Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අමාත්‍ය නාමල් සහ ලිමිනි රාජපක්ෂගේ අලුත උපන් පුතාගේ යැයි පළවන ඡායාරූප සියල්ලක්ම නිවැරදි ද ?

    2020-09-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ වැඩිමහල් පුතු වන අමාත්‍ය  නාමල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ලිමිනි වීරසිංහගේ අලුත් පවුලට පුතෙකු එකතු වී ඇති බව මාධ්‍ය, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතින අතර බොහෝ පිරිස් ඔවුන් දෙපලට සහ අලුත

    අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ වැඩිමහල් පුතු වන අමාත්‍ය  නාමල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ලිමිනි වීරසිංහගේ අලුත් පවුලට පුතෙකු එකතු වී ඇති බව මාධ්‍ය, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතින අතර බොහෝ පිරිස් ඔවුන් දෙපලට සහ අලුත උපන් පුතනුවන්ට සුබ පැතුම් එක්කරමින් සිටි. මෙලෙස පුංචි පුතෙකු තම පවුල වෙත එකතු වී ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ තම නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් තහවරු කර තිබිණ. අලුත උපන් දරුවාගේ ඡායාරූප කිහිපයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පවතී.

    පසුගිය වසරේද රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ටට්යානා ගේ පවුලට අලුතෙන් එක් වූ දරුවාගේ යැයි කියා වෙබ් අඩවි සහ  සමාජ මාධ්‍ය හරහා වැරදි ඡායාරූප කිහිපයක් පලවිය. අප විසින් එම සටහන් සම්බන්ධයෙන් විමර්ශනයක් ද මෙසේ සිදුකරන ලදී. 

    “Congratulations!!! #NR #Fatherhood විවාහ සංවත්සරයට මිනිසෙකුට ලැබෙන අපුරු වටිනාම තෑග්ග…පලමු විවාහ සංවත්සර දිනයේම පුත් කුමරෙක් ලැබී පිය පදවියෙන් පිදුම් ලැබූ අපේ ආදරණීය තරුණ නායක ක්‍රීඩා හා යෞවන කටයුතු කැබිනට් අමාත්‍ය නිතීඥ නාමල් රාජපක්ෂ මැතිතුමනි ඔබටත් මව් පදවියට පත් ලිමිනි රාජපක්ෂ මැතිණියටත් මගේ උණුසුම් සුභ පැතුම් පිරිනමමි” යනුවෙන් සමාජ මාධ්‍ය තුල හුවමාරුවෙමින් පවතින සටහනක් පහතින්.

    Facebook LinkArchived Link

    සමාජ මාධ්‍ය තුල අලුත උපන් පුතාගේ ඡායාරූප මෙන් හුවමාරුවෙමින් පවතින සටහනක් පහතින්.

    Facebook LinkArchived Link

    ට්විටර් අවකාශයේ හුවමාරු වන සටහනක් පහතින්.

    Twitter LinkArchived Link

    වෙබ් අඩවි කිහිපයක් සහ මෙසේ අලුත උපන් පුතාගේ ඡායාරුප පෙළක් ඇතුලත් වීඩියෝ ද පළකර තිබිණ.

    Web LinkArchived LinkVideo

    අප අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ නිල ටිව්ටර් සහ ෆේස්බුක් ගිණුම් තවදුරටත් පරික්ෂා කල අතර මේ දක්වා අලුත උපන් පුතාගේ ඡායාරූප පල කර නොතිබිණ. එබැවින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන  මෙම ඡායාරූප සම්බන්දයෙන්ද විමර්ශනයක් සිදුකිරීමට අප තීරණය කළෙමු.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    පලවන පුවත සම්බන්දයෙන් අපි Google News හරහා සිංහල සහ ඉංග්‍රීසි බසින් නිරීක්ෂණය කළෙමු. එහිදී එම පුවත සම්බන්දයෙන් මේ වන විට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක් ඡායාරුප වාර්තාකර තිබුණු බවක් දක්නට නොලැබුණි.

    ගූගල් රිවර්ස් ඉමේජ් (Google Reverse Image) සෙවුම හරහා අප අලුත උපන් පුතාගේ ඡායාරූප මෙන් හුවමාරුවෙමින් පවතින ඡායරූප නිරීක්ශණය කළ අතර, එහිදී ද එම ඡායරූප බොහෝ සෙයින් අලුත උපත් දරුවා ලෙස පෙන්වා දී තිබුනද එහි සැබෑ තොරතුරු සොයාගැනීමට හැකි වුනි.  

    එම  ඡායාරූපය රෝහිත රාජපක්ෂගේ නිල ට්විටර් ගිණුමෙහි 2020 අප්‍රේල් මස 9 වැනිදා පලකරන ලද ඡායාරූපයක් බව දැකගනන්ට ලැබුණා.  නාමල් සහ ලිමිනි සමග එහි සිටිනුයේ රෝහිත රාජපක්ෂගේ කුඩා නිර්වාන් පුතණුවන්ය.

    “ Happy birthday ලොකු තාත්තී! @RajapaksaNamal , Love, Baby Nirvaan” යනුවෙන්  නාමල් රාජපක්ෂගේ උපන්දිනය වෙනුවෙන් රෝහිත රාජපක්ෂගේ පුත් නිර්වන් සුබ පැතුම් එකතු කල බව රෝහිත රාජපක්ෂ සඳහන් කර තිබුණි

    Twitter LinkArchived Link

    සමාජ මාධ්‍ය තුල පළවූ අනෙකුත් ඡායරූපය ද  ගූගල් රිවර්ස් ඉමේජ් (Google Reverse Image) සෙවුම හරහා නිරීක්ශණය කළ අතර, එම ඡායාරූපය 2019 වසරේ රෝහිත රාජපක්ෂගේ පුතු උපත ලැබූ දින හෝ ඊට අසන්න දිනයකදී ලබාගත් ඡායරූපයක් බවත් පෙනී ගියා

    Twitter LinkArchived Link

    අප අමාත්‍ය නමල් රාජපක්ෂ මහතාගේ නිල ටිව්ටර් සහ ෆේස්බුක් ගිණුම් පරික්ෂා කල අතර මේ දක්වා අලුත උපන් පුතාගේ ඡායාරූප පල කර නොතිබිණ.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ අමාත්‍ය නාමල් රාජපක්ෂ  සහ ඔහුගේ බිරිඳ වන ලිමිනි වීරසිංහගේ පවුලට අලුතෙන් එක් වූ දරුවාගේ යැයි කියා වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය හරහා පළවන ඡායාරූප අතරින් ඡායාරූපය කිහිපයක්ම එම අලුත උපන් පුතාගේ නොවන බවය. එම ඡායාරූපයන්හි  සිටින්නේ රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ටට්යානා ගේ පුතනුවන් වේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-09-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.