Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ගෑස් මිල ඉහල යන බවට ව්‍යාජ පුවතක්

    2020-05-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මහජනතාවට එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය වන දෑ අතර ගෑස් සඳහා ඇත්තේ ඉහල ඉල්ලුමක්. නාගරික මෙන්ම අර්ධ නාගරික ප්‍රජාවද ඉතා අධික ලෙස ගෑස් පරිභෝජනය කරන නිසා ගැස් සඳහා වන මිලෙහි ඇති වන උච්චාවචනයන් බොහෝවිට මහජනතාවට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ලබනවා. විශේෂයෙන්ම මැතිවරණ

    මහජනතාවට එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය වන දෑ අතර ගෑස් සඳහා ඇත්තේ ඉහල ඉල්ලුමක්. නාගරික මෙන්ම අර්ධ නාගරික ප්‍රජාවද ඉතා අධික ලෙස ගෑස් පරිභෝජනය කරන නිසා ගැස් සඳහා වන මිලෙහි ඇති වන උච්චාවචනයන් බොහෝවිට මහජනතාවට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ලබනවා. විශේෂයෙන්ම මැතිවරණ ආසන්න වන විටද විවිධ අවස්ථාවන්හිදි පැවති රජයන් විසින් ගෑස් මිල අඩු කල පුවත්ද වාර්තා වී තිබෙනවා.පසුගිය වකවානුවේ ලෝක බොරතෙල් මිල ඉතිහාසයේ නොදුටු පරිදි පහල බැසීමත් එහි වාසිය ලංකාවට ලබානොදෙන්නේ මන්ද යැයි පශ්න කරමින් සටහන් පෙලක්ද පසුගිය කාලය පුරාම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබෙනු දැකගන්නට ලැබුණි.

    මෙවන් පසුබිමක් තුල ෆෙස්බුක් සමාජ මාධ්‍යයේ පලවූ පුවතකින් කියවුනේ 2020 මැයි මස 21 වන බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහල යන බවයි.මෙම පුවත ලංකාදීප පුවත්පතට අදාල වෙබ් අඩවිය පලකල පුවතක් බව උපුටා දක්වමින් පල කර තිබුනා.එහි වැඩිදුරටත් සටහන්ව තිබුනේ කිලෝග්‍රැම් 12.5 ප්‍රමානයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 195කින්වැඩි කිරීමට පාරිභෝහික අධිකාරිය ගෑස් සමාගම් වලට අවසර දී ඇති බවයි.

    “69 ලක්ෂය පථූ වෙනස ලැබෙමින් පවතී” යනුවෙන් උපහාසාත්මක කෝණයකින් පළකර තිබු එම සටහන පහතින්.

    Original PostArchived Post

    ගොසිප් සවුත්ලංකා නිවුස් නමින් පවත්වාගෙන යන ෆේස්බුක් පේජයක්ද මෙම කරුනම ෆේස්බුක් වෙත එක් කර තිබුනේ පහත පරිදියි.

    Original PostArchived Post

    උපහාසාත්මක කෝණයකින් වුවද සැලකිය යුතු පිරිසක් අතර හුවමාරු වීමට පටන්ගෙන තිබු බැවින් සහ කිහිපදෙනෙකු විසින්ම මෙම පුවතේ නිරවද්‍යභාවය විමසා බලා ඇති බව දක්නට ලැබුණු බැවින් මෙම පුවතේ සත්‍යතාවය සොයා බැලීමට අප වැඩිදුරටත් තීරනය කලා.

    Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය)

    මෙම පුවත සම්බන්ධව ඇති සටහනේ ගැස් මිල වැඩි කිරීමට අවසර දී ඇත්තේ පාරිභෝගික අධිකාරිය යැයි සටහන්ව ඇති නිසා  අප පලමුව මෙම පුවතේ සත්‍යතාවය සොයා බැලීමට පාරිභෝගික අධිකාරියේ මිල පාලන අංශයේ නිලධාරියෙකු දුරකතනයෙන් සම්බන්ධ කර ගත්තා. ඔහු සඳහන් කලේ මෙලෙස ගෑස් මිල ඉහල නැංවීමට පාරිභෝගික අධිකාරිය කිසිඳු තීරණයක් ලබා දී නොමැති බවයි. එබැවින් මෙම පුවත වැරදි ලෙසින් ජනතාව නොමග යැවීමට ගොතන ලද බොරුවක් බව ඔවුන් තහවුරු කර සිටියා.

    ලංකාදීප වෙබ් අඩවියේ පළවූ පුවත් සියල්ල (Archives) කොටසට ගොස් පලවූ පුවත් පිලිබඳව සෙවුමක් කලද අපට මෙම පුවතට අදාල කිසිඳු විස්තරයක් දැකගන්නට ලැබෙන්නේ නෑ.

    වැඩි දුරටත් මේ පුවතේ සත්‍ය අසත්‍යතාවය හොයා බැලිම උදෙසා ලංකාදීප පුවත්පතේ වෙබ් අඩවි කර්තෘවරයා අප සම්බන්ධ කර ගත්තා.එහිදී ඔහු තහවුරු කලේ මෙවැනි පුවතක් 2020 මැයි 21 වෙනිදා ඔවුන් පලකලේ නැති බවයි.එමෙන්ම මෙම පුවත පල කලායැයි සටහන් වන මහින්ද නිශ්ශංක නමැත්තා එවන් සටහනක් එම දිනයට අදාලව පල කර නැති බවත් ඔහු තහවුරු කලා.

    තවදුරටත් කරුණු සොයා බැලීමේදී මෙම පුවතට සමාන පුවතක් පසුගිය වසරේ පලවී ඇති බව අපට සොයා ගැනීමට හැකි වුනා. එහි සටහන් වන්නේ “ගෑස් මිල පහලට ” යන උදෘතයෙන් . එම පුවතට පහතින්

    LinkArchived

    එම පුවතින් කියවෙන්නේ

     “කිලෝ ග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 240 කින් අද (9) මධ්‍යම රාත්‍රීයේ සිට අඩුකිරිමට පාරිභෝගික අධිකාරිය අද (4) තීරණය කළේය.ඒ අනුව ලිට්රෝ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1492 ක් වේ.”

    මෙම පුවත 2019 වසරේ ඔක්තෝබර් මස 4 වෙනිදා පලවූ පුවතකි.බොහෝ දුරට මෙම පුවතට අදාල කොටස සංස්කරනයකට ලක් කර මෙම ව්‍යාජ පුවත නිර්මාණය කර ඇති බව පෙනී යයි. මෙම පුවත ජංගම දුරකථනයේ දිස්වන ආකාරය සහ පලවී ඇති සටහනේ ඇති ඡායාරුපය සංසන්දනයක් මෙසේය.

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ විමර්ශනයන් පැහැදිලි වන්නේ 2020 වසරේ මැයි මස 21 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් මිල ඉහළ යන බවට කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් ලංකාදීප වෙබ් අඩවියේ පළ වූ පැරණි පුවතක් සංස්කරණය කරමින් සිදුකරන ලද ව්‍යාජ සටහනක් බවත්ය.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ගැස් මිල ඉහල යන බවට ව්‍යාජ පුවතක්

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-05-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.