
SL Story News වෙබ් අඩවිය, සිය ෆේස්බුක් පිටුවෙහි “අපි ගෝඨාගේ මිනිස්සු, පොලිසියට කතා කරොත් තොපි සේරම උස්සනවා – පොහොට්ටු මැරයන් හෝමාගම උද්යානය කඩා බිඳ දමයි” යන සිරස ඇතිව සේයාරූ කිහිපයක් සමග සටහනක් ඉදිරිපත් කොට තිබුණි. ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සීඝ්රයෙන් හුවමාරුව වෙමින් තිබූ මෙම සටහනට ප්රතිචාර සටහන් රැසක් ද ලැබී තිබුණි. බොහෝ ප්රතිචාර සටහන් මෙම සිද්ධියට විරෝධය පළකර ඉදිරිපත් වී තිබුණ නිසාද මේ පිළිබඳව සත්ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.
“පොහොට්ටුවේ ආධාරකරුවන් පිරිසක් විසින් හෝමාගම නාගරික උද්යානයේ විදුලි පහන් කණු ගලවා, කඩා බිඳ දමා තිබේ. හිටපු මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්ය පාඨලී චම්පික රණවක මහතාගේ අමාත්යංශය යටතේ ක්රියාත්මක වූ ව්යාපෘතියක් මගින් මෙම උද්යනය ඉදිකර තිබීම නිසා කුපිත වූ බලයට පත් රජයේ ආධාරකරුවන් පිරිසක් මෙලෙස උද්යනයට දැඩි අලාභ හානි සිදුකර තිබේ. රාජපක්ෂ මහතාගේ ප්රභලම ආධාරකරුවෙකු වන සාමාජ මාධ්ය වල ප්රසිද්ධ චරිතයක්ද වන අමින්ද රත්නායක නැමැත්තා මෙම කල්ලිය මෙහෙයවා තිබේ. අලාභ හානි සිදුකිරීමෙන් අනතුරුව අමින්ද රත්නායක විසින් ඒවා පින්තුර ගෙන ෆේස්බුක් පොස්ටුවකුත් දමා ඇත්තේ “චම්පිකයා හදපු පාක් අපිට එපා, කඩලා ආයි මුල ඉඳල හදන්න ඕනි” යනුවෙන් වචන කිහිපයක්ද එක් කරමිනි” යනුවෙන්ද එම පුවත් වාර්තාවේ සදහන් වේ.
“චම්පිකය හදපු පාර්ක් අපිට එපා !, කඩල අයි මුල ඉදල හදන්න ඕනෙ..මෙහෙව් රටක නොවැ අපිත් ඉන්නෙ.” සමාජ මාධ්ය තුල හුවමාරුවන තවත් සටහනක පහතින්

Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙම පුවත සම්බන්ධයෙන් අපි ගූගල් නිව්ස් හරහා සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට දක්නට ලැබුනේ ප්රධාන ධාරාවේ මාධ්ය කිසිවක් මේ පිලිබඳ කිසිදු පුවතක් පළකර නොමැති බවයි.

හෝමාගම නාගරික උද්යානය පසුගිය වසරේ අප්රේල් මස 02 වන දින ජනතා අයිතියට පත්වූ අතර එහිදී පලව තිබු සටහනක් පහතින්.

ඉහත සිදුවීමට අදාළ ඡායාරූප සමීපව පරීක්ෂා කර බැලු වෙමු. බිම වැටී තිබුණු පහන් කණුවේ විදුලි පහන් දැල්වෙමින් තිබූ අතර, ඒ අවට තිබු මල් පඳුරු පවා තැලීමට හෝ පොඩි වීමකට හෝ ලක් වී නොමැති බව නිරීක්ෂණය විය. විදුලි පහන් කණුව කොන්ක්රීට් පාදම සමගම ගැළවී තිබුණි.

වැඩිදුර කරුණු දැනගැනීම පිණිස ප්රහාරය මෙහෙයවූ බවට ප්රවෘත්තියේ සඳහන් කර ඇති අමින්ද රත්නායක නමැත්තාගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළෙමු. ඔහුගේ ෆේස්බුක් පිටුවෙහි සටහන් කිහිපයක් පළ වී තිබුණ අතර ඒ සෑම සටහනකින්ම ඔහු පවසා සිටියේ මෙම සිදුවීම ඔහුගේ නම අලළා ඉදිරිපත් කරන අසත්ය ප්රවෘත්තියක් බවයි.

කෙසේවෙතත් මෙම සිදුවීම පිළිබඳ නිල කරුණු අනාවරණය කරගැනීම පිණිස අප හෝමාගම පොලිසිය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වීමු. පහන් කණුවක් බිමට වැටීම සම්බන්ධයෙන් පොලීසියට සැලවීම නිසා පොලිස් නිලධාරීන් ස්ථානයට යවා ඒ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කළ බව ස්ථානාධිපතිතුමා අවධාරණය කළේය. තවමත් සිද්ධිය සිදුවුයේ කෙසේද යන්න නිත්ය වශයෙන්ම නිගමනයකට එළඹීමට නොහැකි වුවද, සලකුණු අනුව ඉදිකිරීම් ප්රමිතියේ වරදක් විනා, මැර ප්රහාරයක් නොවන බව ඔහු පැවසීය. මෙසේ මැර ප්රහාරයකින් හෝමාගම උද්යානයට සිදුවූ බවට කිසිඳු පැමිණිල්ලක්ද නොලද බව තවදුරටත් අප සමඟ පවසා සිටි අතර හෝමාගම ප්රාදේශීය සභාව විසින් ද මෙම කරුණ තහවුරු කරන ලදී
අවසාන නිගමනය
අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ “අපි ගෝඨාගේ මිනිස්සු, පොලිසියට කතා කරොත් තොපි සේරම උස්සනවා – පොහොට්ටු මැරයන් හෝමාගම උද්යානය කඩා බිඳ දමයි” යන තේමාව යටතේ ඉදරිපත් කර ඇති සටහන සහ අනෙකුත් සමාජ මාධ්ය සටහන් පාඨකයා නොමඟ යවන සුළු සාවද්ය ප්රවෘත්ති බවයි.
.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }


