Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    දෙනියායේ හෝටලක් බවට බාලි දුපතේ පිහිටි හෝටල් වල ඡායාරුප යොදාගනිමින් පළවූ සටහන් පෙළක්

    2020-08-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ගාල්ල නෙළුව සිට ලංකාගම දක්වා දිවෙන මාර්ගය සංවර්ධන කිරීම මඟින් සංවේදී පරිසර කලාපය තුළ පිහිටි කොටස සම්බන්ධයෙන් සහ සිදුවිය හැකි පරිසර හානිය යනාදී කරුණු සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි වශයෙන් කතාබහට ලක්විය. මෙම මාර්ගය සංවර්ධන කරන්නේ එහි පිහිටි හෝටලයක් මුල් කරගෙ

    ගාල්ල නෙළුව සිට ලංකාගම දක්වා දිවෙන මාර්ගය සංවර්ධන කිරීම මඟින් සංවේදී පරිසර කලාපය තුළ පිහිටි කොටස සම්බන්ධයෙන් සහ සිදුවිය හැකි පරිසර හානිය යනාදී කරුණු සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි වශයෙන් කතාබහට ලක්විය. මෙම මාර්ගය සංවර්ධන කරන්නේ එහි පිහිටි හෝටලයක් මුල් කරගෙන බව එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූ අතර එය මුල්කරගෙන සාවද්‍ය සටහන් උපහාසාත්මක කෝණයකින් පලවී තිබෙනු නිරීක්ෂණය විය. 

    Yasih Dilshan නමැති ෆේස්බුක් ගිනුමක “කාල්ටන් දෙනියාය..වැඩ කරන අපේ විරුවා දෙනියායේ හොටෙල් හැදුවා” යන තේමව යටතේ පිහිනුම් තටාකයක් සහිත හෝටලයක් පරිදි දිස්වන ඡායාරුප සටහනක් හුවමාරු කරගෙන තිබුණි. එහි “යෝෂිතගෙ දෙනියායෙ හදපු අලුත හෝටලේ. දැන් තේරෙනවා නේද සිංහරාජේ කපන හේතුව” යනුවෙන් ද සටහන් කර තිබු අතර දහසකටත් අධික ප්‍රමාණයක් අතර මෙසේ හුවමාරු වී තිබුණි.

    LinkArchived Link

    මේ අයුරින් ම Rekha Kahandagama II නමැති ෆේස්බුක් ගිනුමක පලවී තිබු තවත් සටහනක දක්වා තිබුනේ “ලංකාගමට පාරක් කපන්නට හේතු වූ ,සිංහරාජය විනාශ කරමින් ඉදිකෙරුන යෝෂිතගේ දැවැන්ත හෝටලය..වන සම්පත් රැකගැනීම වෙනුවෙන් නැගී සිටිමු.” යනුවෙනි. එම සටහන පහතින්.

    LinkArchived

    මෙම සටහන් දෙකම සාවද්‍ය සටහන් බවට බොහෝ දෙනා ප්‍රකාශ කර තිබුණද බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබු බැවින් මේ පිලිබඳ කෙටි විමර්ෂණයක් සිදු කළෙමු.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙහි පළමු ඡායාරුපය Google Reverse Image සෙවුමකදී බාලි දේශයේ පිහිටි Nandini Jungle Resort & Spa බව බොහෝ දෙනෙකු හඳුනාගෙන පහසුවෙන්ම හඳුනාගෙන තිබුණි.

    Hotel Web |Insta

    මේ අයුරුන්ම දෙවැනි සටහනේ තිබු ඡායාරුපයක් Google Reverse Image හරහා පරීක්ෂා කිරීමේදී ද අපට දැකගනන්ට ලැබුනේ ඉන්දුනීසියාවේ බාලි දුපතේ පිහිටි Chepung Sebali නම් වූ හෝටලයක ඡායාරුප පෙළක් බව පැහැදිලි වුනා.

    Facebook Link

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “යෝෂිතගෙ දෙනියායෙ හදපු අලුත හෝටලේ. දැන් තේරෙනවා නේද සිංහරාජේ කපන හේතුව” යනාදී තේමා යටතේ උපහාසාත්මක කෝණයකින් හුවමාරු වී තිබෙන්නේ ඉන්දුනීසියාවේ බාලි දුපතේ පිහිටි හෝටල්වල ඡායාරුප බවයි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:දෙනියායේ හෝටලක් බවට බාලි දුපතේ පිහිටි හෝටල් වල ඡායාරුප යොදාගනිමින් පළවූ සටහන් පෙළක්

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.