Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ප්‍රවීණ ප්‍රහසන ශිල්පී බර්ටි ගුණතිලක මහතා මියගිය බවට සාවද්‍ය සටහන් පෙළක්!

    2020-06-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ප්‍රවීණ ප්‍රහසන ශිල්පී බර්ටි ගුණතිලක මහතා ලාංකික සමාජයේ ගෞරවය සහ ආදරය දිනා ගත් කළාකරුවෙකි.  දිවියේ සැඳැ සමය ගත කරන ඔහු දිවියෙන් සමුගත් බවට, “රූපවාහිනී විනෝද සමයෙන් අප පින වූ, ‘බර්ටි ගුණතිලක’ සොඳුරු කලාකරුවාණෙනි ඔබට නිවන් සුව” තේමාවෙන්, බර්ටි ගුණතිලකයන්ගේ

    ප්‍රවීණ ප්‍රහසන ශිල්පී බර්ටි ගුණතිලක මහතා ලාංකික සමාජයේ ගෞරවය සහ ආදරය දිනා ගත් කළාකරුවෙකි.  දිවියේ සැඳැ සමය ගත කරන ඔහු දිවියෙන් සමුගත් බවට, “රූපවාහිනී විනෝද සමයෙන් අප පින වූ, ‘බර්ටි ගුණතිලක’ සොඳුරු කලාකරුවාණෙනි ඔබට නිවන් සුව” තේමාවෙන්, බර්ටි ගුණතිලකයන්ගේ ඡායාරෑප සංකලනයක් සහිතව Live Show in Sri Lanka නමැති ෆෙස්බුක් පිටුවක, ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුනේය. ෆේස්බුක් පරිශීලනය කරන්නන් 300 කට අධික සංඛ්‍යාවක් අතර සංසරනයවු මෙම සටහනට, බර්ටි ගුණතිලකයන්ට නිවන් සුව පතමින් ප්‍රතිචාර රැසක් හිමිව තිබුණද, “මේක අමුලික බෝරුවක් මේව මේහේම දාන්න එපා හෝදට ඉන්න මිනිස්සු මරනවා පොස්ට් හදලා කරුනාකරලා ඇඩ්මන් වරු මේ නිව්ස් එක අයින් කරන්න මෝනවා ද මේ වැඩ”ලෙස ප්‍රතිචාරද දක්නට ලැබුණි. 

    LinkArchived Link

    මෙම ෆේස්බුක් පිටු රැසක ඉදිරිපත්වී තිබු මෙම ප්‍රකශය පිලිබඳ සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අවධානය යොමුවිය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    කීර්තිමත් කළාකරුවෙකුවු බර්ටි ගුණතිලකයන් අභාවප්‍රාප්ත වී ඇති බවට වාර්තා ඇත්දැයි අප සෑම ප්‍රධාන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් පරීක්ෂා කළත්, එවැනි වාර්තාවක් හමු නොවීම නිසා අප ඔහුගේ නිවසට දුරකථන ඇමතුමක් ගත්තෙමු. අප හා සම්බන්ධවු ඔහුගේ පුත් හර්ෂ ගුණතිලක මහතා පැවසුවේ තම පියාණන් විවේකී සුවයෙන් නිවසේ සිටින බවය. අපගේ කරුණු විමර්ශනයෙන් තහවුරු වුයේ බර්ටි ගුණතිලකයන් අභාවප්‍රාප්ත වී නොමැති බවය.

    වෙබ් මාධ්‍ය කිහිපයකම මෙන්ම බර්ටි ගුණතිලක කලාකරුවන්ගේ රසිකයින් රැසක්ම මෙම පුවත අසත්‍ය යැයි පළකිරන ලද සටහන් රැසක් අපට දැකගන්නට ලැබුණි. Link

    පසුගිය වසරේ සිය 95 වැනි ජන්ම දිනය සැමරූ බර්ටි ගුණතිලක මහතා පිලිබඳ සංවේදී සටහන් පෙළක්ම මීට පෙරද හුවමාරු වී තිබුණි. Link

    මීට පෙරද ජයලත් මනෝරත්න මහතා මෙලොවින් සමුගැනීමට පෙර කිහිප වතාවක්ම ඔහුගේ මරණය පිලිබඳ සටහන් සමාජ මාධ්‍ය හරහා පලවා තිබුනා

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ප්‍රවීණ ප්‍රහසන ශිල්පී බර්ටි ගුණතිලක මහතා මේ වන විට ජීවතුන් අතර සිටින බවයි. එබැවින් බර්ටි ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී ඇති බවට ඉදිරිපත් වන සියළුම ෆේස්බුක් සටහන් අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-06-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.