Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    පොලිතින්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදා හැර ඇති බව පෙන්වමින් සමාජ මාධ්‍ය තුල හුවමාරුවන වීඩියෝව ශ්‍රී ලංකාවේ දර්ශනයක්ද ?

    2020-01-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඉවත දමන පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම නිසා විශාල පරිසර හානියක් සිදුවේ. වතුර බෝතල් සහ පොලිතින් බෑග් මහ මග දමා යෑම බොහෝ දෙනා හුරු පුරුදු වී සිටිති. රජය මෙන්ම පරිසරවේදීන් මෙම පුරුදුවලින් මහජනතාව ඉවත් කිරීම සඳහා මහත් වෑයමක් ගත්තද තවමත් එ

    ඉවත දමන පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම නිසා විශාල පරිසර හානියක් සිදුවේ. වතුර බෝතල් සහ පොලිතින් බෑග් මහ මග දමා යෑම බොහෝ දෙනා හුරු පුරුදු වී සිටිති. රජය මෙන්ම පරිසරවේදීන් මෙම පුරුදුවලින් මහජනතාව ඉවත් කිරීම සඳහා මහත් වෑයමක් ගත්තද තවමත් එහි බලාපොරාත්තු ප්‍රතිඵල දැක ගැනීමේ හැකියාවක් දක්නට නොමැත.

    මෙවන් පසුබිමක ඔස්කා නෝනිස් නමැත්තෙකුගේ ෆේස්බුක් පිටුවේ “The Best Sri Lanka Travel Advice (For Locals)” තේමාව යටතේ විදේශිකයකු විසින් පොලිතින් ප්ලාස්ටික් බෝතල් සහ අපද්‍රව්‍ය පරිසරයට මුදා නොහරින ලෙස ආයාචනා කරන වීඩියෝ පටියක් සහිත සටහනක් දක්නට ලැබුණි. 

    මෙම තේමාවේ සිංහල අර්ථය වන්නේ “ස්වදේශික  සංචාරකයන්ට හොඳම අවවාදයකි” යන්නය. මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන්  අතර ශීඝ්‍රයෙන් හුවමාරු වී තිබුණේය. “The Best Sri Lanka Travel Advice (For Locals).” සමාජ මාධ්‍ය තුල හුවමාරුවන එම සටහන පහතින්.

    Facebook LinkArchived Link

    “අනිවාර්යයෙන්ම බලන්න” යනුවෙන් සමාජ මාධ්‍ය තුල හුවමාරුවන තවත් සටහනක් පහතින්.

    Facebook LinkArchived Link

    එහෙත් වීඩියෝ පටයේ අන්තර්ගත වාහන සහ ස්ථානය ලංකාවේ යැයි හැඳින්වීමට අපහසු වූ බැවින් සහ මෙය ලංකාවේ නොවන බව බොහෝ දෙනෙකු පවසා සිටි බැවින් මේ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම වීඩියෝ පටය නැරඹීමේදී වීඩියෝව ආරම්භයේදී ම සංචාරකයන් විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවසන්නේ “I am at a view point in Wayanad” යනුවෙනි. එනම් “වයනාද්” නැමැති නැරඹුම් ස්ථානයේ තමන් සිටින බව පවසා සිටියි.

    අප මෙම සටහනේ රූප රාමුව ගෙන Google reverse image search සෙවිමක් කළෙමු. එහිදී මෙම රූප රාමුව ඇතුලත්ව තිබූ ප්‍රවෘත්ති වාර්තා මෙන්ම සමාජ මාධ්‍ය ජාලා සටහන් රැසක් නිරීක්ෂණය විය.

    ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතේ මලයාලි භාෂා මුද්‍රණයේවු වාර්තාවට අපගේ අවධානය යොමු විය. එම වාර්තාවේ සිංහල අර්ථය සැකෙවින් මෙසේ විය. 

    “සංචාරක වොල්ජර් නිකොල් ටිමොෂ්චක් මලයාලි ජාතිකයන් සමග කෝපයට පත්වේ. ඔහු කේරළයේ සංචාරයක් අතරතුර වයනාද් වෙත පැමිණියේය. ඉහළ සාක්ෂරතා අනුපාතයක් ගැන පුරසාරම් දොඩවන මලයාලියන් කෙරෙහි ඔහු දැඩි කෝපයෙන් සිටී. මෙය මගේ මව්බිම නොවේ. මම සංචාරකයෙක් පමණි. කැලිකසල පරිසරයට මුදාහැරීමෙන් ඔබ  පරිසරය විනාශ කරන්නේ මන්ද? මොළය පාවිච්චි කරන්න. මෙම අපරාධය වහා නවතා දමන්න.” යනුවෙන් මලයාලි මුද්‍රණය මෙම සංචාරකයගෙ instagram පිටුවෙන් උපුටා ගෙන තිබුණි.

    Web LinkArchived Link

    වැඩිදුර කරුණු සනාථ කර ගැනීම සඳහා නිකොල් ටිමොෂ්චක්ගේ Instagram පිටුව සහ ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. ඉන්දියාවේ  කේරලයේ වයනාද්හි නිරීක්ෂණ ස්ථානයක සිටින ඔහු කැලිකසල, එම සුන්දර පරිසරයට මුදා හැරීම පිළිබඳ කෙටි වීඩියෝ සටහනක් තබා ඇත.

    Link1
    Archived Link1
    Link2
    Archived Link2

    ඔහු විසින් සිදු කර ඇති අනෙකුත් වීඩියෝ ද නිරීක්ෂණය කිරීමේ දී අපට පෙනීගියේ ඉහත හෙළිදරව්ව කිරීමෙන් පසුව එම ස්ථානය ශුද්ධ පවිත්‍ර කිරීමට බලධාරීන් ඇතුළු වගකිවයුතු පිරිස් පත්ව ඇති බවයි

    අවසාන නිගමනය

    අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ “The Best Sri Lanka Travel Advice (For Locals).” පොලිතින්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදා හැර ඇතිබව පෙන්වමින් සමාජ මාධ්‍ය තුල හුවමාරුවන වීඩියොව ශ්‍රී ලංකාවේ වීඩියෝ පටයක් නොව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ප්‍රදේශයක්පෙන්නුම් කරන බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-01-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.