Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඇමෙරිකාවේ දුම්රිය මාර්ගයක පැරණි ඡායාරුපයක් යොදා ගනිමින් සිදුකරන ලද සාවද්‍ය ප්‍රකාශයක්!

    2020-04-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලෝකයේ අනෙක් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද කොරෝනා රෝග ව්‍යාප්තිය ක්‍රමයෙන් සිදුවීමත් සමග රජය විසින් පසුගිය මාර්තු මස 20 වැනිදා ඇඳිරි නීති තත්ත්වයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදී. ඒ හා සමගම අත්‍යවශ්‍ය සේවා කිහිපයක් හැර සෑම සේවාවක්ම පාහේ නවතා දමන ලදී දුම්රිය

    ලෝකයේ අනෙක් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද කොරෝනා රෝග ව්‍යාප්තිය ක්‍රමයෙන් සිදුවීමත් සමග රජය විසින් පසුගිය මාර්තු මස 20 වැනිදා ඇඳිරි නීති තත්ත්වයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදී. ඒ හා සමගම අත්‍යවශ්‍ය සේවා කිහිපයක් හැර සෑම සේවාවක්ම පාහේ නවතා දමන ලදී දුම්රිය සේවය ද එබඳු එක් සේවාවක් වන අතර පසුගිය සති කිහිපය තුළ දුම්රිය ගමනාගමනයක් සිදුවූයේ නැත

    කැළණිවැලි දුම්රිය මාර්ගයේ ද පසුගිය සති කිහිපයේ ම දුම්රිය ධාවනයක් සිදු වූයේ නැති අතර මෙබඳු සටහනක් විශාල පිරිසක් අතර හුවමාරුවන දක්නට ලැබුණි. එහි ප්‍රකාශ කර තිබුණේ “කැළණි වැලි දුම්රිය මාර්ගයේ වනාතමුල්ල,කොටාරෝඩ් සහ නාරාහේන්පිට අතර ගොල්ෆ් පිටිය මැදින් දිවෙන රේල් පාර අද දින දිස් වුන අයුරු”යනුවෙනි 

    LinkArchived Link

    බැලූ බැල්මටම මෙය උපහාසාත්මක කෝණයකින් නිර්මාණය කරන ලද සටහනක් ලෙස පෙනී ගිය ද මෙයට ලබා දී ඇති ප්‍රතිචාර නිරීක්ෂණය කිරීමේ දී සහ ඉතා විශාල පිරිසක් අතර පැය 24 ක ටත් අඩු කාලයක් අතර හුවමාරු වීම හේතුකොටගෙන සහ බොහෝ පිරිස් මෙය සාවද්‍ය ලෙස ප්‍රකාශ කර තිබූ බැවින් කරුණු විමර්ශනයක් සිදුකිරීමට අදහස් කළෙමු.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සටහන සඳහා ලැබී ඇති ප්‍රතිචාර පරික්ෂා කිරීමේදී බොහොමයක් දෙනා මෙය උපහාසාත්මක කෝණයකින් නිර්මාණය කරන ලද සාවද්‍ය සටහනක් බව හඳුනාගෙන තිබුණ අතර ඇත්ත වශයෙන්ම එදින කුමන ප්‍රදේශයක ලබාගත් ඡායාරූපයක් ද නැත්නම් සංස්කරණය කරන ලද ඡායාරූපයක් ද යනුවෙන් ද විමසා තිබෙන ද අපට දැක ගන්නට ලැබුණා.

    එබැවින් මේ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනය කිරීම සඳහා අපි සරල google reverse image සෙවුමක් භාවිතා කරමින් කරුණු විමර්ශනය කිරීමේදී එම ඡායාරූපයට අදාල පළ කිරීම් රැසක් පහත පරිදි දැකගන්නට හැකි විය.

    එම පිලිබඳ කිරීම් පරික්ෂා කිරීමේදී අපට පෙනී ගියේ මෙය ඇත්ත වශයෙන්ම මීට වසර ගණනාවකට පෙර ලබාගත් ඡායාරූප පළ කිරීම් එකතු (stock image) කිහිපයකට ද ඇතුළත් කරන ලද ඡායාරූපයක් බවයි.පහත දැක්වෙන්නේ Getty images සඳහා dszc යන පුද්ගලයා විසින් පළ කර තිබූ එම මුල් ඡායාරූපය තුල සටහනක්

    Getty ImagesiStock

    Bluebonnet wildflowers and old railroad track near Llano Texas (ටෙක්සාස් අසල පැරණි දුම්රිය මාර්ගයක බ්ලූබොනෙට් වන මල්) යන විස්තර සහිත ව එම ඡායාරූපය පලකර තිබෙනවා අපට දක්නට ලැබුණු බැවින් මෙය ඇමරිකාවේ එක්සත් ප්‍රදේශයේ දුම්රිය මාර්ගයක ලබාගත් ඡායාරූපයක් බව ගියා.

    ගූගල් හරහා සරල විමර්ශනයක් සිදු කිරීමේදී Texas ප්‍රදේශයේ පැරණි දුම්රිය මාර්ග ආශ්‍රිතව මෙවැනි දර්ශන ඉතා සුලබ බව ද අපට පෙනී ගියා

    කැළණිවැලි දුම්රිය මාර්ගයේ නාරහෙන්පිටිය සිට බොරැල්ල දක්වා ප්‍රදේශය ගොල්ෆ් පිටියක් මැදින් ගමන් ගන්නා ඡායාරූපයේ පෙනෙන  වන මල් දක්නට නොලැබුණද ඇත්ත වශයෙන්ම සුන්දර දර්ශනයකි

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රදේශයේ පැරණි දුම්රිය මාර්ගයක බ්ලූබොනෙට් වන මල් සහිත මෙම දර්ශනය මීට වසර ගණනාවකට පෙර සිට ම විවිධ ඡායාරූප එකතු (stock images) සඳහා යොදාගෙන ඇති ඡායාරූපයක් බවයි.එබැවින් “කැළණි වැලි දුම්රිය මාර්ගයේ වනාතමුල්ල,කොටාරෝඩ් සහ නාරාහේන්පිට අතර ගොල්ෆ් පිටිය මැදින් දිවෙන රේල් පාර අද දින දිස් වුන අයුරු” යන තේමාව යටතේ පළ වී ඇති සටහන සම්පූර්ණයෙන්ම නොමඟ යවන සුළු උපහාසාත්මක කෝණයකින් කරන ලද සාවද්‍ය සටහනක් බව පෙනී යයි

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-04-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.