Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඉන්දියවේ ඡායාරුපයක් ලංකාවේ පොලිස් සහ හමුදා නිලධාරීන් ලෙස පෙන්වා දීමක්!

    2020-06-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරොනා වෛරස් ආසාදනය මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින් සමඟ උරෙනුර ගැටී වැඩ කරන්නේ ලංකාවේ සන්නද්ධ සේවා සමග පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකායය. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම, නිරෝධායන කටයුතු සඳහා නියැලී සිටින සෞඛ්‍

    ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරොනා වෛරස් ආසාදනය මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින් සමඟ උරෙනුර ගැටී වැඩ කරන්නේ ලංකාවේ සන්නද්ධ සේවා සමග පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකායය. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම, නිරෝධායන කටයුතු සඳහා නියැලී සිටින සෞඛ්‍යය සේවකයින්ට ආරක්ෂාව සැපයීම, නිරෝධායනය මගහැර සිටින පුද්ගලයින් සොයා ගැනීමට සහ නිරෝධායන කඳවුරු පවත්වාගෙන යෑමට වැනි කාර්යයන් සඳහා මොවුන් මහත් දායකත්වයක් පසුගිය මාස් කිහිපයදීම දැකගන්නට ලැබුණි.

    “අපේ රණවිරුවන් මෙහෙමයි දුක් විඳින්නේ ඔවුන්ට අගෞරව වන ලෙස කථා නො කරන්න මොකද ඔවුන් මේ දුක් විඳින්නේ අපිව රකින්නයි බුදුසරණයි රණවිරු සහෝදරයිනි” තේමාවෙන් පදික වේදිකාවක වාඩිවී රාත්‍රී ආහාරය ගන්නා ආරක්ෂක හමුදා සාමාජිකයන් දෙදෙනකුගේ සේයාරුවක් සහිතව සටහනක් “පුරන් අප්පු” නමින් ෆේස්බුක් ගිනුමක ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. ප්‍රතිචාර රැසක් හිමිකර ගත් මෙම සටහන ෆේස්බුක් පරිශීලනය රැසක් අතර සංසරණය වී තිබෙනු දක්නට ලැබුණි. ප්‍රතිචාරයන්ගෙන් සමහරක් මෙම සටහනේ අන්තර්ගතව ඇති සේයාරුවෙන් දැක්වෙන්නේ  ශ්‍රී ලංකාවේ ආරක්ෂක සාමාජිකයන් නොවන බව සඳහන් කර තිබීම නිසා මේ පිළිබඳ සත්‍යය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම ෆේස්බුක් සටහනේ වූ ඡායාරූපය සමීපව පරීක්ෂා කර බැලීමේදී එහි ඇති යතුරුපැදිය ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් හෝ පොලීසිය භාවිතා කරන ආකාරයේ යතුරු පැදියක් නොවන බවත්, එතරම් පැහැදිලිව නොපෙනුනත් යතුරුපැදියේ ලියාපදිංචිය අංකයද ලංකාවට ආගන්තුක බවත් සහ මෙම හමුදා සාමාජිකයින්ගේ උර පලඳනා ලංකාවේ ආරක්ෂක හමුදාව හෝ පොලීසිය භාවිතා කරන උර පළඳනාවන්ට හාත්පසින්ම වෙනස් බවත් තහවුරු වීම නිසා, එම ඡායාරූපය Google Reverse Image සෙවීමකට යොමු කළෙමු. මෙම ඡායාරූපය අන්තර්ගත කර ෆේස්බුක් සහ ට්විටර් පණිවිඩ ජාලයේ සටහන් රාශියක් දක්නට ලැබුණේය. එහිවු ට්විටර් පණිවිඩ අතර Citizen 4 Forces නමැති ඉංග්‍රීසි බසින්වු ට්විටර් පණිවිඩයේ අන්තර්ගතය පහත ඇත.

    “රට වසා දැමීම ගැන අප සියල්ලන්ම නොසන්සුන්ව සිටින අතර, මෙම රණශූරයින්ට විවේක ගැනීමට හෝ ආහාර ගැනීමට සුදුසු ස්ථානයක් ලැබෙන්නේ නැත. මෙතැන් සිට මෙම කෝවිඩ් එරෙහිව ඇති සටනේදි, අපව ආරක්ෂා කර ගැනීම සඳහා වීදි බැස සිටින දහස් ගණන් පොලිස් නිලධාරීන්ට අපි කෘතඥ විය යුතුයි.”

    LinkArchived Link

    Sukhoi Su-57 Felon නමැති ට්විටර් පණිවුඩය මෙම සේයාරුවට අමතරව තවත් සේයාරූ තුනක් සමග “රට වසා තිබෙන විට සේවයේ යෙදී සිටින ඉන්දියානු පොලිස් නිලධාරීන්” ලෙස දක්වා තිබුණි.

    LinkArchived Link

    මෙම ඡායාරුපය අප මව් ආයතනයට යොමු කරන ලද අතර බිම වාඩිවී සිටින පොලිස් නිලධාරියාගේ උර පලඳනාව ඉන්දියාවේ දිල්ලි පොලිසිය විසින් භාවිත වන උර පළඳනාවක් බව ද තහවුරු විය. Link

    මෝටර් බයිසිකලයේ අංකය පරික්ෂා කිරීමේදීද එක ලංකාවේ භාවිතා නොවන අංකයක් බව තහවුරු විය.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ පදික වේදිකාවක වාඩිවී රාත්‍රී ආහාරය ගන්නේ ඉන්දියානු පොලිස් නිලධාරියෙකු සහ හමුදා නිලධාරින්ය බවය. කෙසේවෙටත් ලංකාවේ හමුදා සහ පොලිස් නිලධාරින්ද කොරෝනා මර්දන කටයුතු සඳහා දිවා රෑ නොතකා මහත් පර්ශ්රිශ්‍රමයකින් කටයුතු කරනු දක්නට ලැබුණි.

    එනිසා “අපේ රණවිරුවන් මෙහෙමයි දුක් විඳින්නේ ඔවුන්ට අගෞරව වන ලෙස කථා නො කරන්න මොකද ඔවුන් මේ දුක් විඳින්නේ අපිව රකින්නයි බුදුසරණයි රණවිරු සහෝදරයිනි” තේමාවෙන්  ඉදිරිපත්ව ඇති ෆේස්බුක් සටහන නොමඟ යවනසුලු සටහනක් බවට නිගමනය කරමු.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-06-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.