Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check : නිරෝධායන මධ්‍යස්ථානයෙන් පලා ගොස් ඇති පුද්ගලයකුගේ ඡායාරුපයක්ද?

    2020-03-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොරෝනා වෛරස් රෝගය තදින් පැතිර ඇති රටවල් වල සිට පැමිණෙන ගුවනින් පැමිණෙන මගීන් ගුවන් තොටුපලේ සිට නිරෝධායන මධ්‍යස්ථානයන් වෙත රැගෙන යාමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයට විරුද්ධව ශ්‍රී ලාංකිකයින් පිරිසක් කටුනායක ගුවන්තොටුපලේදී විරෝධතාවයක් දැක් වූ බවට සෑම ප්‍රධාන මාධ

    කොරෝනා වෛරස් රෝගය තදින් පැතිර ඇති රටවල් වල සිට පැමිණෙන ගුවනින් පැමිණෙන මගීන් ගුවන් තොටුපලේ සිට නිරෝධායන මධ්‍යස්ථානයන් වෙත රැගෙන යාමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයට විරුද්ධව ශ්‍රී ලාංකිකයින් පිරිසක් කටුනායක ගුවන්තොටුපලේදී විරෝධතාවයක් දැක් වූ බවට සෑම ප්‍රධාන මාධ්‍යයකම වාගේ වාර්තා වී තිබුණි. කෙසේ වෙතත් කොරෝනා වෛරස් ආසාදනය දිවයින තුළ පැතිර යත්ම, නිරෝධායන ක්‍රියාවලිය මඟහැර රට ඇතුළට පැමිණි මඟින් සියලුදෙනෙකුම සොයා ගැනීමට රජය මහජන සහාය පැතීය.

    මෙවන් පසුබිමක බන්දුල මුණසිංහ නමැත්තෙකුගේ ෆේස්බුක් පිටුවක, “අද දින උදෑසන ඉතාලියේ සිට පැමිණි පසු පුනානිහි  ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් ඇති මෙම පුද්ගලයා දැන් එහි නොමැති අතර ඔහු නිරෝධායන මධ්‍යස්ථානයෙන් මීට සුළු මොහොතකට පෙර පලාගොස් ඇති බවට සැක කරනවා. හල්පේ ආරච්චිගේ චාමර සඳකැළුම් වල්පිටගමගේ නම් ඔහුගේ වයස අවුරුදු 28 ක් වන අතර වත්තල හේකිත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට සඳහන්. මොහු පිළිබඳව යම් තොරතුරක් වේ නම් වහාම ආරක්ෂක අංශ දැනුවත් කරන ලෙස අදාළ බලධාරීන් විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. හැකි තරම් share කර අන් අය දැනුවත් කරන්න.” යන කථාංශයද අන්තර්ගතකර පුද්ගලයකුගේ සේයාරුවක් සහිත සටහනක් ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. 

    LinkArchived LinkLink 2Archived 2

    නිරෝධායන ක්‍රියාවලිය මඟහැර රට ඇතුළට පැමිණි පුද්ගලයින් වෙත වෛරී ප්‍රකාශ රැසක් පළවීම ඇරඹි තිබු පසුබිමක මෙම ඡායාරුපය ඇතුළත් සටහන බොහෝ පිරිස් අතර හුවමාරු වී තිබෙනුද දක්නට ලැබුණි.   

    මෙම සටහනට හිමිවූ ප්‍රතිචාර කිහිපය අතර බොහෝ දෙනෙකු මඟින් මෙය සම්පුර්ණයෙන් අසත්‍ය පුවතක් බවද සඳහන් කර තිබෙනුද දැක ගන්නට ලැබුණි. එබැවින් මෙම සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනය කිරීමට අපගේ අවධානය යොමු විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    බන්දුල මුණසිංහ නමැත්තාගේ ෆේස්බුක් පිටුවේ තිබු සේයාරුව පරීක්ෂා කිරීමේදි එය AHIMi PEMA  නමැති ෆේස්බුක් පිටුවකින් උපුටාගත් සටහනක් බවට තහවුරු වූයෙන්  AHIMi PEMA නැමැති ෆේස්බුක් පිටුව පරික්ෂා කළෙමු. පහත ඇති කථාංශය රැගත් සටහන නිරීක්ෂණය විය.

    “ගොඩක් ලොකු වැරදීමක් අපි අතින් වුනා…මම තවත් page එකකින් දෙයක් copy paste කරා කිසිමදෙයක් නොදැන ඒ ගැන කණගාටුවෙනවා😞 ඇත්තටම ඒ දේ කරේ රටේ ගොඩක් කලබලකාරීවෙලා තියෙනවා ගොඩක් අය නිරෝධායනයෙන් පැනලා ගියා කියලා…ඉතිං මං මේ පහල දාන පුද්ගලයගෙ 4to එකක් දාලා තවත් page එකක් දාලා තිබ්බ news එක මං copy paste කරා…මං ඇත්තටම කණගාටුවෙනවා සහ ඔහුගෙන් සමාව ඉල්ලනවා…

    ඒත් ඔහුගෙ කිසියම් තරහකාරයෙක් ඔහු නිරෝධායනයෙන් පැනලා ගියා කියලා 4to එකක් දාලා…

    අනේ යාළුවනේ වුනු වැරැද්ද නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිනවා..මේක හැකිතාක් share කරන්න..Plz🙏🙏🙏

    ඒ වගේ මේ වගේ වෙලාවක මේ වගේ වැඩ කව්රුත්ම කරන්න එපා කියලා ඉල්ලනවා…🙏🙏🙏🙏”

    LinkArchived Link

    අනතුරුව අප මුල් සටහන අසත්‍ය බව ප්‍රකාශ කර සිටි දුෂාන් විජේසේකර නමැත්තෙකුගේ  ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. ඔහු එහි පහත සටහන ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණි.

    “මගේ ලිසිට් එකේ ඉන්න මීහරකෙක් මගේ Photo එකක් දාලා බොරු පෝස්ට් එකක් හදලා උගෙ Wall එකේ දාලා තිබ්බා… අනේ ඉතින් සන්තෝසයි කියන්න වේලි වේලි ඉන්න පේජ් කාරයෝ ටිකකුත් ඒක උස්සලා උන්ගෙ පේජ් වල දාලා රීච් එක හදාගන්න.

    දැන් ඒක කොරෝනා පැතිරෙනවටත් වැඩිය ඉක්මනට Whats-app Group වලයි Facebook Group වලයි හැම තැනම Share වෙනවා, 😇( ලංකාවේ ජනතාව හරිම බුද්ධිමත් 😂 ඒක නිසා මුකුත් නොබල Share කරනවා )

    මේ පෝස්ට් එකක් කාගෙ හරි වෝල් එකක දැක්කොත් රිපෝට් පාරක් ගහන්න කියලා තමා ඉතින් ඉල්ලන්න තියෙන්නේ 😂😂 Please Share This Post”

    LinkArchived Link

    දුෂාන් විජේසේකර දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමටද අප සමත් වූ අතර එහිදී ඔහු අප සමඟ එම ඡායාරුපය තමාගේ බව තහවුරු කල අතර තමා විදේශගතව නොසිටි බවද පවසා සිටියා. ඔහුගේ ඉන්ස්ටග්‍රැම් ගිණුම් පරීක්ෂා කළෙමු. 2018 ජූලි මස නයිවල, Dream Paradise යන ස්ථානයේ ගන්නා ලද ගත කල සේයාරුවක් සහිත සටහනක් එහි විය.

    LinkArchived Link

    බන්දුල මුණසිංහ නමැත්තාගේ ෆේස්බුක් පිටුවේ තිබු සටහනේ පළවූ සේයාරුව සහ දුෂාන් විජේසේකරගෙ ඉන්ස්ටග්‍රැම් පිටුවේ සේයාරුව සමඟ සංසන්දනය කිරීමේදී තහවුරු වූයේ එම ඡායාරූප දෙකම එකම සේයාරුවක් බවයි.

    මේ පිළිබඳව කරුණු තහවුරු කරගැනීම සඳහා විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ අතර එහිදී ඒ මහතා ද ප්‍රකාශ කර සිටියේ එම පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි. යුධ හමුදාපති තුමාද අද දින COVID-19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියේ කිසිඳු පුද්ගලයකු නිරෝධායන මධ්‍යස්ථානයකින් පළාගොස් නැති බවත් ඔවුන් නිරෝධායන කටයුතුවලට කැමැත්තෙන් සහභාගී වන බවත්ය.  (පැය 1 විනාඩි 9)

    https://www.facebook.com/newslk/videos/570647250213829/?t=4162

    උපහාසාත්මක කෝණයකින් වුවද මෙවැනි අවදානම් අවස්ථාවකදී අසත්‍ය තොරතුරු හුවමාරු කරගන්නා පුදගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොපැකිලෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා අද අවධාරණය කර සිටියා.

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ බන්දුල මුණසිංහ නමැත්තෙකුගේ ෆේස්බුක් පිටුවක, “අද දින උදෑසන ඉතාලියේ සිට පැමිණි පසු පුනානිහි  ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් ඇති මෙම පුද්ගලයා දැන් එහි නොමැති අතර ඔහු නිරෝධායන මධ්‍යස්ථානයෙන් මීට සුළු මොහොතකට පෙර පලාගොස් ඇති බවට සැක කරනවා” ලෙස ඉදිරිපත් කර ඇති සටහන සම්පූර්ණයෙන් අසත්‍ය සහ සාවද්‍ය සටහනක් බවයි. 

    මෙවැනි අවදානම් කාලයකදී මිතුරන් හාස්‍යයට ලක් කිරීම පිණිස වුවද මෙවැනි සටහන් ඉදිරිපත් නොකරන ලෙස ෆේස්බුක් පරිශීලනය කරන්නන් ගෙන් ඉල්ලා සිටිමු

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:නිරෝධායන මධ්‍යස්ථානයෙන් පලා ගොස් ඇති පුද්ගලයකුගේ ඡායාරුපයක්ද?

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-03-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.