Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    හිටපු ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් සහ දිල්ෂාන්ගේ සහය සජිත් ප්‍රේමදාසට ?

    2019-11-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක තරු යුගලයක් වූ රංගන හේරත් සහ තිලකරත්න ඩිල්ශාන් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකර තිබේ යනුවෙන් සදහන් සටහන් / පෝස්ට්ස් (posts) සමාජ මාධ්‍ය හරහා පැතිර යමින් තිබේ.  එක් සටහනක දක්නට ලැබුනේ “සජිත් හොරකම් කර

    ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක තරු යුගලයක් වූ රංගන හේරත් සහ තිලකරත්න ඩිල්ශාන් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකර තිබේ යනුවෙන් සදහන් සටහන් / පෝස්ට්ස් (posts) සමාජ මාධ්‍ය හරහා පැතිර යමින් තිබේ. 

    එක් සටහනක දක්නට ලැබුනේ “සජිත් හොරකම් කරලා නෑ , ඔහුට මගේ රටේ පොඩි මිනිස්සු වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් , දුප්පත් කම නැති කරන්න පුළුවන් ඔහුට විතරයි. පොඩි මිනිස්සු ඔහු ජනපති කරවී. මගේ සහයත් ඔහුට දෙන්න මම තීරණය කලා – රංගන හේරත්” යනුවෙනි.

    Facebook LinkArchived Link

    මේ අයුරින්ම තිලකරත්න දිල්ශාන් මහතා සජිත් ප්‍රේමදාස මහතා හට සහය ලබාදෙන බවටද සටහන් කිහිපයක්ම හුවමාරු වෙනු අපට දැක ගැනීමට හැකි වුණා.

    Facebook LinkArchived Link

    එවැනි සමහර සටහන් එම පිටු විසින්ම ඉවත් කර ඇති අතර තවමත් සමහර සටහන් පැතිර යමින් තිබේ. 

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මීට පෙර අවස්ථා කිහිපයකදීම  කුමාර් සංගක්කාර ජනාධිපතිවරණයේදී එක් එක් අපේක්ෂකයන්ට සහය ලබාදෙන බවටත්, දේශපාලනයට පිවිසෙන බවටත් , ජනාධිපතිවරණයට තරග කරන බවටත් පුවත් සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ පුවත් හුවමාරු විය. අප විසින් සත්‍ය කරුණු සොයාබලා ඒවා අසත්‍ය බව ප්‍රකාශ කරන ලදී. එම ලිපි පහතින්.

    Fake News on Sanga Supporting GotaFake News on Sanga Entering into Politics 

    රංගන හේරත් සන දිල්ෂාන් පිලිබඳව පළව ඇති පුවත් සම්බන්ධයෙන් අපි කරුණු සොයා බැලුවා. ඒ අනුව නොවැම්බර් 8 දින රංගන හේරත් නිකුත් කල ට්විටර් පණිවිඩයේ මෙම පුවත අසත්‍ය බව ප්‍රකාශ කිරීමට යොදා ගනු ලැබුවා.

    රංගන හේරත් තම  නිල ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ තමා කිසිම දේශපාලන පක්ෂයකට සහාය දීමට තීරණය කර නොමැති බවත් තමන් යම්කිසි දේශපාලන පක්ෂයට සහාය දීමට තීරණය කර ඇති බවට ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ හුවමාරුවන පෝස්ටුවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි

    “මම කිසිම දේශපාලන පක්ෂයකට සහාය දී නෑ – රංගන” අද පුවත් වෙබ් අඩවිය එය වාර්තා කර තිබු අයුරු පහතින්

    අද LinkArchived Link

    තිලකරත්න දිල්ශාන් මහතා ප්‍රසිද්ධ වේදිකාවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වමින් කිහිප අවස්ථාවකදීම පෙනී සිටිනු අපට දැක ගැනීමට හැකි වුණා. තම අලලා පලව ඇති පුවත් සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව තහවුරු කල තිලකරත්න දිල්ශාන් මහතා පවසා සිටියේ තමන්ගේ සම්පූර්ණ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර ඇති බවයි.

    https://youtu.be/v7EHRyaxZ2E

    අවසාන නිගමනය

    මේ අනුව අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් තරු දෙපලක් වන රංගන හේරත් සහ තිලකරත්න දිල්ෂාන් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකර තිබේ යනුවෙන් සදහන් සටහන් / පෝස්ට්ස් (posts) සියල්ල  අසත්‍ය බවයි

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-11-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.