Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අනුර කුමාර දිසානායක JVP සහ NPP දෙකටම නායකත්වය දීම නීති විරෝධීද?

    2024-08-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අපගේ WhatsApp නාලිකාවට එක්  වන්න ජනාධිපතිවරණය ආසන්න වන විට සමාජ මාධ්‍ය වේදිකා හරහා නොමඟ යවන පෝස්ට් විශාල ප්‍රමාණයක් පැතිර යමින් තිබේ. ජාතික ජන බලවේගය සහ එහි නායකත්වය ඉලක්ක කරගෙනද  මේ ආකාරයේ සමාජ ජාලා සටහන් පැතිර යන බවක් අපට දැකගන්නට ලැබේ . සමාජ මාධ්‍ය පළ

    අපගේ WhatsApp නාලිකාවට එක්  වන්න

    ජනාධිපතිවරණය ආසන්න වන විට සමාජ මාධ්‍ය වේදිකා හරහා නොමඟ යවන පෝස්ට් විශාල ප්‍රමාණයක් පැතිර යමින් තිබේ. ජාතික ජන බලවේගය සහ එහි නායකත්වය ඉලක්ක කරගෙනද  මේ ආකාරයේ සමාජ ජාලා සටහන් පැතිර යන බවක් අපට දැකගන්නට ලැබේ .

    සමාජ මාධ්‍ය පළ කිරීම්

    අනුර කුමාර දිසානායක ජවිපෙ (ජනතා විමුක්ති පෙරමුණ) සහ එන්පීපී (ජාතික ජන බලවේගය) යන දේශපාලන පක්ෂ දෙකක නායකත්වය නීතිවිරෝධී ලෙස දරන බවට සමාජ මාධ්‍ය පෝස්ට් ප්‍රකාශ කරයි. මෙම සමාජ ජාලා සටහන් වලින්  තර්ක කරන්නේ එක් පුද්ගලයෙකුට එකවර පක්ෂ දෙකකට නායකත්වය දිය නොහැකි බවයි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කරන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 103 (2) වගන්තිය උපුටා දක්වන සමාජ ජාලා සටහන් , දිසානායකට පක්ෂ දෙකටම ලියාපදිංචි වී නායකත්වය දීමට ඉඩ දීමෙන් මැතිවරණ කොමිසම එම වගකීම කඩ කළ බවට චෝදනා කරනවා.

    අපි මේ ගැන කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 103(2) වගන්තිය:

    මැතිවරණ කොමිසමේ අරමුණ නිදහස් හා සාධාරණ මැතිවරණ සහ ජනමත විචාරණ පැවැත්වීම බව මෙම ව්‍යවස්ථා වගන්තියේ  සඳහන් වේ. කෙසේ වෙතත්, දේශපාලන පක්‍ෂවල නායකත්වය ගැන හෝ එක් පුද්ගලයකුට පක්‍ෂ කිහිපයකට නායකත්වය ලබාදීම  සීමා කිරීම් ගැන කිසිවක් එහි සඳහන් නොවේ.

    1981 පාර්ලිමේන්තු මැතිවරණ පනත:

    දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අදාළ නීති සම්පාදනය වන්නේ 1981 පාර්ලිමේන්තු මැතිවරණ පනතයි. මෙම පනත සමාලෝචනය කිරීමේදී, පුද්ගලයෙකුට එකවර දේශපාලන පක්ෂ එකකට වඩා ලියාපදිංචි කිරීම හෝ නායකත්වය දීම සීමා කරන වගන්තියක් සොයාගත නොහැකි විය. මේ පිළිබඳ දක්වා ඇති පනත මෙතනින්. 

    පක්ෂ ලියාපදිංචි තොරතුරු:

    මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට අනුව ජවිපෙ සහ එන්පීපී යන පක්ෂ දෙකම වෙන වෙනම දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචි වී ඇති අතර එම පක්ෂ දෙකේම නායකයා ලෙස අනුර කුමාර දිසානායක නම් කර ඇත. NPP සම්බන්ධ දක්වා ඇති ලේඛන මෙතනින් , සහ JVP  සම්බන්ධ ලේඛනය මෙතනින් .

    නීතිමය අභියෝගය:

    මෙම වසර මුලදී නාගානන්ද කොඩිතුවක්කු මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව නීතිමය පියවරක් ලබාගන්නා ලදී . නීතිපතිවරයා ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, එම  නඩුවේ කිසිදු සත්‍ය හෝ වලංගු පදනමක් නොමැති බවයි. අධිකරණය නඩුව ඔක්තෝබර් මාසයට කල් තබා ඇති අතර ඒ සම්බන්ධ විස්තර මෙතනින් .

    නාගානන්ද මහතා මැතිවරණ කොමිසමට යැවූ ලිපිය:

    මැතිවරණ කොමිෂන් සභාවට  ලිපියක් යවන ලද නාගානන්ද පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 8(3) වගන්තිය යොමු කරමින් තර්ක කරන්නේ  ජවිපෙ විධායක කමිටු සාමාජිකයන් විසින් නව දේශපාලන පක්ෂ පිහිටුවීම පිළිබඳව මැතිවරණ කොමිසමට දැනුම් නොදුන් බවටයි. කෙසේ වෙතත්, 8(3) වගන්තිය මගින් විධායක කමිටුවේ වෙනස්කම් මැතිවරණ කොමිෂන් සභාවට වාර්තා කළ යුතු බව පමණක් නියම කර ඇති අතර, සාමාජිකයින්ගේ අනෙකුත් දේශපාලන ක්‍රියාකාරකම් ගැන සඳහන් නොකරයි.

    පාර්ලිමේන්තු මැතිවරණ පනත 

    විශේෂඥ අදහස්:

    ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශ ප්‍රධානී සුනිල් වටගල ප්‍රකාශ කළේ මෙම චෝදනා පදනම් විරහිත බවයි. ජවිපෙ ලේකම්වරයා සාමාන්‍යයෙන් මැතිවරණයට පෙර මැතිවරණ කොමිසමට ලිපියක් ඉදිරිපත් කරන බවත්, ජවිපෙ ඍජුව මැතිවරණයට ඉදිරිපත් නොවන බවත්, එන්පීපී පුළුල් සන්ධානයක් හරහා මැතිවරණයට ඉදිරිපත් වන බවත් ලිපියෙන් සදහන් කරන බව ඔහු පැහැදිලි කළේය. ඉදිරි ජනාධිපතිවරණය සඳහා  සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා මේ වන විටත් මෙම ලිපිය ඉදිරිපත් කර ඇත.

    ජ්‍යෙෂ්ඨ නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා තහවුරු කළේ මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයට  හෝ ජනතා විමුක්ති පෙරමුණට නීතිමය බාධාවක් නොමැති බවත්, අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපතිවරණයට තරග කිරීමට නීත්‍යානුකූලව සුදුසුකම් ඇති බවත්ය.

    නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරියක වන පියුමි ආටිගල ද JVP සහ NPP වෙනම පක්ෂ  ලෙස ලියාපදිංචි වී ඇති බව තහවුරු කරන ලද  අතර NPP පිලිබදව මැතිවරණ කොමිසමේ ලේඛනවල ඇත්තේ දේශපාලන සන්ධානයක් ලෙස බව පවසන ලදී .

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අනුර කුමාර දිසානායක ජවිපෙ සහ එන්පීපී දෙකටම නායකත්වය දීම නීති විරෝධී බවට කරන ප්‍රකාශය අසත්‍යයකි. පුද්ගලයෙකුට එකවර දේශපාලන පක්ෂ දෙකක නායකත්ව තනතුරු දැරීම සීමා කරන ව්‍යවස්ථාපිත හෝ නීතිමය ප්‍රතිපාදන නොමැත.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-08-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.