Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ලාල් කාන්ත මහතා අලලා සිදුකල සාවද්‍ය ප්‍රකාශයක්!

    2020-08-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පසුගිය දා සිදුකල විශේෂ යුද ගිලන් රථ නිර්මාණයක් පිලිබඳ පුවත් රැසක් වාර්තා වී තිබු අතර එක්සත් ජාතීන්ගේ සාම සාධක ක්‍රියාන්විතයන් සඳහා යොදාගැනීම වෙනුවෙන් මෙරටදී එම නිෂ්පාදන කටයුතු අවසන් කර තිබු බව වාර්තා වී තිබුණි. මෙවැනි අඩු පිරි

    ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පසුගිය දා සිදුකල විශේෂ යුද ගිලන් රථ නිර්මාණයක් පිලිබඳ පුවත් රැසක් වාර්තා වී තිබු අතර එක්සත් ජාතීන්ගේ සාම සාධක ක්‍රියාන්විතයන් සඳහා යොදාගැනීම වෙනුවෙන් මෙරටදී එම නිෂ්පාදන කටයුතු අවසන් කර තිබු බව වාර්තා වී තිබුණි. මෙවැනි අඩු පිරිවැයකින් සිදුකළ නිර්මාණ සම්බන්ධයෙන්, ලොව ඕනෑම රාජ්‍යයකින් ලැබෙන ඇණවුමක් භාරගැනීමට සූදානම් බවද වාර්තා වී තිබු අතර මෙම පුවත් අලලා හමුදාවේ මෙවැනි නිර්මාණ අගයමින් සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. 

    එවැනි පසුබිමක Yasith Dilshan නමැති ෆෙස්බුල් ගිනුමක “පිටරටින් චැසියයි ඉතුරු කෑලි ටිකයි ඔක්කොම ගෙන්නලා මෙහෙ එකලස් කරා, අපේ හමුදාවෙන්ම වාහන හදනවා කියලා පම්පෝරි ගහනවා😡” යන තේමාව යටතේ ජාතික ජන බලවේගයේ ලාල් කාන්ත මහතා විසින් මාධ්‍ය වෙත අදහස් දැක්වූ බව පෙන්වන සටහනක් පහත පරිදි හුවමාරු කරගෙනේ තිබුණි.

    LinkArchived Link

    මෙය තවත් ෆේස්බුක් පිටු සහ සමුහ කිහිපයක් ම පහත ලෙස හුවමාරු කරගෙන ද තිබුණි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙවැනි ප්‍රකාශයක් ලාල් කාන්ත මහතා විසින් සිදුකලේ ද යන්න විමසීම සඳහා ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කිරීමේදී ඔහුගේ නිල ෆෙස්බුල් පිටුවේ පලවී තිබු පහත සටහන දැක ගන්නට හැකි විය. එහි දක්වා තිබුනේ “මා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර නැති අතර මෙය බංකොලොත් කල්ලියක් විසින් සකස්කරනලද ව්‍යාජ පොස්ටුවකි” යනුවෙනි.

    එහි තවදුරටත් සටහන් කර තිබුනේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් හමුවේ පසුගිය ජුලි මස 1 වැනිදා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරන ලද අවස්ථාවේ දර්ශන උපයෝගී කරගෙන මෙම ව්‍යාජ නිර්මාණය සිදුකර ඇති බවද පෙන්වා දී තිබුණි. එම සටහන පහතින්.

    LinkArchived Link

    මෙවැනි ප්‍රකාශයක් ඔහු විසින් සිදුකර ඇත්දැයි පරීක්ෂා කිරීමට ඔහුගේ ෆේස්බුක් පිටුව පරීක්ෂා කිරීමේදී පසුගිය ජුලි මස 1 වැනිදා “ආණ්ඩුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ප්‍රහාරයක්…” යන තේමාව යටතේ පළවූ පහත වීඩියෝව දක්ගනන්ට ලැබුණි. එහි දක්වා තිබුනේ “මේ ආණ්ඩුව විශ්‍රාම වැටුප කප්පාදු කරලා රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ප්‍රහාරයක් එල්ල කරලා තිබෙන්නේ..
    (මහනුවර කණ්ඩායම් නායක ලාල්කාන්ත සහෝදරයා) ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කරයි” යනුවෙනි.

    https://www.facebook.com/623098684394929/videos/739896270155263/?__cft__[0]=AZVwlWbh2T55Qn2itidJptKchsO1X7Ak1TkDJ1KCStLAswypl5Mp-6sO_ut6BwfePu6Gyb1rYQfZ_Fvu2F-sRcIYRTQ3bbJlALTIe6MIBl1AmzATOvnM8Nk03VULTeX4QEcbtrDbZs-sdj–gUSZfUSbRkmYZllVedSUuwrsmKC3QQ

    එම වීඩියෝවේ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන දර්ශන ම බවද තහවුරු විය. එම සංසන්දනයක් පහතින්.

    මේ අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසි විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කල අවස්ථාවේදී සිදුකල ප්‍රකාශයක දර්ශන පෙළක් සංස්කරණ කරමින් ඉහත ප්‍රකාශය සිදුකර ඇති නව පෙනී යනවා.

    කෙසේ වෙතත් මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ නිශ්පාදිත බෆල් රථ 500ක් ඇමරිකානු හමුදාවට ලබා දීමට සියල්ල සූදානම් යනුවෙන් ෆේස්බුක් සටහනක් පෙළක් හුවමාරු වූ අතර එතෙක් මෙරට නිෂ්පාදිත රථ ඇමරිකාවට අපනයන කිරීමේ සැලසුමක් හෝ ඇනවුමක් ද ලැබී නැති අතර එහි චැසිය ඉන්දියාවේ නිෂ්පාදනය වන බව අප පෙන්වා දුන්නේ මෙලෙසින්

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ලාල් කාන්ත මහතා ඇතුළු පිරිසක් ජ්‍යෙෂ්ඨ පුරවැසි විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ජුලි මස 01 වැනිදා යොමුකළ අවස්ථාවේ ලබාගත් වීඩියෝ දර්ශන සංස්කරණ කරමින් “පිටරටින් චැසියයි ඉතුරු කෑලි ටිකයි ඔක්කොම ගෙන්නලා මෙහෙ එකලස් කරා, අපේ හමුදාවෙන්ම වාහන හදනවා කියලා පම්පෝරි ගහනවා😡” යනුවෙන් ඔහු ප්‍රකාශ කල බවට සාවද්‍ය සටහන් නිර්මාණය කර ඇති බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.