Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඉතාලියේ වැඩිහිටියන්ට දැඩිසත්කාර ප්‍රතිකාර කිරීම නැවතීමට තීරණය කලේද?

    2020-03-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොරෝනා වෛරස් රෝග ආසාදනයෙන් චීනයේ මියගිය සංඛ්‍යාවට වඩා ඉතාලියේ මිය ගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර ආසාදනයෙන් දිනකට මරණයට පත් වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවද වාර්තා වන්නේ ඉතාලියෙනි. ඉතාලියේ රෝග තත්ත්වයත්, එරට එම රෝග ආසාදනයට මුහුණ දෙන තත්ත්වයක් අළලා සමාජ මාධ්‍ය ජාලා

    කොරෝනා වෛරස් රෝග ආසාදනයෙන් චීනයේ මියගිය සංඛ්‍යාවට වඩා ඉතාලියේ මිය ගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර ආසාදනයෙන් දිනකට මරණයට පත් වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවද වාර්තා වන්නේ ඉතාලියෙනි. ඉතාලියේ රෝග තත්ත්වයත්, එරට එම රෝග ආසාදනයට මුහුණ දෙන තත්ත්වයක් අළලා සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ ප්‍රවෘත්ති පළ වෙමින් පවතී. ෆේස්බුක් ජාලයේද ඉදිරිපත්වූ සටහන් රැසක් අපගේ කරුණු විමර්ශනයන් මගින් තහවුරු වූයේ නොමඟ යවන සුළු සටහන් බවටයි.

    මෙවැනි පසුබිමක අමිල බාලසූරිය නැමැත්තෙකුගේ ෆේස්බුක් පිටුවක රෝහලක දර්ශනයක් පෙන්නුම් කරන  ඡායාරූප කිහිපයක් එකට රෝපණය කර “ඉතාලිය නිවේදනය කරන්නේ ෆාමසි සහ ආහාර අලෙවි සැල් හැර අනෙකුත් සියලුම වෙළඳ සැල් වසා දමන බවයි. වයිරස් මරණ සංඛ්‍යාව පැය 24ක් තුළ 196  සිට 827 දක්වා ඉහළ යන අතර වැඩිහිටියන්ට ප්‍රතිකාර කිරීම නවතන ලෙස දැඩි සත්කාර ඒකක වලට උපදෙස් දෙනු ලැබේ. ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුලු සියලු ජනතාවට කිසිදු අනතුරක් සිදු නොවේවා අප සියලු දෙනාම හදවතින් ප්‍රාර්ථනය කරමු.” යන කථාංශයද අන්තර්ගත කර සටහනක ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර හුවමාරු වීමට ආරම්භ වී තිබූණේය.

    LinkArchived Link

    මෙම සටහනට සමාන අදහස් රැගත් ඉංග්‍රීසි බසින් වූ ෆේස්බුක් සටහන් රැසක්ද නිරීක්ෂණය විය. රටක් ස්වකීය පුරවැසියන්ට වෛද්‍ය සේවා සැපයීම ප්‍රතික්ෂේප කරයිද පිළිබඳව සැකයක් මතු වීම නිසා මේ සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමුවිය.

    Link1Link2
    Archived Link1Archived Link2

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    යුරෝපයේ වියපත් ජනගහනය වැඩි රටක් ලෙස නම් දරා සිටින ඉතාලිය, කොරොනා වෛරස් රෝගය ආසාදිත සිය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වෛද්‍ය සේවාව නොසැපයීමට තීරණය කෙළේද යන්න පිළිබඳව අප ගූගල් සෙවීමක් කළෙමු. ඉතාලිය කොරොනා වෛරස් රෝගය ආසාදිත ජේෂ්ඨ පුරවැසියන්ට වෛද්‍ය සේවාසැපයීමට තීරණය කළේ ද යන්න පිළිබඳව සිදුකළ කරුණු විමර්ශන වාර්තා ඇතුළු ප්‍රධාන ප්‍රවෘත්ති පත්‍ර වාර්තා රැසක් නිරීක්ෂණය විය.

    NBC පුවත් සේවය මෙසේ වාර්තා කර ඇත.

    LinkArchived Link

    සීමිත සම්පත් හමුවේ වෛද්‍යවරුන්ට කවුරුන් හට ප්‍රතිකාර කළ යුතුද කවුරුන් වෙත ප්‍රතිකාර ලාබදීමෙන් වුවද ප්‍රතිඵලයක් ලැබේද යන්න පිළිබඳව තීරණාත්මක තීරණය ගැනීමටය සිදුවේ. වසංගතයක් මධ්‍යයේ වුවද රෝගියෙකුගේ වයස සහ රෝගී තත්වය සම්මතයක් ලෙස සැලකිල්ලට ගන්නා බව බර්ගමෝ රෝහලක ළමා රෝග අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලොරෙන්සෝ ඩී ඇන්ටිගා පවසා සිටියි.

    “මෙවැනි වසංගතයක් නොමැති අවස්ථාවක වුවද, 90 හැවිරිදි පුද්ගලයෙකුට දරුණු නියුමෝනියාව වැළඳී ඇත්නම්, අපි රෝගියා දැඩි සත්කාර සඳහා ඇතුළත්කර ගැනීමේ කාලයක් තබා ගැනීමේ ඉඩකඩ අඩුය” යනුවෙන් ඩී ඇන්ටිගා පැවසීය. 

    තවද මාර්තු මස 14 දින The Telegraph පුවත් පතේ පළවූ  වාර්තාවට අපගේ අවධානය යොමුවිය. 

    LinkArchived Link

    එම වාර්තාවට අනුව කොරොනා වෛරසයෙන් දැඩි ලෙස බැට කා ඇති උතුරු ඉතාලියේ ටියුරින් හි සෞඛ්‍ය නිලධාරීන් විසින් රොගින්ට ප්‍රතිකාර කිරිමට මාර්ගේපදේශකතවයක් පිළියල කර ඇත. “සියලු රෝගීන්ට දැඩි සත්කාර සේවාවක් ලබා දිය නොහැකි අවස්ථාවක, දැඩි ප්‍රතිකාර සඳහා ප්‍රවේශය සඳහා නිර්ණායක යෙදීම අවශ්‍ය වනු ඇති අතර එය පවතින සීමිත සම්පත් මත රඳා පවතී.” ලෙස එහි සදහන වේ.

    දැඩි ලෙස පීඩාවට පත් පීඩ්මොන්ට් කලාපයේ සිවිල් ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති ලේඛනයක මෙසේ ඇත. හදිසි අවස්ථා වලදී දැඩි ප්‍රතිකාර සඳහා ප්‍රවේශ වීමේ නිර්ණායකයට වයස අවුරුදු 80 ට අඩු හෝ චාල්සන් කොමෝර්බිඩිටි දර්ශකයේ  [මෙම දර්ශකය රෝගියාට වෙනත් වෛද්‍ය තත්වයන් කීයක් තිබේද යන්න පෙන්නුම් කරයි]. 5 ට අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ගත යුතුය. එම පුවත් පත් වාර්තාව වැඩි දුරටත් පවසයි.

    ඉතාලි නිර්වින්දනය, සහ දැඩි සත්කාර වෛද්‍යවරුන්ගේ සමූහය විසින් ස්ථාපිත කර ඇති එම COVID-19 මාර්ගෝපදේශයේ මෙසේ සඳහන්වේ‍.

    “වැඩි පිරිසකට ප්‍රතිලාභ උපරිම කිරීමේ මූලධර්මය මගින් සකසා ඇති මාර්ගෝපදේශ මඟින් යෝජනා කරනුයේ, චිකිත්සක සාර්ථකත්වයට වැඩි ඉඩක් ඇති රෝගීන්ට දැඩි සත්කාර සඳහා ප්‍රවේශය රඳවා ගැනීමට ප්‍රතිපාදන නිර්ණායකයන් සහතික කළ යුතු බවයි…දැඩි සත්කාර සඳහා ප්‍රවේශය සඳහා වයස් සීමාවක් ස්ථාපිත කිරීමද සැලකිය යුතු වේ”

    Politifact.com යනාදී කරුණු විමර්ශක කණ්ඩායම් මඟින්ද ඉතාලියේ කොරොනා වෛරස් රෝගය ආසාදිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වෛද්‍ය සේවාව නොසැපයීමට තීරණය කෙළේද පිළිබඳව සිදුකරන ලද කරුණු විමර්ශන වාර්තා අධ්‍යනය කළෙමු. ඔවුන්ද නිගමනය කර තිබුණේ පහත ඇති අන්දමටය.

    සමස්තයක් ලෙස ගත් කල, COVID-19 වයෝවෘද්ධ රෝගීන් අතහැර දමන බව ඉතාලිය නිවේදනය කළේ නැත. විවිධ තත්වයන් හා ප්‍රදේශවල සිටින සෞඛ්‍ය සේවා සේවකයින්ට සීමිත සම්පත් තුලින් උපරිම ප්‍රයොජනය ගැනීමට ප්‍රතිකාර ලැබුවහොත් වැඩි කාලයක් ජීවත්වීමට හැකියාවක් ඇති රොගීන් හඳුණා ගැනීමට සිදුවනු ඇත.

    Conclusion (අවසාන නිගමනය)

    අප සිදු කළ කරුණු විමර්ශනයෙන් තහවුරු වූයේ, වියපත් කොරෝනා වෛරස් ආසාදිත රෝගීන්ට වෛද්‍ය සේවා ලබා නොදීමට ඉතාලියේ සෞඛ්‍ය බලධාරීන් තීරණය කර නොමැති අතර, පාලනය කළ නොහැකි තත්වයන් යටතේ අධික රෝගීන් සංඛ්‍යාවක් පැමිණි විට සීමිත සම්පත් තුලින් උපරිම ප්‍රයොජනය ගැනීමට, ප්‍රතිකාර ලැබුවහොත් වැඩි කාලයක් ජීවත්වීමට හැකියාවක් ඇති රොගීන් හඳුණා ගෙන ඔවුන්ට ප්‍රතිකාර කිරීමට තීරණයක් ගැනීමට සිදුවන බවය.

    එබැවින් “ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදිත වැඩිහිටියන්ට ප්‍රතිකාර කිරීම නවතන ලෙස දැඩි සත්කාර ඒකක වලට උපදෙස් දෙනු ලැබේ” සිරස්තලයෙන් ඉදිරිපත් වන ෆේස්බුක් සටහන් සියල්ලම නොමඟ යවන සුළු සටහන් ලෙස නිගමනය කරමු.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ඉතාලියේ වැඩිහිටියන්ට දැඩිසත්කාර ප්‍රතිකාර කිරීම නැවතීමට තීරණය කලේද?

    Fact Check By: Sahan Perera 

    Result: Partly False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-03-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.