Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    අධිවේගී මාර්ගයේ ගාස්තු ඉහළට?

    2019-11-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අභිනවයෙන් පත් වූ නව රජයට  මුහුණ දීමට සිදුවන ප්‍රධාන අභියෝගයක් වන්නේ දැනට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගෙන, ඔවුන් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉෂ්ඨ කිරීමය. ලබන වසරේදී ණය වාරික ගෙවීම, රජයේ වියදමට අවශ්‍ය මුදල් සපයා ගැනීම  සහ ජනාධිපතිවරනයේදි පොරොන්දු වූ ස

    අභිනවයෙන් පත් වූ නව රජයට  මුහුණ දීමට සිදුවන ප්‍රධාන අභියෝගයක් වන්නේ දැනට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගෙන, ඔවුන් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉෂ්ඨ කිරීමය. ලබන වසරේදී ණය වාරික ගෙවීම, රජයේ වියදමට අවශ්‍ය මුදල් සපයා ගැනීම  සහ ජනාධිපතිවරනයේදි පොරොන්දු වූ සහන සැපයීම සඳහා ප්‍රතිපාදන සොයා ගැනීම ක්‍රමානුකුලව සැලසුම් කල යුතු භාරදූර කාර්යකි. එබැවින් රජය අනුගමනය කිරීමට යන ආර්ථික ක්‍රියාවලිය කෙරෙහි ජනතාවගේ විශේෂ අවධානය යොමු වී ඇත. 

    මෙවන් පසුබිමක Sri Lanka politics news jokes නමැති ෆේස්බුක් පිටුවක, “අධිවේගයේ ගාස්තු ඉහළට” යන සිරස ඇතිව, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සේයාරුවක් සහිතව සටහනක් ඉදිරිපත් කොට තිබුණි. මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වීම ඇරඹී  තිබුණි. මෙම සටහනට පක්ෂව සහ විපක්ෂව බොහෝ සටහන් ඉදිරිපත් වී තිබුණි. 

    Facebook LinkArchived Link

    අධිවේග මාර්ග යන්නේ ගාස්තු නැංවීම පිළිබඳ රජයෙන් කිසිදු නිවේදනයක් නොවූ බැවින් මේ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනය කිරීමට අපගේ අවධානය යොමු විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    අධිවේග මාර්ගයන්හි ගාස්තුව සංශෝධනය කොට ඇත්දැයි පරික්ෂා කිරීම පිණිස අපි ප්‍රථමයෙන්ම, මාර්ග සංවර්ධන අධිකාරියේ, අධිවේග මාර්ග ක්‍රියාකාරී, නඩත්තු සහ කලමනාකාරි අංශයේ වෙබ් පිටුව පරීක්ෂා කළෙමු. 

    RDA Web LinkArchived Link

    කිසිදු හෝ අධිවේගී මාර්ගයක , කිනම් හෝ කණ්ඩයක් යටතේ ගාස්තු සංශෝධනයක් පිළිබඳව එහි සටහනක් දැකගැනීමට තිබුනේ නැත. අනතුරුව අප මාර්ග සංවර්ධන අධිකාරියේ, අධිවේග මාර්ග ක්‍රියාකාරී, නඩත්තු සහ කලමනාකාරි අංශයේ, මාර්ග ගාස්තු අයකිරීම් අංශයේ උසස් නිලධාරියකු සමඟ දුරකථනයෙන් සම්බන්ධ වීමු. මාර්ග ගාස්තු සංශෝධනයක් පිළිබඳව ඔවුන්ව දැනුවත් කර නොමැති බවද එහිදී අපට දැනගන්නට ලැබුණි.

    ජනාධිපතිවරණයට පෙර දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ නව මාර්ග තීරු ප්‍රවාහන කටයුතු සඳහා විවෘත වූ බැවින්, ඒ කාලවකවානුවේ දී ගාස්තු ප්‍රතිසංශෝධනයක් වීදැයි සොයා බැලුවෙමු. නොවැම්බර් 15 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මගී ප්‍රවාහන බස් රථ සඳහා ගාස්තු අඩු කළ බවට වාර්තා කිහිපයක්ම අපට දැකගන්නට ලැබුණි.  

    අධිවේගී මාර්ග පද්ධතියේ මගී ප්‍රවාහන බස් රථ සඳහා ගාස්තු අඩුවීමක් හැර, වෙනත් කිසිදු ගාස්තු සංශෝධනයක් මෑත දිනයකදී සිදුවී නොමැති බව පැහැදිලි විය.

    Ada Derana LinkArchived Link

    කෙසේ වෙතත් මේ පිලිබඳ රජයේ ස්ථාවරය දැන් ගැනීම සඳහා අප මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකු සමඟ සම්බන්ධ වූ අතර එහිදී අපට දැනගැනීමට ලැබුනේද මෙබඳු කිසිදු තීරණයක් රජය විසින් ගෙන නොමැති බවයි.

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “අධිවේගයේ ගාස්තු ඉහළට” යනාදී වශයෙන් පලව ඇති සියලුම ප්‍රකාශ සම්පුර්ණයෙන්ම සාවධ්‍ය බවයි

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-11-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.