Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ලංකාවේ මාර්ග ලෙස උපහාසාත්මක කෝණයකින් පලකළ සාවද්‍ය සටහනක්!

    2020-05-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලංකාවේ පත්වූ විවිධ රජයන් යටතේ සිදුකළ මහා මාර්ග ව්‍යාපෘති වල ප්‍රමිතීන් සම්බන්ධව ඇතැම් අවස්ථා වල ගැටළු දැකගන්න පුලුවන්.අධික වැසි සහිත කාලයන්හිදී මහා මාර්ග අබලන්වී ඇති අයුරු පිලිබඳව වැඩි වශයෙන් කතා බහට ලක් වෙන අතර එවැනි අවස්ථා වල ඡායාරුප සහ මාධ්‍ය වාර්තා අප

    ලංකාවේ පත්වූ විවිධ රජයන් යටතේ සිදුකළ මහා මාර්ග ව්‍යාපෘති වල ප්‍රමිතීන් සම්බන්ධව ඇතැම් අවස්ථා වල ගැටළු දැකගන්න පුලුවන්.අධික වැසි සහිත කාලයන්හිදී මහා මාර්ග අබලන්වී ඇති අයුරු පිලිබඳව වැඩි වශයෙන් කතා බහට ලක් වෙන අතර එවැනි අවස්ථා වල ඡායාරුප සහ මාධ්‍ය වාර්තා අපට නිතර දකින්නට අසන්නට ලැබෙනවා.මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමඟම මෙවැනි සටහන් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. මේ තේමාව යටතේ මේ දිනවල මුහුනුපොතේ හුවමාරු වන  ඡායාරූප සටහනක් පිලිබඳව අපගේ අවධානය යොමු කලා.

    ෆේස්බුක් සාමාජ ජාලා වෙබ් අඩවියේ හුවමාරු වන මේ පුවතින් ඉතා දැඩි ලෙස අබලන් වූ කාපට් කරන ලද පාරක පින්තූරයක් දැක්වෙනවා.එහි සටහන් වෙන්නේ “ගිය ආන්ඩුවෙන් කල යෝද සංවර්ධනයෙන් බිදක්…කාපට් එක කෙසෙල් ගාලේ කියපන්කො” ලෙසයි.කැස්බෑවේ නිල් හදවත් යනුවෙන් ඇති ෆේස්බුක් පේජයක් විසින් මේ පුවත සමාජගත කර තිබු එම පුවත පහතින්.

    Original PostArchived Post FB LinkArchived

    මේ ඡායාරුපය අතුරින් එක් ඡායාරුපයක් යොදා ගනිමින් පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේද සටහන් පෙළක් හුවමාරු වී තිබු බව වැඩිදුර කරණු සොයා බැලීමේදී දැකගන්නට හැකි විය . “ගම් පෙරලියෙන්….කාපට් පෙරලියට….. “ යන තේමාව යටතේ පසුගිය ඔක්තෝබර් මස එම සටහන් හුවමාරු වී තිබු අතර ඒ පිලිබඳ AFP ආයතනය මඟින් අනවරනයක්ද එවකට සිදුවී තිබෙනු දක්නට ලැබුණා.

    එබැවින් මෙම ඡායාරුප දෙකම සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකිරීමට අදහස් කළෙමු.

    Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය)

    මේ පිලිබඳ කරුණු විමර්ශනය කිරීම සඳහා අප මුලින්ම ඡායාරූප දෙක වෙන වෙනම Google reverse image සෙවුමක් සඳහා යොමු කළෙමු පළමුව දකුණු පසින් ඇති ඡායාරූපය විමර්ශනය කිරීමේ දී මෙය අන්තර්ජාලයේ බොහෝ ලෙස භාවිතා වී ඒ පිළිබඳ විශේෂයෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් රැසක විමර්ශන ගණනාවක් සිදු වී ඇති බව පැහැදිලි වුණා.

    එහිදී නිරීක්ශනය වුයේ මෙම පුවතට අදාල පිංතූරය 2016 වසරේ ජූනි මස BD1news.com නම් බංගලාදේශ ට්විටර් අඩවියේ පල කර ඇති අතර Rifat Alam  නමැති බංග්ලාදේශ ජාතිකයකු විසින් මුලින්ම හුවමාරු කරගෙන තිබු බවයි. 

    මෙම මුල් ඡායාරූපයේ පෙනී සිටින ලමුන් අතරින් දෙදෙනෙකු බංග්ලාදේශ ක්‍රිකට් කන්ඩායමේ ජර්සිය පැලඳ සිටින බවද පෙනී ගියා.  එසේම steemkr.com නම් වෙබ් අඩවියක සටහන්ව තිබුනේ කූඨ කොන්ත්‍රාක්කරුවන් නිසා බංග්ලාදේශයේ මහාමාර්ග වල තත්වය ලෙස උදෘතයක් සමගයි. Link

    බන්ග්ලාදේශය යනු මහා මාර්ග වල තත්වය අතින් ගත් කල ලොව ප්‍රමිතිගත තත්වයේ නොපවතින ඉතා දුර්වල මහා මර්ග පද්ධතියක් ඇති රටවලින් එකකි.World Economy Forum හි 2017-2018 කාලයට අදාල වාර්ථාවකද  මහාමර්ග වල තත්වය අනුව බන්ග්ලාදේශයට හිමිව ඇත්තේ රටවල් 137 කින් 105 වන ස්ථාන්යයි.

    මේ අයුරින්ම වම්පස පලවී ඇති කෙසෙල් ගස් පඳුරක් සහිත මාර්ගයක කඩා යෑමේ දර්ශනය ඇතුළත් ඡායාරූපය reverse image සෙවුමක් ආධාරයෙන් පරීක්ෂා කිරීමේදී මීට පෙර අවස්ථා ගණනාවකදී එම ඡායාරූප යොදාගනිමින් විවිධ ආකාරයේ උපහාසාත්මක සටහන් පෙළක් ද ලොව විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබුණි

    මෙම ඡායාරූපය ම යොදාගනිමින් සිදුකල ඉන්දියාවේ සටහනක් පිළිබඳව Factcrescnedo Tamil ආයතනයෙන් දමිළ කණ්ඩායම විසින් පසුගිය ජනවාරි කරුණු විමර්ශනයක් සිදු කරන ලද අතර එහිදී එය මුලින්ම මැලේසියාවේදී යොදාගෙන තිබූ බවට දැනගන්නට ලැබුණි. එම කරුණු විමර්ශනය සහ ඡායාරූපය පහතින්.

    Facebook Link 1Facebook Link 2

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ තරුණ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ උපහාසාත්මක කෝණයකින් “ගිය ආන්ඩුවෙන් කල යෝද සංවර්ධනයෙන් බිදක්” යන තේමාව යටතේ පළ වී ඇති සටහන් සඳහා යොදාගෙන තිබෙන ඡායාරූප දෙකම ශ්‍රී ලංකාවේ ඡායාරූප නොවන බවයි

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ලංකාවේ මාර්ග ලෙස උපහාසාත්මක කෝණයකින් පලකළ සාවද්‍ය සටහනක්!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-05-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.