිටුවේ ඉදිරිපත්ව තිබූ සටහන් පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස, අප ගාල්ල පොලිසියේ ස්ථානාධිපති තුමා සමග දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. අප හා සම්බන්ධ වූ මූලස්ථාන පොලිස් පරීක්ෂක තුමා පැවසුවේ එවැනි පැමිණිල්ලක් පොලිසිය වෙත ලැබී නොමැති බවය.

    මෙම ෆේස්බුක් සටහනේ ඉදිරිපත්ව තිබූ යෞවනියගේ සේයාරුව අප google reverse image සෙවීමකට යොමු කළෙමු. 2016 වසරේ සිට මෙම යෞවනියගේ ඡායාරූපය ට්විටර්, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලයන්හි සංසරණය වී තිබෙණු නිරීක්ෂණය විය.

    LinkArchived LinkLinkArchived Link

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ  සමාජ මාධ්‍ය ජාලය සංසරණය වන යෞවනියකගේ සේයාරුවක් අන්තර්ගත කර සමගි ජන බලවේගය ගාල්ල දිස්ත්‍රික්ක අපේක්ෂක මනුෂ නානයක්කාර මහතා විසින් මෙවර මැතිවරණ සමයේදී තරුණියක් අපයෝජනයට ලක් කිරීමක් පිලිබඳ ඉදිරිපත් කළ සටහන ව්‍යාජ සටහනක් බවයි. 

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:මනුෂ නානායක්කාර අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශයක්!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.