Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    වාහන දුම් සහතිකය අහෝසි කිරීමට මේ වනතෙක් කිසිඳු තීරණයක් ගෙන නැත!

    2020-09-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුවීමට යන විවිධ වෙනස්කම් රැසක් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා තුළ සටහන් ඉදිරිපත් වන බව දක්නට ලැබුණේය. මේ අතර රථ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී අවශ්‍ය වන දුම් සහතික පත්‍රය ද අහෝසි කර ඇති බවට සමාජ මාධ්‍ය ජාලා තුළ වාර්තා පළවීමට පටන්

    ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුවීමට යන විවිධ වෙනස්කම් රැසක් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා තුළ සටහන් ඉදිරිපත් වන බව දක්නට ලැබුණේය.

    මේ අතර රථ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී අවශ්‍ය වන දුම් සහතික පත්‍රය ද අහෝසි කර ඇති බවට සමාජ මාධ්‍ය ජාලා තුළ වාර්තා පළවීමට පටන් ගෙන තිබුණි. ෆේස්බුක් ජාලයේ ඒ පිළිබඳව විවිධ අයුරින් සටහන් ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය. “වාහන දුම් සහතිකය අහෝසියි..” යන තේමාව යටතේ හුවමාරු වූ එවැනි සටහනක් පහතින්

    LinkArchived Link

    එසේම දුම් පරීක්ෂණය අවලංගු කිරීමට රජයේ අවදානය යොමු වී ඇති බව පෙන්වමින් පළවූ මෙවැනි සටහන් රැසක්ද දැකගැනීමට හැකිවිය.

    LinkArchived LinkLinkArchived Link

    තවද “වාහන මොඩිෆයි කිරීමේ සීමාවන් ලිහිල් කෙරේ” තේමාවෙන් ගෝඨා වෙනුවෙන් අපි නැමති ෆෙස්බුක් පිටුවක් ඉදිරිපත් කර තිබූ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් 900 කට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබෙනු නිරීක්ෂණය විය. මෙම සටහන තවත් ෆේස්බුක් පිටු රැසක හුවමාරු කරගෙන තිබෙනු ද දක්නට ලැබුණේය.

    මෙම සටහන් වලට හිමි වූ ප්‍රතිචාර කිහිපයක් මෙම සටහන් සත්‍යයදැයි විමසා තිබූ බැවින් ඒ පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමුවිය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    වාහන වායු විමෝචන ක්‍රියාවලිය පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පහත විස්තරය දක්වා ඇත. වාහන වලින් පිටවෙන පිටාර දුම පරීක්ෂා කරලා ඒවා නියම කර ඇති සීමාවන් තුල තිබෙනවාද යන්න පරීක්ෂා කිරිම එමඟින් සිදුවන බව දක්වා තිබෙන අතර දැනට මෙම පරීක්ෂාව Laugh Eco Sri හා Klenco Lanka යන ආයතනවල දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන හරහා සිදුකර ගත හැකිය

    වාහන වායු විමෝචන (හරිත රිය) වැඩසටහනVehicle Emission Testing

    “වාහන දුම් සහතිකය අහෝසියි” යන තේමාවන්ගෙන් ඉදිරිපත්ව ඇති සටහන් පිලීබඳව කරුණු තහවුරු කර ගැනීමට ගූගල් සෙවීමක් කළෙමු. මේ සම්බන්ධයෙන් වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා Siyatha FM සේවයට ලබාදුන් හඬ පටයක් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ ඉදිරිපත කර තිබුණි. අධික ලෙස දුම් දමමින් යන වාහන මහමඟ ධාවනය වන බවත්, පොලිසිය පරීක්ෂා කළවිට එම වාහන වලට දුම් සහතික ඇති බවත්, මෙවැනි තත්වයන් මඟහරවා ගැනීමට වාහන ධාවනය වන අවස්ථාවේදී ද පොලිස් නිලධාරීන් වෙත දුම් පරීක්ෂාවක් කිරීමට ඇති හැකියාව ගැන සාකච්ඡා කරමින් පවතින බවත් පවසා සිටියා. එමඟින් අක්‍රමිකව දුම් බලපත් නිකුත් කරන ආයතන හඳුනාගත හැකි බවත් පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, දුම් බලපත ඉවත් කිරීමට තීරණයක් හෝ සාකච්ඡාවක් සිදුකර නොමැති බවද අවධාරණය කළේය. එම හඬ පටය පහතින්

    https://www.facebook.com/siyathafmsrilanka/videos/664796280800947/?t=14

    එසේම හිරු රූපවාහිනී නාලිකාවේ “ඇත්ත” සජීවී වැඩසටහනට සහභාගිවෙමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නීතිඥ සුමිත් අලහකෝන් මහතාද ප්‍රකාශ කර සිටියේ දුම් පරීක්ෂණය අහෝසි කිරීමට මේ වනතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

    Conclusion (අවසාන නිගමනය)

    අපේ විමර්ශනවලින් තහවුරු වූයේ දුම් බලපත්‍රය අහෝසි කිරීමට රජය තීරණය කර නොමැති බවත්, අක්‍රමිකව දුම් සහතික ලබාදීම අවම කිරීම සඳහා රථයක් මහමග ධාවනය කරන අවස්ථාවේදී දුම්  පරීක්ෂාවක් සිදු කිරීමට පොලිසියට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කෙරෙමින් පවතින බවත්ය

    එබැවින් දුම් බලපත්‍රය අහෝසි කරන බවට ෆේස්බුක් සමාජ ජාලයේ ඉදිරිපත්ව ඇති සියළුම සටහන් සම්පූර්ණයෙන් සාවද්‍ය සටහන් බව නිගමනය කරමු

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-09-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.