Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    සජිත්ගේ ප්‍රචාරණ කටයුතු කළ ඉන්දියන් ආයතනය ලංකාවෙන් ඉවත් වෙයි?

    2019-11-12
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනාධිපතිවරණය ආසන්න වෙත්ම, ජනාධිපති ධූර අපේක්ෂකයින් පිළිබඳ නොයෙකුත් පුවත්, සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වීමට පටන්ගෙන ඇත. තමන් කැමති අපේක්ෂකයින්ට සහය දක්වමින් නොයෙකුත් ආරූඪ නම්වලින් බිහිවුණු සමාජ මාධ්‍ය ජාලා සටහන්, ප්‍රතිවාදී අපේක්ෂකයින් පිළිබඳව විවිධාකාර ප්

    ජනාධිපතිවරණය ආසන්න වෙත්ම, ජනාධිපති ධූර අපේක්ෂකයින් පිළිබඳ නොයෙකුත් පුවත්, සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වීමට පටන්ගෙන ඇත. තමන් කැමති අපේක්ෂකයින්ට සහය දක්වමින් නොයෙකුත් ආරූඪ නම්වලින් බිහිවුණු සමාජ මාධ්‍ය ජාලා සටහන්, ප්‍රතිවාදී අපේක්ෂකයින් පිළිබඳව විවිධාකාර ප්‍රවෘත්ති ඇතුලත් කර සටහන් ඉදිරිපත් කරති.

    රට වෙනුවෙන් අපි නමැති ෆේස්බුක් පිටුවක, “මෙන්න දැන් ලැබුණු පුවතක්.. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ කටයුතු කළ ඉන්දියන් ආයතනය කාර්යාලය වසා දමා ලංකාවෙන් ඉවත් වෙයි !” යනුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගනිමින් පළකර තිබුණි.  සුළු වෙලාවක් තුළ මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් විශාල ප්‍රමාණයක් අතර හුවමාරු විය.

    Facebook Link   Archived Link  

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

    මීට පෙරද අවස්ථා කිහිපයකදීම ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ඉන්දියාවේ සමාගමක් මගින් සිදු කෙරෙන බවට සමාජ මාධ්‍ය තුළ සටහන් බොහොමයක් පළවී තිබෙනු අපට දක්නට ලැබුණා.

    මෙම ප්‍රවෘත්තිය පිළිබඳව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම්ගේ අත්සනින් යුතුව මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කර තිබුණි. එහි සඳහන් කර තිබුණේ සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රකාශක කටයුතු මෙහෙයවන නිල ආයතනය වන්නේ GroupM සහ J Walter Thompson සමාගම් විනා ඉන්දියන් සමාගමක් නොවන බවය. පහත දක්වා තිබෙන්නේ එම මාධ්‍ය ප්‍රකාශයයි.

    Facebook Link Archived Link

    තවද එම මාධ්‍ය ප්‍රකාශයේ  දක්වා තිබුණේ සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාලයෙන් යන නිල මුද්‍රාවද සහිතව පළ කර ඇති ඉහත සටහන සම්පූර්ණයෙන්ම පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයක් බවයි.

    සජිත් ප්‍රේමදාස මහතාගේ නිල කාර්යාලයීය මුද්‍රාව ඉහත පරිදි මෙම ව්‍යාජව සකස් කරන ලද සටහන සඳහා යොදාගෙන ඇති බව පෙනී යයි.

    Conclusion: (අවසාන නිගමනය)

    අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ “මෙන්න දැන් ලැබුණු පුවතක්.. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ කටයුතු කළ ඉන්දියන් ආයතනය කාර්යාලය වසා දමා ලංකාවෙන් ඉවත් වෙයි !” යනුවෙන් පළවී ඇති සටහන් සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි. සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාලයීය නිල මුද්‍රාව සම්බන්ධයෙන් වගකීම ඇති කාර්යාලය මගින් නිවේදනයක් නිකුත් කරමින් ඉහත ප්‍රකාශ සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව සඳහන් කර සිටියා

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-11-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.