Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ප්‍රවීණ ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර මහතා මිය ගොස් බවට පළවූ අසත්‍ය සටහන් පෙළක්!

    2020-08-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ප්‍රවීණ  ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී ඇති බවත් ඔහුට නිර්වාණ සුවය ලැබේවායි පතමින් පළවූ වාර්තා බොහොමයක් ෆේස්බුක් පිටු සහ පුද්ගලික ගිණුම් ඔස්සේ අගෝස්තු 21 සහ 22 වන දිනවල දක්නට ලැබිණ. “ප්‍රවීණ ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර සංගීතවේදිය

    ප්‍රවීණ  ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී ඇති බවත් ඔහුට නිර්වාණ සුවය ලැබේවායි පතමින් පළවූ වාර්තා බොහොමයක් ෆේස්බුක් පිටු සහ පුද්ගලික ගිණුම් ඔස්සේ අගෝස්තු 21 සහ 22 වන දිනවල දක්නට ලැබිණ.

    “ප්‍රවීණ ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර සංගීතවේදියාණී..ඔබට නිවන් සුව ලැබේවා..!! 😥😥“. යනුවෙන්  සමාජ මාධ්‍ය තුල හුවමාරුවෙමින් පවතින සටහනක්  පහතින්

    Facebook Link Archived Link

    සමාජ මාධ්‍ය තුල හුවමාරුවෙමින් පවතින තවත් සටහනක් පහතින්.

    Facebook Link Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

    පලවන පුවත සම්බන්ධයෙන් අපි Google News හරහා සිංහල සහ ඉංග්‍රීසි බසින් නිරීක්ෂණය කළෙමු. එහිදී එම පුවත සම්බන්දයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිදු පුවතක් වාර්තාකර නොතිබුණු බව පැහැදිලිවිය.

    Google News Search

    ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර මහතාගේ පුත් යසස් මැදගෙදර තම පියාගේ වීඩියෝ පටයක් නිකුත් කරමින් ඔහු සුවෙන් සිටින බව දක්වා තිබුණා.

    “අද දින 2020 අගෝස්තු 21 දින මාගේ පියාණන් ගැන වූ අසත්‍ය තොරතුරක් සමාජ ගත වෙමින් පවතින අතර ඔහු නීරෝගී සුවෙන් සිටින බවට දැන්වීමට කැමැත්තෙමි.” යන තේමාව යටතේ එසේ පළවූ වීඩියෝව පහතින්

    https://www.facebook.com/yasasm/videos/10158817043603343/

    සෝමසිරි මැදගෙදර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ මෙම අසත්‍ය පුවත අසා තමාගේ දූ දරුවන් සහ ඥාතීන් කලබලයට පත්වූ බවත්, තමා මානසිකව අපහසුතාවයට පත්වූ බවත්ය. එබැවින් ඔහු තම රසිකයින්ගේ කාරුණිකව ඉල්ලා සිටියේ මෙවැනි අසත්‍ය තොරතුරු පල නොකරන ලෙසයි

    තවද, ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර සිටින්නේ ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර මහතා මියගිය බවට සම්පූර්ණ අසත්‍ය පුවතක් බවත් එතුමා නීරෝගි සුවයෙන් පසුවන බවත්ය.

    Facebook Link Archived Link

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “ප්‍රවීණ ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර සංගීතවේදියාණී..ඔබට නිවන් සුව ලැබේවා ” යනුවෙන් සමාජ මාධ්ය තුල හුවමාරු වන සටහන් අසත්‍ය බවයි.  එබැවින් ප්‍රවීණ  ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර මහතා මිය ගොස්  ඇති බවට පලවන වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍යයි. ඔහු මේවන විට නීරෝගී සුවෙන් සිටියි

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.