Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ලාල් කාන්ත මහතා විසින් සිදුකලා යැයි පැවසෙන සාවද්‍ය ප්‍රකාශයක්!

    2020-06-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොරෝනා වසංගතය හේතුවෙන් එය මැඩ පැවැත්වීමට රජය විසින් පත් කල කාර්ය සාධක බලකාය විසින් සුවිශේෂී කාර්ය භාරයක් ඉ‍ටු කරන ලදී .එම කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් වර්තමාන යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් කොරෝනා මර්ධන ක්‍රියාවලිය සඳහා විශාල දායකත්වයක්

    කොරෝනා වසංගතය හේතුවෙන් එය මැඩ පැවැත්වීමට රජය විසින් පත් කල කාර්ය සාධක බලකාය විසින් සුවිශේෂී කාර්ය භාරයක් ඉ‍ටු කරන ලදී .එම කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් වර්තමාන යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් කොරෝනා මර්ධන ක්‍රියාවලිය සඳහා විශාල දායකත්වයක් ලබාදෙයි.

    කොරෝනා මර්ධනය වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් විවිධ විවේචන ඇතිවුවත් එම කටයුතු මෙහෙයවූ ශවේන්ද්‍ර සිල්වා , අනිල් ජාසිංහ වැනි රජයේ නිලතල දැරූ අයට ඇතිවූ විවේචන අවම මට්ටමේ පැවතිනි. එවන් පසුබිමක් තුල ලාල් කාන්ත මහතා  ශවේන්ද්‍ර සිල්වා මහතා පිලිබඳව කලා විවේචනාත්මක  ප්‍රකාශයක් සිදුකළ බවට පළවී තිබු සටහනක් වෙත අපගේ අවදානය යොමු වුනා. “ඩොලර් කාක්කා-AKD” නමින් සඳහන් ෆේස්බුක් පේජයක් විසින් පලකර ඇති එම සටහනින් කියවුනේ “ශවේන්ද්‍ර කියන්නේ පඩ ශෝ කාරයෙක්.සැබෑ විරුවා රාජපක්ශල වැලිකඩ යැව්වා.” යනුවෙන්.

    Original LinkArchived Link

    මීට දින කිහිපයකට පෙරද ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා අලලා මෙවැනිම ප්‍රකාශයක් පලවී තිබු අතර එය පුවත්පතක සංස්කරණයක් බව අපගේ අනාවරණයෙන් පැහැදිලි වුයේ මෙසේය. එබැවින් ලාල් කාන්ත මහතා සම්බන්ධ සටහන පිළිබඳවද විමර්ශනයක් සිදුකිරීමට අපගේ අවධාන යොමුවිය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම පුවතට අදාල සත්‍ය අසත්‍යතාව විමසීමට අප ලාල් කාන්ත මහතාව සම්බන්ධ කර ගත්තා.ඔහු මෙහිදී පැහැදිලිවම ප්‍රකාශ කර සිටියේ මෙහි පලවන පුවත සම්පූර්නයෙන්ම අසත්‍ය බවයි. ඔහු එවැනි ප්‍රකාශයක් කිසිවිටෙකත් සිදු කර නොමැති බවට මෙහිදී ලාල් කාන්ත මහතා අවධාරණය කලා.

    මෙම ව්‍යාජ සංස්කරණය පිළිබඳව ඔහුගේ මුහුනු පොතේ නිල පි‍ටුව වෙත සටහනක් එක් කර තිබෙනුද දැකගන්නට ලැබුණා. 

    “මෙය ව්‍යාජ ප්‍රවෘත්තියකි… බංකොලොත් කණ්ඩායම් විසින් මා සහ අප පක්ෂය සම්බන්ධ කරමින් සිදු කරමින් තිබෙන මෙවැනි බොරු, මඩ සහ අවලාදවලට නොරැවටෙන ලෙස සියලුම ජනතාව වෙත දන්වා සිටිමි…” යනුවෙන් වදන් කර තිබු එම සටහන පහතින්.

    LinkArchived Link

    වැඩිදුරටත් මෙම පුවත සහිත පුවත්පතක යැයි උපුටා දක්වා ඇති කොටස පිලිබඳ විමසිල්ලෙන් බැලුවොත් වචන භාවිතා කිරීමේ වැරදි කිහිපයක් අපට දැකගත හැකියි . මෙම ප්‍රකාශයේ “රාජපක්ෂල” වෙනුවට “රාජපක්ෂලා” ලෙසද “යැව්ව”  යන්න “යැව්වා” ලෙසින් නිවැරදි විය යුතුයි. බොහෝ විටෙක පිලිගත් මාධ්‍ය ආයතනයක මෙලෙස පුවත් ශීර්ෂයක් වැරදි ලෙස පලවන්නේ ඉතා අවම වශයෙන්.

    එබැවින් ලාල් කාන්ත මහතාගේ මෙම ඡායාරුපය ඇතුළත් කිසියම් පුවත්පත් සටහනකින් අනුසාරයෙන් මෙය සංස්කරණය කළේද යන්න පිළිබඳව විමර්ශණය කිරීම සඳහා පසුගිය පුවත්පත් පළකිරීම් පරීක්ෂා කිරීමේදී එවැනි පළකිරීමක් දැකගන්නට ලැබුණි. 2020 ජනවාරි මස 05 වැනි දින පළවූ මව්බිම පුවත්පතේ 18 වැනි පිටුවේ ලාල් කාන්ත මහතා සමඟ යෙදුනු සංවාදයක් පළවී තිබුනේ “ශක්තිමත් විපක්ෂයක් හදන්න ජවිපෙට ඡන්දය දෙන්න” යන සිරස්තලයෙනි.

    Link

    එබැවින් මෙම සාවද්‍ය ප්‍රකාශය මව්බිම පුවත්පත් සටහන යොදාගනිමින් සංස්කරණය කල බව පැහැදිලිය. එම සංසන්දනය පහතින්.

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු හා සලකා බලන කල අපට පෙනී යන්නේ “ඩොලර් කාක්කා-AKD” නම් ෆේස්බුක් පි‍ටුව මගින් පල කර ඇති “ශවේන්ද්‍ර කියන්නෙ පඩ ශෝ කාරයෙක්, සැබෑ විරුවා රාජපක්ශල වැලිකඩ යැව්ව” පාටය සහිත පුවත ජනවාරි මාසයේ මව්බිම පුවත්පතක ලිපියක් ව්‍යාජ ලෙස සංස්කරණය  කරමින් පළකර ඇති බවයි. 

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ලාල් කාන්ත මහතා විසින් සිදුකලා යැයි පැවසෙන සාවද්‍ය ප්‍රකාශයක්!

    Fact Check By: Sahan Perara 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-06-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.