Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් නොවේ!

    2020-05-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොරෝනා වෛරස් ආසාදනය ලොව පුරා ව්‍යාප්ත වී යත්ම, ක්ෂේත්‍රයේ සේවකයන් වෙත සෑම කෙනෙකුගේ ම අවධානය යොමුවිය. සිය ජීවිත පවා නොතකමින් ඔවුන් කළ කැප වීම සෑම කෙනෙකුගේම ප්‍රසාදය දිනා ගති. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේව

    කොරෝනා වෛරස් ආසාදනය ලොව පුරා ව්‍යාප්ත වී යත්ම, ක්ෂේත්‍රයේ සේවකයන් වෙත සෑම කෙනෙකුගේ ම අවධානය යොමුවිය. සිය ජීවිත පවා නොතකමින් ඔවුන් කළ කැප වීම සෑම කෙනෙකුගේම ප්‍රසාදය දිනා ගති. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන්ගේ කැපවීම ලංකාවාසීන්ගේ ද ප්‍රසාදයට හේතුවී ඇත. මොවුන්ගේ කැපවීම, වෙහෙස අගය කරමින් සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ සටහන් ඉදිරිපත් වීමට පටන් ගත්තේය.

    “වෙන රටක නම් ශෙයාම කරයි…..අපේ රටේ ඒවා දැක්ක නොදැක්ක ගානට යනව” තේමාවෙන් වෙහෙසව බිම වැතිර නිදියන සෞඛ්‍ය සේවකයින් පිරිසකගේ සේයාරුවක් සහිතව සටහනක් දෙව්ම් උත්තරා දිසානායක නමැත්තියක විසින් කාන්දමා නැමැති ෆේස්බුක් පිටුවක යොදා තිබූ සටහනක් 16,000කට අධික ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වී තිබෙනු නිරීක්ෂණය විය.

    LinkArchived Link

    මේ හා සමානව ඉදිරිපත්ව තිබූ ෆේස්බුක් සටහන් රැසක් තවත් ෆේස්බුක් පිටු සහ සමුහ විසින් මෙලෙසින් හුවමාරු කරගෙන තිබුණි.

    මෙම සේයාරුවේ දැක්වූ වෛද්‍ය සේවකයින් පිරිස ඇඳ සිටි ඇඳුම ලංකාවේ රෝහල්වල භාවිතා කෙරෙන ඇඳුම් වලට වඩා වෙනස් සේ පෙණුනු බැවින් මෙම සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අවධානය යොමු විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සටහන් වූ ඡායාරූපය google reverse image සෙවීමකට යොමු කළෙමු. සේයාරුවම යොදා ගනිමින් විවිධ රටවල් වල ඉදිරිපත්ව තිබූ ෆේස්බුක් සටහන් මෙන්ම මේ පිළිබඳව කරන ලද කරුණු විමර්ශනයන් පිළිබඳව වාර්තා රාශියක් ම අන්තර්ජාලයේ විය.

    “ඉතාලිය වෙනුවෙන් යාච්ඤා කරමු” තේමාව යටතේ විදේශීය ෆේස්බුක් පිටුවක, මෙම සේයාරුව සහිතව ඉදිරිපත් වූ  සටහනක් පහත දක්වා ඇත.

    අප මෙම ඡායාරූපය පිළිබඳව කරුණු සොයා ගැනීම පිණිස අන්තර්ජාලයේ ඡායාරූප සමූහ වෙබ් අඩවි කීපයක්  පරීක්ෂා කර බැලු වෙමු. Getty Images වෙබ් අඩවියේ මෙම ඡායාරූපය නිරීක්ෂණය විය. මයිකල් ඩෙස්මන්ඩ් විසින් කැමරා කාචයට හසුකර ගන්නා ලද මෙම ඡායාරූපය Greys Antomy නමැති රූපවාහිනී වැඩසටහන් මාලාවක දර්ශනයක් ලෙස හඳුන්වාදී තිබුණි.

    “ප්‍රධානියාගේ තනතුර සඳහා තරඟය වදිමින් සිටි., වෛද්‍යවරුන් රිචඩ්ගේ ස්නේහය සඳහා තරඟ වදින විට, ශල්‍ය රෝගියෙක් අවට සිටින අයගේ ජීවිතවලට අනතුරක් ඇති කරයි, සහ මෙරඩිත්ගේ සහ ඇල්සයිමර්ගේ මව එලිස් ඇගේ රෝගී තත්ත්වයේ වෙනසක් නිරීක්ෂණය කරයි” යන විස්තරය එහි අන්තර්ගත කර තිබුණි.

    Embed from Getty Images

    Fandom නැමැති වෙබ් අඩවියේ ද මෙම ඡායාරූපය පිළිබඳව එම විස්තරයම සපයා තිබුණි. 2007 පෙබරවාරි මස පලවෙනි දින විකාශය වූ Grey’s Anatomy රුපවාහිනී මාලාවේ 3 වන වෙළුමේ 14 වැනි කතන්ගයේ ඡායාරුපයක් බව එහි දක්වා තිබුණි.

    LinkArchived Link

    කන්දමා ෆේස්බුක් පිටුවේ වූ ඡායාරූපය සහ Getty Images වෙබ් අඩවියේ ඡායාරූප සසඳන විට එය එක හා සමාන ඡායාරූප බව තහවුරු විය.

    මෙම ඡායාරුපම ඉන්දියාව ඇතුළු වෙනත් රටවල දර්ශනයක් යයි පවසමින් සටහන් රැසක්ද හුවමාරු වී තිබු අතර ඒ සඳහා සිදුකරන ලද විමර්ශන වලද මෙම නිගමනයම පෙන්වා දී තිබුණි

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කන්දමා ෆේස්බුක් පිටුවේ වූ ඡායාරූපය වෙහෙසව බිම වැතිර නිදියන ලාංකික සෞඛ්‍ය සේවකයින් පිරිසකගේ සේයාරුවක් නොව 2007 පෙබරවාරි මස පලවෙනි දින විකාශය වූ Greys Anatomy නමැති රූපවාහිනී වැඩසටහන් මාලාවක දර්ශනයක් බවය.

    “වෙන රටක නම් ශෙයාම කරයි…..අපේ රටේ ඒවා දැක්ක නොදැක්ක ගානට යනව” තේමාවෙන් වෙහෙසව බිම වැතිරී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ රෝහලක දර්ශනයක් ලෙසපළවූ ෆේස්බුක් සටහන් සියල්ලම සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නිගමනය කරමු.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-05-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.