Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    වෛද්‍ය සාෆි නැවත සේවයේ පිහිටවිමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කළාද?

    2020-01-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ලංකාවේ ජන කොටස් අතර ගොඩනැගෙමින් තිබූ  සංහිඳියාව නැවත වරක් බිඳ වැටිණි. මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන මෙන්ම මුස්ලිම් වෘත්තිකයන්ද ජනතාවගේ සැකයට භාජනය විය. කලක සමාජයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්, සිංහල මව්වරුන් වඳභාවයට පත්

    පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ලංකාවේ ජන කොටස් අතර ගොඩනැගෙමින් තිබූ  සංහිඳියාව නැවත වරක් බිඳ වැටිණි. මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන මෙන්ම මුස්ලිම් වෘත්තිකයන්ද ජනතාවගේ සැකයට භාජනය විය.

    කලක සමාජයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්, සිංහල මව්වරුන් වඳභාවයට පත් කිරීම පිණිස මුසල්මානුවන් රහසිගත  ක්‍රියාදාමයක් අනුගමනය කරන බවට වූ කතිකාවත වරක් සමාජය තුළ සැරිසරන්නට පටන්ගැනීමත් සමඟ වෛද්‍ය වෘත්තියේ නියැලුණු මුස්ලිම් ජාතිකයින් දෙස ජනතා සැකය වඩාත් යොමු වීමක්ද දක්නට ලැබුණි. 

    කුරුණෑගල මහ රෝහලේ නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කළ වෛද්‍ය සාෆි සිංහල කාන්තාවන්  විශාල සංඛ්‍යාවකට, එම කාන්තාවන්ගේ අවසරය නොමැතිව වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා නැගෙන්නට විය. වඳ සැත්කමකට භාජනය වූ  කාන්තාවන් විශාල ප්‍රමාණයක් කුරුණෑගල අවට පොලීසි වලට කළ පැමිණිලි අනුව මෙම වෛද්‍යවරයා පිළිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භ විය. ඒ පිළිබඳව ජනමාධ්‍ය තුළින් විශාල ප්‍රචාරයක් ලබා දෙන ලදි. මේ සිද්ධිය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කිරීමට රහස් පොලිසියට බාර දුන් එවකට පැවැති යහපාලන ආණ්ඩුව පරීක්ෂණ නිමවන තෙක් වෛද්‍ය සාෆිගේ සේවය අත් හිටවනු ලැබීය.

    මේ පිළිබඳව උනන්දුවක් දැක්වූ විවිධ පාර්ශව ගොනු කළ නඩු නිසා රිමාන්ඩ් සිර භාරයට පත් වූ විශේෂඥ වෛද්‍ය සාෆි පසුකලකදී ඇප මත නිදහස් වුවද සේවා තහනම ඉවත් නොවීය. වෛද්‍ය සාෆි පිළිබඳ සිද්ධිය මැතිවරණ සමයේ මැතිවරණ වේදිකාවේ ද උණුසුම් මාතෘකාවක් බවට පත්වී තිබු අතර ඔහු හා සබැඳි කරුණු අනාවරණ කිහිපයක්ම අප මැතිවරණ සමයේ සිදුකළෙමු. ඇප මත නිදහස්ව සිටි වෛද්‍ය සාෆි තමන්ව නැවත සේවයේ පිහිටුවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉල්ලීමක් කළ බවට වාර්තා රැසක් පසුගිය දින කිහිපයේදී පළ වෙන්නට පටන් ගත්තේය.

    2020 ජනවාරි මස 11 දින SL Story News නැමැති ප්‍රවෘත්ති වෙබ් අඩවියක් “සාෆි යළිත් රැකියාවේ පිහිටුවන ලෙස ජනපති නියෝග කරයි” යන තේමාව යටතේ සිය ෆේස්බුක් පිටුවේ ප්‍රවෘත්තියක් ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණි.  

    යථාර්ථය නම් වූ ෆේස්බුක් පිටුවකද “වැඩ තහනම් කර තිබෙන සාෆිට යළිත් රැකියාව” යන සිරස සහිතව විශේෂඥ වෛද්‍ය සාෆිගේ සේයාරුව සමඟ සටහනක් ඉදිරිපත් කර  තිබෙණු නිරීක්ෂණය විය. මෙවැනි සටහනන් සියල්ලටම ප්‍රතිචාර සටහන් රැසක් ලැබී තිබු අතර ෆේස්බුක් පරිශීලනය කරන්නන් රාශියක් අතර හුවමාරු වී තිබිණි.

    Link1Link2
    Archived Link1Archived link2

    තවද ” වෛද්‍ය සාෆි නැවතත් සේවයේ පිහිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව ලබා ගත් තීරණය අහෝසි කරන්නැයි ජනපති ගෝඨාභයගෙන් නියෝගයක්…. “යනුවෙන් සටහන් කිහිපයක්ද හුවමාරු වෙමින් පවතිනු දක්නට ලැබුණි.

    LinkArchived Link

    මෙම ප්‍රවෘත්ති සටහන් වලට ලැබුණු ප්‍රතිචාර රැසකින්ම වෛද්‍ය සාෆි සේවයේ  පිහිටුවීම පිළිබඳව විරෝධය පළ කර තිබු අතර මේ පිලිබඳ පුවතක් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ දැකීමට නොහැකි වූ බැවින් ඒ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    Fact Check (සත්‍යය කරුණු විමර්ශනය)

    විශේෂඥ වෛද්‍ය සාෆි මහතා  නැවත සේවයේ පිහිටුවීම පිළිබඳව වාර්තා ඇත්දැයි අපි ප්‍රධාන මාධ්‍ය තුල සොයා බැලුවෙමු. විශේෂඥ වෛද්‍ය සාෆි මහතා නැවත සේවයේ පිහිටුවීම පිළිබඳ රාජ්‍ය සේවා කොමිසම කිසිදු තීරණයක් ගෙන නැතැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කළ ප්‍රකාශයක් සියත රූපවාහිනී නාලිකාවේ 2020 ජනවාරි මස 11 ප්‍රවෘත්තිය විකාශයේ අන්තර් ගතව තිබුණේය.

    මේ පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කරගැනීම සඳහා අප රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවිය පරික්ෂා කර බැලු වෙමු. එහි විශේෂ නිවේදන යටතේ එහි ලේකම් දයා සෙනරත් මහතාගේ අත්සනින් මාධ්‍ය වෙත නිකුත් කළ මෙම ප්‍රවෘත්ති නිවේදනය අපට නිරීක්ෂණය විය

    regarding-the-recalling-to-servive-of-Dr.-S.S.M.-ShaffiIMG
    LinkArchived Link

    විශේෂඥ වෛද්‍ය සාෆි මහතා තමන් නැවත සේවයේ පිහිටුවන ලෙස ඔහු කළ ඉල්ලීම සහ ඔහු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය කළ මූලික පරීක්ෂණය පිළිබඳ වාර්තාව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍යය කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දන්වා යැවුවද ඒ පිළිබඳව මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබී ඇති බව සඳහන් කරන එම නිවේදනය ඔහුව සේවයේ පිහිටුවන ලෙස මේ දක්වාම තීරණ යක් ගෙන නොමැති බව අවධාරණය කර තිබිණි. එමෙන්ම වෛද්‍ය සාෆි මහතා සේවයේ පිහිටුවීම පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා තුල පැතිර යන ආරංචි සම්පූර්ණ අසත්‍යය බව පවසන රාජ්‍ය සේවා කොමිෂන් සභාව මේ පිළිබඳව ජනාධිපතිතුමාගෙන් හෝ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගෙන් කිසිදු බලපෑමක් සිදු නොවූ බව අවධාරණය කර තිබුණේය.

    ප්‍රධාන ධාරාවේ මාධ්‍ය රැසක් ඔස්සේද ඊයේ සවස (13) නිකුත් වු එම නිවේදනයට අදාළව ප්‍රවෘත්ති පළ කර තිබෙනු අපට දැක ගැනීමට හැකි වුණා

    Ada Derana | Ada | Daily News

    අවසාන නිගමනය

    අප කළ කරුණු විමර්ශනයෙන් තහවුරු වූයේ විශේෂඥ වෛද්‍ය සාෆි මහතා තමන් නැවත සේවයේ පිහිටුවන ලෙස රාජ්‍ය සේවා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබුනද, තවමත් ඒ පිළිබඳ රාජ්‍ය සේවා කොමිෂම නිශ්චිත තීරණයකට එළඹ නැති බවයි. එමෙන්ම ඔහුව නැවත සේවයේ පිහිටුවන ලෙස ජනාධිපතිතුමා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත නියෝගයක් නිකුත් කර නොමැති බවය.

    එබැවින් විශේෂඥ වෛද්‍ය සාෆී මහතා සේවයේ පිහිටුවන ලෙස ජනාධිපතිතුමා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නියෝග කළ බවට සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඔහුව නැවත සේවයේ පිහිටුවීමට තීරණය කළ බවට ෆේස්බුක්  සමාජ මාධ්‍ය ජාලයෙහි ඉදිරිපත් වන සියලු ප්‍රවෘත්ති සහ සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සාවද්‍ය ප්‍රවෘත්ති සටහන් බවට නිගමනය කරමු.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:වෛද්‍ය සාෆි නැවත සේවයේ පිහිටවිමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කළාද?

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-01-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.