Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check : බදුර්දීන් කැපු කොටස අත්හැර විල්පත්තුවේ මායිම් බවත් ගැසට් කරයි

    2019-11-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    උතුරේ ත්‍රස්තවාදය උත්සන්න වීමත් සමඟම 1998 වසා දැමුණු විල්පත්තු වනෝද්‍යානය වසර දහසයකට පසු 2014 දි නැවත මහජනතාවට විවෘත විය. උතුරු මැද පළාතේ පිහිටා ඇති හෙක්ටයාර් 131,693 වපසරියක් සහිත විල්පත්තුව, දිවයිනේ විශාලතම සහ පැරණිම  ජාතික වනෝද්‍යානයයි. ලංකාවට ආවේණික ව

    උතුරේ ත්‍රස්තවාදය උත්සන්න වීමත් සමඟම 1998 වසා දැමුණු විල්පත්තු වනෝද්‍යානය වසර දහසයකට පසු 2014 දි නැවත මහජනතාවට විවෘත විය. උතුරු මැද පළාතේ පිහිටා ඇති හෙක්ටයාර් 131,693 වපසරියක් සහිත විල්පත්තුව, දිවයිනේ විශාලතම සහ පැරණිම  ජාතික වනෝද්‍යානයයි. ලංකාවට ආවේණික විලෝපික ක්‍ෂීරපායී සත්ත්ව විශේෂයක් වන දිවියන් (Panthera pardus kotiya) සුලභව දැකිය හැකි වනෝද්‍යානයක් ලෙස ලොව ප්‍රසිද්ධියක් උසුලන, උද්හිද සහ සත්ව විශේෂයන් රාශියකටද නිජබිම වූ විල්පත්තුව ඓතිහාසිකව ද වැදගත් වන්නේ විජය රජුන් ගොඩබට තම්බපන්නියද  උද්‍යානය සතු භූමිභාගයේ පිහිටා තිබෙන්නේද මෙම භුමියේ ලෙස සැලකෙන බැවිනි. 

    හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා මුලික කරගෙන විල්පත්තු වනෝද්‍යානයට අයත් ප්‍රදේශවල  නැවත පදිංචි කිරීම් සහ වන විනාශය පිළිබඳව පසුගිය වසර කීපය පුරාම මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්ව තිබුණි. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනුකල නඩුවේ තීන්දුව 2018 ජුනි මාසයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද මේ වන තෙක් එය ඉටු නොවීය. 

    විල්පත්තු වන විනාශයට අදාලව අභියාචනාධිකරණයේ විභාග වන එම නඩුවට රජයේ නීතීඥයන් ඉදිරිපත් කළ රක්ෂිතයේ සීමා මායිම් වෙනස් කිරීමේ යෝජනාවක් පිලිබඳ පුවතක් සමඟම නැවත වරක් විල්පත්තුව ගැන කතිකාවක් ඇතිවී තිබේ. මෙම පුවත සැලවීමත් සමගම සමාජ මාධ්‍ය හරහා මෙම තීරණයට විරුද්ධව විවිධ ප්‍රවෘත්ති මතු වෙන්නට පටන් ගති.

    මෙවැනි එක සටහනක දක්වා තිබුනේ “බදුර්දීන් කැපු කොටස අත්හැර විල්පත්තුවේ මායිම් බවත් ගැසට් කරයි” යනුවෙනි. දීර්ඝ විස්තරයක්ද සහිත එම සටහනේ තවදුරටත් දක්වා තිබුනේ “රිෂාඞ් බදියුදීන් නිදොස්කොට නිදහස් කරමින් අනවසරයෙන් එළිකල රක්ෂිත කොටස ඉවත්කර විල්පත්තුව රක්ෂිතයේ මායිම් නැවත ගැසට් කිරීමට රජය අධිකරණය හමුවේ එකඟවේ..” යනාදී වශයෙනි.

    Facebook LinkArchived Link

    ඉහත සමාන සටහන් රාශියක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හුවමාරු වී තිබෙනු අපට දැකගන්නට ලැබුණා. එම සටහන් සඳහා මූලික වන්නට ඇත්තේ අද පුවත්පතේ “විල්පත්තුවේ නව මායිම් ගැසට් කෙරේ” යනුවෙන් පළවූ ලිපියක් බව ද අපට පෙනී ගියා.  එම ලිපිය පහතින්.


    Ada Link
    Archived Link

    විල්පත්තු ජාතික වනෝද්‍යානයේ නැවත පදිංචි කළ පිරිස් සිටින ප්‍රදේශ අත්හැර ඉතිරි ප්‍රදේශයන්  එක්කර විල්පත්තු ජාතික වනෝද්‍යානයට නව සීමා නිර්ණය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නීතිපතිවරයා එකඟ වූ බව මෙම සටහන් සියල්ලේම මුලික කරුණ විය. මෙම ෆේස්බුක් සටහන් සඳහා  ඉදිරිපත්වූ ප්‍රතිචාර වලින් මෙම තීරණයට දැඩිව විරෝධය දක්වා තිබුණු අතර බොහෝ දෙන විසින් මෙය අසත්‍ය කරුණක් වශයෙන්ද දක්වා තිබු බැවින් මෙම ෆේස්බුක් සටහන් පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සටහන් සියල්ලකම සඳහන් වන්නේ රජයේ මුද්‍රණ ආයතනය විසින් ගැසට් පතක් නිකුත් කිරීම හෝ නිකුත් කිරීම සඳහා අවසර ලබා දීමක් සඳහා බැවින් මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අප විසින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය දින කීපයේ දී පළ කර ඇති ගැසට් නිවේදන හෝ අති විශේෂ ගැසට් නිවේදන කිසිවක මෙබඳු තීරණයක් සඳහන් වී ඇද්දැයි පරීක්ෂා කළෙමු.

    Normal Gazette
    Extraordinary Gazettes (daily)

    එබඳු ආකාරයේ කිසිදු තීරණයක් එහි සඳහන් නොවූ බැවින් එවැන්නක් පිළිබඳව මුද්‍රණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්දැයි දැන ගැනීම සඳහා අප ඔවුන් සමඟ සම්බන්ධ වීමු.  එහිදී ද අපට දැනගන්නට ලැබුණේ මෙබඳු කිසිම දැනුම් දීමක් මේ වන තෙක් සිදු වී නොමැති බවයි

    තවද මෙම තීන්දුව පිළිබඳ වැඩිදුර විස්තර දන ගැනීම සඳහා අභියාචනාධිකරණයේ ගොනු කළ මෙම නඩුවේ පැමිණිලිකරුවු පරිසර යුක්ති කේන්ද්‍රයේ (Center for Environmental Justice – CEJ) මාධ්‍ය ඒකකය හා සම්බන්ධ වීමු. මෙම නඩුකරය පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍රය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්.

    නඩුකරයේ 1වන වගඋත්තරකරු සිට 6වන වගඋත්තරකරු දක්වා සහ 8වන වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතීඥවරයා විසින්, 2012 ඔක්තෝබර් 10 වන දින නිකුත් කළ 1779/15 දරන ගැසට්පත්‍රය අවලංගු කොට/අස් කොට ඒ වෙනුවට 7වන වගඋත්තරකරු වන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් මිනිසුන් පදිංචි කර තිබෙන ප්‍රදේශය ඉවත් කොට දැනට ඉතිරි වී ඇති වනාන්තර ප්‍රදේශය වන රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අධිකරණයෙන් අයැද සිටියද යම් භූමියක් වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් වුණු පසු අදාළ ගැසට්පත්‍රය අවලංගු කිරීමකින් තොරව එම භූමිය තුළ වෙනත් කිසිදු ක්‍රියාකාරකමකට අවසර දිය නොහැකිය යන පදනම මත මෙම නඩුව ගොනු කොට ඇති නිසා පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා විසින් මෙයට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් එය පිළිගත නොහැකි බව දන්වා සිටි බව එහි වාර්තා විය.

    මෙම මාධ්‍ය නිවේදනයෙන් අපට පැහැදිලි වූයේ පරිසර යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණයේ ගොනු කළ මෙම නඩුවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා නව සීමා නිර්ණය කිරීමක් පිළිබඳව ඇයදීමක් කළද, පැමිණිලි පාර්ශ්වයේ නීතිඥයා එයට විරෝධය පා ඇති බවත්, මේ පිළිබඳව තවම නිශ්චිත තීරණයක් කාශයට පත් නොකර ඇති බවත්ය.

    ඒ පිළිබඳව නිවැරැදි කරුණු වාර්තා කිරීමක් ප්‍රධාන මාධ්‍යයක් ඔස්සේ ම කර ඇති බවද අපට තවදුරටත් රැක ගැනීමට හැකිවුණා. විල්පත්තු රක්ෂිතය සහ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම ජනවාරි 23 වනදා විවාදයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළ බව එම වාර්තාවල සඳහන් වී තිබුණි.

    Ada Derana Archived Link
    ITN NewsArchived Link

    අවසාන නිගමනය

    එබැවින් විල්පත්තු ජාතික වනෝද්‍යානයට යාබදව රක්ෂිත වනාන්තරයේ මිනිසුන් නැවත පදිංචි කොටස් අත්හැර, නව සීමා නිර්ණය කර ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට නීතිපතිවරයා එකඟ වී යැයි,  ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ ඉදිරිපත්වන සටහන් සියල්ල අසත්‍ය සහ සාවද්‍ය බවට නිගමනය කරමු.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:Fact Check : බදුර්දීන් කැපු කොටස අත්හැර විල්පත්තුවේ මායිම් බවත් ගැසට් කරයි

    Fact Check By: Sahan Perera 

    Result: Partly False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-11-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.