Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check : ගුරු විරෝධතා ව්‍යාපාරයට පොලිස් ජල ප්‍රහාරයක් එල්ල වූවාද?

    2020-02-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    වැටුප් විෂමතා සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ගුරු වෘත්තිය සමිති කලක සිට වෘත්තීය අරගලයක නිරතව සිටී. පෙබරවාරි මස 26 වැනි දින දිනක ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ ඔවුහු කඩුවෙල බුද්ධදාස ක්‍රීඩාංගනයේ සිට පැලවත්තේ පිහිටි අධ්‍යාපන අමාත්‍ය

    වැටුප් විෂමතා සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ගුරු වෘත්තිය සමිති කලක සිට වෘත්තීය අරගලයක නිරතව සිටී. පෙබරවාරි මස 26 වැනි දින දිනක ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ ඔවුහු කඩුවෙල බුද්ධදාස ක්‍රීඩාංගනයේ සිට පැලවත්තේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පා ගමනින් පෙළපාලියක ගමන් කළහ.

    මෙවන් පසුබිමක Final Cut නමැති ෆේස්බුක් පිටුවක, විරෝධතා පෙළපාලියකට පොලිස් ජල ප්‍රහාරයක් එල්ල වන  සේයාරුවකට “රකින විරුවාට දුන් තැපැල් ඡන්දය වෙනුවෙන් දැයේ ගුරු පරපුර වෙත සිසිල් පැන් සංග්‍රහයක්” යන වදන ආරෝපණය කර සටහනක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර හුවමාරු වීමට ඇරඹී තිබුණු මෙම සටහනට ලැබුණු ප්‍රතිචාර සියල්ලම පාහේ මෙය අසත්‍ය සටහනක් බවට යෝජනා වී තිබුණේය

    එක්ව යළි නැගිටිමු නැමැති ෆේස්බුක් පිටුවකද “තේ කෝප්ප වලට දාලා දෙන්න වෙලා යන නිසා බවුසරේටම දාලා දෙන්න කියලා සෑර් කිව්වා” තේමාව යටතේ ඉහත සේයාරුවට, එම වදන්ම ආරෝපනය කර සටහනක් ඉදිරි පත්ව තිබු අතර, එම සටහන ද ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර හුවමාරු වීම ආරම්භ වී තිබුණි. මෙම සටහන් වලට ලැබෙන ප්‍රතිචාර එම සටහන් අසත්‍ය බවට යෝජනා වී තිබුණු බැවින් සහ මෙබඳු දර්ශන නිල මාධ්‍ය ඔස්සේ මෑතකදී නොදුටු බැවින් මේ පිළිබඳව සත්‍යය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    Link1Link2
    Archived Link1Archived Link2

    Fact Check (සත්‍යය කරුණු විමර්ශනය)

    මෙම සටහන්වල ඡායාරූපය අප Google Reverse image සෙවීමකට ලක් කළෙමු. ඉහත ඡායාරූප දෙකෙහිම Hiru News මුද්‍රාව තිබීම හේතුවෙන් එමඟින් ලැබී තිබු සෙවුම් ප්‍රතිඵල වෙත අවධානය යොමු කළෙමු.

    2017 ජනවාරි මස 17 දින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විරෝධතා පෙළපාලියකට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කළ වාර්තාවක් වෙතට අපගේ අවධානය යොමු විය.

    අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව ඒකාබද්ධව මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව 2017 වසරේ සංවිධානය කළ විරෝධතා පාගමනක් අරලියගහ මන්දිරය දෙසට යාමට තැත් කිරීමේ දී එම පෙළපාලිය විසුරවා හැරීම පිණිස පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළ අන්දම Hiru News වාර්තා කර තිබුනේ මෙලෙසිනි.

    LinkArchived Link

    එම ඡායාරූපය පසුව 2017 වසරේම වෙනත් වාර්තා කිහිපයක් සඳහාම යොදාගෙන තිබෙනුද අපට දක්නට ලැබුණු අතර ඉහත ෆේස්බුක් පිටුවල අන්තර්ගත වූ ඡායාරූපය සහ හිරු ප්‍රවෘත්ති නාලිකාවේ තිබූ ඡායාරූපය අප සංසන්දනය කළවිට තහවුරු වූයේ එකම ඡායාරූපයක් බවය.

    මෙම සාවද්‍ය ඡායාරූපය ඇතුලත් ප්‍රකාශයට මුල්වී තිබුනේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති කිහිපයක වෘත්තීයවේදීන් පසුගිය පෙබරවාරි 26 වනදා අසනීප නිවාඩු දමා, සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටිමින් සිදුකර ලද විරෝධතා ව්‍යාපාරයකට අදාල සිද්ධියකි. බත්තරමුල්ල, පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණය අසල සිට ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පා ගමනින් පැමිණි මෙම අධ්‍යාපන වෘත්තීකයින් ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූ අතර එහිදී උණුසුම් තත්වක්ද වාර්තා වී තිබු බව මාධ්‍ය කිහිපයක් විසින්ම වාර්තා කර තිබෙනු අපට දක්නට ලැබුණි.

    ඉහත ඡායාරූපය ලබාගෙන තිබුනේ හිරු නිවුස් වෙතින් බැවින් ඔවුන් විසින් ගුරු වෘත්තීය සංගම් උද්ඝෝෂණ ව්‍යාපාරය පිලිබඳව පෙබරවාරි 26 වනදා සිදුකරන ලද වාර්තා පෙළ වෙත අවධානය යොමු කළෙමු. එහිදී අපට විරෝධතා පෙළපාලියට පොලිස් ජල ප්‍රහාරයක් එල්ල වීම පිලිබඳ කිසිඳු දර්ශන පෙළක් දක්නට නොලැබිණි.

    ඉසුරුපාය ඉදිරිපිට පැවති උද්ඝෝෂණ ව්‍යාපාරය අතරතුර ගුරු වෘත්තීය සමිති දෙකක් අතර සිදුවූ ගැටුමක් පිලිබඳ වාර්තාවක් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණද එහිදීද අපට කිසිඳු පොලිස් ජල ප්‍රහාරයක් එල්ල වීමක් දක්නට නොලැබුණි.

    Ada DeranaNewsfirst

    අවසාන නිගමනය

    අප කළ කරුණු විමර්ශනයෙන් සනාථ වූයේ පෙබරවාරි මස 26 වැනි දින පැවති ගුරු වෘත්තීය සංගම් විරෝධතා පෙලපාලියට පොලිසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල නොකළ බවයි. “Final Cut” සහ “එක්ව යළි නැගිටිමු” යනාදී ෆේස්බුක් පිටුවල ඉදිරිපත් කර තිබූ සටහන් වල අන්තර්ගතව ඇති ඡායාරූපය 2017 වසරේ ජනවාරි මස හිරු පුවත් හරහා පළව තිබු විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යයන්ගේ විරෝධතා ව්‍යාපාරයක් විසිරුවා හැරීමට පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක ඡායාරූපයක් බවයි.

    එම නිසා පෙබරවාරි මස  26 වෙනි දින පැවැත්වුණු ගුරු වෘත්තීය සංගම් විරෝධතා පෙළපාලිය  විසුරවා හැරීම පිණිස පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කළ බවට පලවන සියලුම ෆේස්බුක් සටහන් සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ අසත්‍ය ප්‍රවෘත්ති සටහන් බවට නිගමනය කරමු.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-02-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.