Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    2013 වසරේ සිද්ධියක් වර්තමාන සිද්ධියක් ලෙස පෙන්වා දීමක්!

    2020-06-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කළු ඇමරිකානුවකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් අත්අඩංගුවට පත්වීමේදි මිය යෑම නිසා ඇමරිකාව පුරා විරෝධතා ව්‍යාපාර ඇරිඹිණි. ඉතා කලහකාරි ලෙස හැසිරුණු විරෝධතා දැක්වුවන් පොලිසියට සහ ආරක්ෂක අංශවලට පහර දෙමින් දේපල කොල්ලකමින් මහත් ව්‍යසනයක් කළහ. තත්වය පාලනය කර ගැනීමට පො

    කළු ඇමරිකානුවකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් අත්අඩංගුවට පත්වීමේදි මිය යෑම නිසා ඇමරිකාව පුරා විරෝධතා ව්‍යාපාර ඇරිඹිණි. ඉතා කලහකාරි ලෙස හැසිරුණු විරෝධතා දැක්වුවන් පොලිසියට සහ ආරක්ෂක අංශවලට පහර දෙමින් දේපල කොල්ලකමින් මහත් ව්‍යසනයක් කළහ. තත්වය පාලනය කර ගැනීමට පොලිසිය සහ ආරක්ෂක අංශ මහත් උත්සාහයක් දැරු අතර මෙම සිදුවීම් වලට ප්‍රධාන මාධ්‍ය ධාරවෙන් මෙන්ම සමාජ මාධ්‍ය හරහාද විශාල ප්‍රචාරයක් ලැබිණි.

    LK tv නමැති ෆේස්බුක් පිටුවක් මෙවන් පසුබිමක “ඇමරිකාවේ අද තත්ත්වය තම හාම්පුතා වෙනුවෙන් ඉදිරියට ආපු 🐕 මරණ හැටි …😥” තේමාවෙන් වීඩියෝ පටයක් සහිතව ඉදිරිත් කර තිබු සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් 1000කට අධික සංඛ්‍යාවක් අතර හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය වූ අතර, මෙම සටහනට හිමි වූ ප්‍රතිචාරරැසෙන්, කිහිපයකින්ම එය ඇමරිකාවේ සිදු වූ පැරණි සිදුවීමක් බව සඳහන් කර තිබීම නිසා, මෙම සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය

    FB LinkVideo Archive

    මෙම සටහනම තවත් ෆේස්බුක් පිටු කිහිපයකම ඉදිරිපත් කර තිබෙණුද දක්නට ලැබුණේය. 

    LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    පරිඝනක මෘදුකාංගයක් උපයෝගි කර ගනිමින් මෙම වීඩියෝ පටයේ නිශ්චල රූපරාමු ගෙන, එය google reverse image සෙවීමකට යොමු කළෙමු. මෙම සුනඛයාට වෙඩි තැබීම පිළිබඳව වාර්තා රැසක් දක්නට ලැබුණි. නිව්යෝර්ක් ඩේලිනිව්ස් පුවත්පත 2013 ජූලි මස 2 දින “Police gun down dog in front of owner” (හිමිකරු ඉදිරිපිට පොලිසිය සුනඛයාට වෙඩි තබයි.) සිරස්තලයෙන් ඉදිරිපත් කර තිබු වාර්තාව සඳහන් කළේ, කැලෆෝර්නියාවේ හොර්තෝර්න් පොලිසිය විසින්, රාජකාරියට බාධා කිරිමේ චෝදනාව මත ලියොන් රොස්බි නමැත්තාව අත්අඩංගුවට ගැනිමේදි, ඔහුගේ සුනඛයා රථයෙන් පැන පොලිස් නිලධාරින්ව සපා කෑමට උත්සාහ කිරීම නිසා සතාට වෙඩි තැබු බවයි.

    LinkArchived Link

    මෙම සිදුවීම පිළිබඳව තව දුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස අප YouTube චැනලයේ මෙම සිදුවිම අළලා වීඩියො පට ඇත්දැයි පරීක්ෂා කළෙමු. 2013 වසරේ ජූලි මස 4වැනි දින The Rubin Report වෙබ් අඩවිය Dog shot & killed by Police  තේමාවෙන් ඔසවා තිබු විනාඩි 7ක වීඩියො පටය පරීක්ෂා කළෙමු. එහි මෙම සිදුවීම පැහැදිළිව දක්වා තිබුණි.

    අප LK tv ෆේස්බුක් පිටුවේ තිබු විඩියෝ පටයේ රූපරාමු සහ The Rubin Report වෙබ් අඩවියේ තිබු වීඩියෝ පටයේ රූපරාමු සංසන්දනය කිරීමේදි එය එකම සිදුවීමක රූපරාමු බවට තහවුරු විය.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ  LK tv ෆේස්බුක් පිටුවේ තිබු විඩියෝ පටයේ සිද්ධිය සිදුවී ඇත්තේ 2013 වසරේ ජූලි මස බවය. 

    එනිසා “ඇමරිකාවේ අද තත්ත්වය තම හාම්පුතා වෙනුවෙන් ඉදිරියට ආපු 🐕 මරණ හැටි …😥” තේමාවෙන් වීඩියෝ පටයක් සහිතව ඉදිරිත් කර ඇති ෆෙස්බුක් සටහන් නොමඟ යවනසුළු සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-06-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.