Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    දෙනියාය ප්‍රදේශයේදී ඡායාරූපයක් ලෙස හුවමාරුවන ඡායාරූපය සැබවින්ම දෙනියායද?

    2019-12-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Online Deniyaya සහ Trend නැමති ෆේස්බුක් පිටු දෙකෙහි  “මේ වෙන කොහේවත් නෙමේ. ලංකාවේ පුංචි නුවරඑළිය. දෙනියාය” යන තේමාවෙන්, සේයාරුවක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබුණි. තේ වත්තක් මැදින් ඇති දර්ශනීය  මාවතක යතුරු පැදියක් නවතා තිබූ අතර, යතුරුපැදිකරුගේ අතෙහි රැඳී ල

    Online Deniyaya සහ Trend නැමති ෆේස්බුක් පිටු දෙකෙහි  “මේ වෙන කොහේවත් නෙමේ. ලංකාවේ පුංචි නුවරඑළිය. දෙනියාය” යන තේමාවෙන්, සේයාරුවක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබුණි. තේ වත්තක් මැදින් ඇති දර්ශනීය  මාවතක යතුරු පැදියක් නවතා තිබූ අතර, යතුරුපැදිකරුගේ අතෙහි රැඳී ලොහමයක් කෝප්පයක තේ වැනි පානයක් ඇති බව පෙනෙන සේ ඡායාරූපය දක්වා තිබුණි. 

    මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර හුවමාරු වෙමින් පවතින අතර ප්‍රතිචාර සටහන් රැසක් ද විය. බොහෝ ප්‍රතිචාර සටහන් පවසා තිබුණේ මෙය දෙනියාය ප්‍රදේශයේ දර්ශනයක් නොවන බවය. මෙම සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    Facebook LinkArchived Link

    සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන එක් සටහනක සදහන් වුයේ “මේ වෙන කොහෙවත් නෙමේ. ලංකාවේ පුංචි නුවරඑළිය,💚💚 දෙණියාය 💚💚” යනුවෙනි.

    Facebook LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    අප මෙම සේයාරුව Google reverse image සෙවුමකට භාජනය කළෙමු. මෙම සේයාරුව සහිතව සමාජ මාධ්‍ය ජාල  සටහන් රැසක් දක්නට ලැබුණේය.  එම සෙවුම් ප්‍රතිඵල බොහොමයකම වගේ මෙම ඡායාරූපය ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ මලක්කප්පර ප්‍රදේශයේ ලබාගත් ඡායාරූපයක් බව සදහන් කර තිබුණි. මලක්කප්පර  ප්‍රදේශය කඳු සහිත සංචාරක ප්‍රදේශයක් බවද සදහන් කරයි.

    Google Reverse Search Link

    මෙම සේයාරුව රැගත් බොහෝ සටහන් මලයාලම් භාෂාවෙන් ඉදිරිපත් කොට තිබුණි. 

    Image Link

    අප එම සටහන් පරිවර්තනය කිරීමේදී මෙම මාර්ගය ඉන්දියාවේ බව පැහැදිලිවිය. මෙම මාර්ගය කේරළ ප්‍රාන්තයේ තිසුර් ප්‍රදේශයේ චලක්කුඩි සිට මලක්කපරා දක්වා දිවෙන කැලෑබද මාර්ගය බව එහි සඳහන් විය.

    තවද අප මෙම ඡායාරූපය සමීපව පරීක්ෂා කළෙමු. යතුරුපැදියේ අංක තහඩුව ලංකාවේ භාවිතා වන අංක තහඩුවක් නොවන බවද පෙනෙන්නට තිබුණි.

    තවදුරටත් මෙම ඡායාරූපය පරීක්ෂා කිරීමේදී අපට පැහැදිලිවුයේ මෙය මුල්වරට Instagram හරහා 2019 මැයි මස පළකර තිබු බවයි. 

    Instagram Link

    අවසාන නිගමනය

    අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ මෙම සේයාරුවේ දැක්වෙන්නේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ චලක්කුඩි සිට මලක්කරපා වෙත දිවෙන මාර්ගය බවය. Online Deniyaya නමැති ෆේස්බුක් පිටුවේ “මේ වෙන කොහේවත් නෙමේ. ලංකාවේ පුංචි නුවරඑළිය. දෙනියාය” යන තේමාවෙන් සහ එවැනිම අනෙකුත් සටහන් සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ අසත්‍ය සටහන් බව නිගමනය කරමු.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-12-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.