Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඉතාලියේ කොරෝන වෛරසයෙන් මියගිය පිරිසක් නොවේ!

    2020-03-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොරෝනා වෛරස් රෝග ආසාදනයෙන් ලොවපුරා මියයන සංඛ්‍යාව දිනෙන් දින ඉහල යමින් පවතී. එහි බියකරු බව පසක් කරලීමට විවිද  ඡායාරූප සහ පුවත් සමාජ මාධ්‍ය ජාලා හරහා විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතී.  එලෙස හුවමාරුවන ඡායාරූප සහ සටහන් අතර, බොහෝ ඒවා අසත්‍ය සහ ව්‍යාජ වේ.  මීට

    කොරෝනා වෛරස් රෝග ආසාදනයෙන් ලොවපුරා මියයන සංඛ්‍යාව දිනෙන් දින ඉහල යමින් පවතී. එහි බියකරු බව පසක් කරලීමට විවිද  ඡායාරූප සහ පුවත් සමාජ මාධ්‍ය ජාලා හරහා විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතී. 

    එලෙස හුවමාරුවන ඡායාරූප සහ සටහන් අතර, බොහෝ ඒවා අසත්‍ය සහ ව්‍යාජ වේ.  මීට පෙරද අප විසින් එවැනි පලකරන ලද අසත්‍ය සහ ව්‍යාජ ඡායාරූප සම්බන්දයෙන් ඔබව දැනුවත් කරන ලදී. මිනීපෙට්ටි රැසක් සහිත 2013 ඡායාරූපක් සමාජ මාධ්‍ය ජාලාවල විශාල වශයෙන් වර්තමාන ඉතාලියේ තත්වය යන වැරදි අර්ථකතනයෙන් හුවමාරු වූ අතර ඉතාලියේ වැඩිහිටි පිරිස් වෙත දැඩි සත්කාර ප්‍රතිකාර නැවතීමට තීරණය කර ඇති බවට පළවූ නොමඟ යවන සුළු සටහනක කරුණු විමර්ශනය මෙසේය.

    මෙවන් පසුබිමක ෆේස්බුක් සටහනක “ඉතාලියේ බේදවාචකය😥😥.” යන මාතෘකාව යටතේ තැන තැන මරණයට පත් වූ දේහ රැසක් ලෙස පෙනීයන ඡායාරූපයක්  ඉදිරිපත් කර තිබුණි. එම ඡායාරූපය කොරෝන වෛරසය නිසා මිය ගිය පිරිසක් ලෙස හැගවෙන ආකාරයෙන් පළකර තිබුණු අතර Lombardi, Italy යනුවෙන්ද සඳහන් කර තිබුනේ මෙලෙසිනි

    FB LinkArchived Link

    මේ හා සමාන සටහන් රැසක් ෆේස්බුක් පරිශීලකයින් අතර හුවමාරු වී තිබෙනුද දක්නට ලැබුණි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම ඡායාරූපය සම්බන්ධයෙන් Google Reverse Search හරහා සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට දක්නට ලැබුනේ මෙම ඡායාරූපය සම්බන්දයෙන් සිදු කරන ලද කරුණු විමර්ශන රැසක් දැකගන්නට ලැබුණි. තවදුරටත් එම ඡායාරූපය සම්බන්දයෙන් සොයා බැලීමක් සිදු කරනලදී.

    එහිදී අනාවරණය වුයේ මෙම ඡායාරූපය රොයිටර් ඡායාරූප ශිල්පී Kai Pfaffenbach විසින් 2014 මාර්තු 24 දින ජර්මනියේ Frankfurt නගරයේදී ලබාගත් ඡායාරූපයක් බවයි.

    1945 දී නාසි වද කදවුරක (Katzbach Nazi concentration camp ) සිදුවූ සමුල මිනිස් ඝාතනයක්‌ සිහිකරනු වස්, පැවති අනුස්මරණ අවස්ථාවකදී, මිනිසුන් යොදා මාර්ගය අවට වැතිර සිටිමින් එම අතීත සිදුවීම විදහා දක්වන ලද අවස්ථාවේ දී මෙම ඡායාරූපය ගෙන තිබිණ.

    Adobe Stock Image

    මෙම ඡායාරූපය කොරෝනා වෛරසය චීනයේ ව්‍යාප්ත වූ මුල් අවධියේදී ඉන්දියාවේ විශාල වශයෙන් හුවමාරු වී තිබු අතර එම අවස්ථාවේදී මේ සම්බන්දයෙන් අප මව් ආයතනය විසින් සිදුකරන ලද සත්‍ය කරුණු සොයා බැලීමකදීද මෙය පැරණි ඡායාරූපයක් බව තහවරු කිරීමක් සිදුකර තිබේ. 

    Factcrescendo Fact Check

    Conclusion: (අවසාන නිගමනය)

    අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ “ඉතාලියේ බේදවාචකය😥😥.” යන මාතෘකාව යටතේ සමාජ මාධ්‍ය තුල හුවමාරු වන  ඡායාරූපය, කොරෝන වෛරසය නිසා මිය ගිය පිරිසක ගේ නොව, නාසි වද කදවුරක සිදුවූ සමුල මිනිස් ඝාතනයක්‌ සිහිකරනු වස්, 2014 වසරේදී ජර්මනියේ Frankfurt නගරයේදී පැවති ස්මරණිය අවස්ථාවකදී, මිනිසුන් යොදා මාර්ගය අවට වැතිර සිටිමින් එම අතීත සිදුවීම විදහා දක්වන ලද අවස්ථාවේ දී ලබාගත්  ඡායාරූපයක් බවත්ය.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ඉතාලියේ කොරෝන වෛරසයෙන් මියගිය පිරිසක් නොවේ!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-03-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.