Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ගෝඨාභය රාජපක්ෂ මහතා 1985දී පාකිස්ථානයේ හමුදා පුහුණුවකදී ගත් ඡායාරූපයක් ?

    2019-12-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනපතිලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් වෘත්තිමය හමුදා නිලධාරියෙකි. 1971-1991 කාලවකවානුවේදී ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරියකු ලෙස සේවය කළේය. රණබිමේ දැක් වූ දක්ෂතාවය සහ නිර්භීතභාවය නිසා ඔහු

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනපතිලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් වෘත්තිමය හමුදා නිලධාරියෙකි. 1971-1991 කාලවකවානුවේදී ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරියකු ලෙස සේවය කළේය. රණබිමේ දැක් වූ දක්ෂතාවය සහ නිර්භීතභාවය නිසා ඔහු තෙවරක්ම රණවීර සහ රණශූර පදක්කම් මගින් පිදුම් ලැබීය. පුරා විසි වසරක් වූ ඔහුගේ සේවා කාලය තුළදී පකිස්ථානය, ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙහි හමුදා නිලධාරියකු ලෙස  පුහුණුවද ලබා ඇත.

    ජනාධිපති ධුරයේ වැඩ භාර ගත් දින පටන්ම ඔහු පිළිබඳව විවිධ තොරතුරු රැගක් සටහන් හා ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වීමට පටන් ගත්තේය. මෙවන් පසුබිමක “Suddi-සුද්දි” නැමැති ෆේස්බුක් පිටුවක “ගෝඨාභය රාජපක්ෂ මහතා 1985 දී පාකිස්ථානයේ හමුදා පුහුණුවක් අතරතුර ලබා ගත් ඡායාරූපයක්” යන තේමාව යටතේ සේයාරුවක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබුණේ මෙලෙසිනි.

    Facebook LinkArchived Link

    බැලු බැල්මටම මෙම ඡායාරූපය උපහාසාත්මක අහුරකින් පළකර තිබෙන ඡායාරූපයක් බවක් පෙනී ගිය ද මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් දහස් ගණනක් අතර සංසරණය වී තිබුණි. එමෙන්ම මෙම සටහනට ප්‍රතිචාර දක්වමින් සටහන් රැසක්ද ඉදිරිපත්ව තිබුණි. එබැවින් මෙම සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සටහනේවු ඡායාරූපය google reverse image සෙවීමකට යොමු කළෙමු. මෙම ඡායාරූපය රැගත්, අන්තර්ජාලය තුල ඇති වාර්තා රාශියක් අපට නිරීක්ෂණය විය. එම වාර්තා අධ්‍යයනය කළ විට අපට පැහැදිලි වූයේ එම ඡායාරූපයේ දැක්වෙන පරිදි නිලධාරීන් පිරිසකගේ කර මතින් යන නිලධාරියා, ඉන්දුනීසියානු ජන රජයේ වර්තමාන සෞඛ්‍ය ඇමැති පදවිය හොබවන, විශ්‍රාමික හමුදා වෛද්‍ය නිලධාරියකු වන ආචාර්ය තෙරවන් ආගස් පුත්‍රන්ටෝ (Lieut. Gen. (ret) Dr. dr. Terawan Agus Putranto) බවයි.

    Google Reverse Image

    ආචාර්ය තෙරවන් ආගස් පුත්‍රන්ටෝ ඉන්දුනීසියාවේ වර්තමාන සෞඛ්‍යය ඇමති වශයෙන් කටයුතු කරන බවට ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ ප්‍රවෘත්ති රැසක් අපට පහත පරිදි දැකගැනීමට හැකි වුණා

    Google News

    ඉන්දුනීසියානු භාෂාවෙන් “සෞඛ්‍ය ඇමති වීමට වඩාත්ම ප්‍රසිද්ධ වෛද්‍යවරයා, උසස් හමුදා නිලධාරියා දැන හඳුනා ගැනීම” යන තේමාව යටතේ ආචාර්ය තෙරවන් ආගස් පුත්‍රන්ටෝ සම්බන්ධයෙන් පළවූ ලිපියක මෙම ඡායාරූපය සම්බන්ධයෙන් පහත පරිදි සටහනක් දක්වා තිබුණා. “TNI හි ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) ද්විත්ව ආචාර්ය තෙරවන් ආගස් පුත්‍රන්ටෝ සිය කාර්ය මණ්ඩලය සමඟ ගැටෝට් සොබ්‍රොටෝ හමුදා රෝහලේ සමුගැනීමේ උත්සවයේදී”

    Article LinkArchived Link

    ආචාර්ය තෙරවන් ආගස් පුත්‍රන්ටෝ ගේ  හැඩරුව බොහෝ වශයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට සමාන බැවින් මෙවැනි ම සටහන් කිහිපයක්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වන අපට දැකගැනීමට හැකිවුනි.

    Facebook PostArchived Link

    “1985 සැප්තැම්බර් 27 වැනි දින මේජර් ගෝඨාභය රාජපක්ෂ රාජකාරි කරමින් සිටියේ අනුරාධපුර සාලියපුර කඳවුරේ 1වන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිළධාරියා ලෙසය.” යනුවෙන් මව්බිම පුවත්පත ලිපියක වාර්තා කර තිබුනු අතර හමුදා පුහුණුවකට එම වසරේදී විදේශගත වී ඇති බවක් හමුදා වාර්තාවලද සඳහන් වන්නේ නැත.

    Mawbima ArticleBBC Sinhala ArticleGota.lk profile

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයට අනුව “ගෝඨාභය රාජපක්ෂ මහතා 1985දී පාකිස්ථානයේ හමුදා පුහුණුවක් අතරතුර ලබා ගත් ඡායාරූපයක්” යන තේමාව යටතේ ඉදිරිපත් කර ඇති සටහන සම්පූර්ණයෙන්ම අසත්‍යය  සහ සාවද්‍ය සටහනක් වන අතර එහි සැබවින්ම සිටින්නේ ඉන්දුනීසියානු ජන රජයේ වර්තමාන සෞඛ්‍ය ඇමැති පදවිය හොබවන, විශ්‍රාමික හමුදා වෛද්‍ය නිලධාරියකු වන ආචාර්ය තෙරවන් ආගස් පුත්‍රන්ටෝ මහතය

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-12-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.