Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    නිපුණ රණවක මහතා අලලා උපහාසාත්මක කෝණයකින් පළවූ සාවද්‍ය ප්‍රකාශයක්

    2020-08-18
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මාතර දිස්ත්‍රික්කයට තරඟ වැදුණු නවක තරුණයකු වන නිපුන රණවක මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප සංඛ්‍යාව ලබා ගෙන මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්විය. “මාතර තරුණ තරුණියන්ට විනෝදවීමට රාත්‍රී සමාජ ශාලා

    පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මාතර දිස්ත්‍රික්කයට තරඟ වැදුණු නවක තරුණයකු වන නිපුන රණවක මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප සංඛ්‍යාව ලබා ගෙන මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්විය.

    “මාතර තරුණ තරුණියන්ට විනෝදවීමට රාත්‍රී සමාජ ශාලාවක් නොමැති වීම විශාල අඩුවක්. මාගේ ප්‍රථම රාජකාරිය ලෙස රාත්‍රී සමාජ ශාලා තුනක් මාතර දෙවිනුවර හා දෙනියායේ ඇති කරනවා.” යන වදන රෝපණය කර, නිපුන රණවකගේ බෙ සේයාරුවක් සහිත සටහනක් Ranjit Weerakoon නමැත්තකු විසින් “උදා ඉරක්සේ රටටමයි සජිත්” නම්වු ෆේස්බුක් සමුහයක ඉදිරිපත් කර තිබෙණු දක්නට ලැබුණේය.

    LinkArchived Link

    ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වෙමින් තිබූ මෙම සටහනට හිමිවූ ප්‍රතිචාර රැසක්  උපහාසාත්මක ප්‍රතිචාර  නිසා, මෙම සටහන පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    Ranjit Weerakoon විසින් ඉදිරිපත් කර තිබූ සටහනේ කරුණු තහවුරු කර ගැනීම පිණිස අප නිපුණ රණවකගේ මාධ්‍ය අංශය සමඟ සම්බන්ධ වූයෙමු. අප හා සම්බන්ධ වූ මාධ්‍ය අංශයේ ප්‍රධානියා, නිපුන රණවක නවක මන්ත්‍රීතුමා මෙවැනි ප්‍රකාශයක්  නොකළ බවත්, මෙය සාවද්‍ය සටහනක් බව සඳහන් කළේය.  අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස නිපුන රණවකගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් යොදා ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

    අප නිපුන රණවකගේ ෆේස්බුක් පිටුව පරික්ෂා කළ විට, විශේෂ නිවේදනයක් ලෙස පහත ඇති සටහන දක්නට ලැබුණි.

    LinkArchived Link

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මාතර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට විනෝද වීම පිණිස රාත්‍රි සමාජ ශාලා තුනක් මාතර දෙවිනුවර සහ දෙනියායෙ විවෘත කරන බවට, නිපුන රණවක ප්‍රකාශ නොකළ බවයි

    එබැවින් “මාතර තරුණ තරුණියන්ට විනෝදවීමට රාත්‍රී සමාජ ශාලාවක් නොමැති වීම විශාල අඩුවක්. මාගේ ප්‍රථම රාජකාරිය ලෙස රාත්‍රී සමාජ ශාලා තුනක් මාතර දෙවිනුවර හා දෙනියායේ ඇති කරනවා.” යනුවෙන් නිපුන රණවක ප්‍රකාශයක් කළ බවට ෆේස්බුක් මාධ්‍ය ජාලයේ ඉදිරිපත්ව ඇති සියලුම සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-18

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.