Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ලංකාවේ ජනාධිපති වීමට සිංහල බෞද්ධ වීම අනිවාර්යද?

    2019-10-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    2019 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තන්පත් කරන ලද අපේක්ෂකයින් 41 දෙනාගෙන් අපේක්ෂකයින් 35 දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාව වෙත ඊයේ (07) පෙරවරුවේ සිය නාමයෝජනා පත්‍ර භාරදීම සිදුකළා. මෙහෙදී අවසන් දිනයේ ඇප මුදල් තැන්පත් කරන ලද නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් .එල්.ඒ.එ

    2019 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තන්පත් කරන ලද අපේක්ෂකයින් 41 දෙනාගෙන් අපේක්ෂකයින් 35 දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාව වෙත ඊයේ (07) පෙරවරුවේ සිය නාමයෝජනා පත්‍ර භාරදීම සිදුකළා. මෙහෙදී අවසන් දිනයේ ඇප මුදල් තැන්පත් කරන ලද නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් .එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි එම්.කේ.සිවාජිලිංගම් යන අපේක්ෂකයින් දෙදෙනා සම්බන්ධයෙන් නොයෙකුත් කතිකාවන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබෙනු දක්නට ලැබුණි.

    මේ අතුරින් ෆේස්බුක් පර්ශීලකයින් 5000ට ආසන්න ප්‍රමාණයක් අතර හුවමාරු වී තිබු එක් ප්‍රකාශයක මෙලෙසින් දක්වා තිබුණි. “ජනාධිපති වෙන්න සිංහල බෞද්ධ වෙන්න ඕන කියල ව්‍යාවස්ඵාවෙ තියෙද්දි කොහොමද හිස්බුල්ලා සිවාජිලිංගම් ජනාධිපතිවරණයට ඉල්ලන්නෙ.??”

    Facebook Link 1Archived LinkFacebook Link 2Archived Link 2

    තවත් එලෙසින් පළවූ සටහනක් ද විශාල ලෙස හුවමාරු වී තිබුනේ පහත පරිදිය.

    Facebook LinkArchived Link

    එම පුවත තවත් පාර්ශව ගණනාවක්ද ප්‍රකාශ වශයෙන් ඉදිරිපත් කර තිබු අතර අප වෙත ද  ෆේස්බුක් සමාජ ජාලයේ සත්‍ය කරුණු පිලිබඳ විමසිලිමත්ව සිටින පිරිස් කිහිපයක් විසින්ම මෙම පුවත අවධානයනට ලක් කරන ලෙස දන්වා තිබුණි

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම ප්‍රකාශය පිළිබඳ කරුණු විමර්ශනය කිරීම  සඳහා මීට පෙර කිසිදු අවස්ථාවක දී ජනාධිපතිවරණයක් සඳහා සිංහල බෞද්ධ හැරුණු අයෙකු ඉදිරිපත් වී ඇත්දැයි සොයාබැලීම සඳහා, මැතිවරණ කොමිසමේ නිල ඡන්ද ප්‍රතිඵල පරිශීලනය කිරීමේ දී, පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම සිංහල බෞද්ධ නොවන අපේක්ෂකයින් ඉදිරිපත් වී ඇති බව පැහැදිලි විය.

    2015 ජනාධිපතිවරණ ප්‍රතිඵල2010 ජනාධිපතිවරණ ප්‍රතිඵල

    තවද ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියේ, නිතරම ඇසෙන ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්, ජනාධිපතිවරයෙකු වශයෙන් ඉදිරිපත් වීමට ඇති සුදුසුකම් සහ නුසුදුසුකම් පහත පරිදි පෙන්වා දී තිබු අතර එහි ආගම පිලිබඳ කිසිදු සඳහනක් කර තිබුනේද නැත.

    Election Commission FAQ SectionArchived Link

    1981 මාර්තු මස 12 දින සහතික කර ඒම වසරේම මාර්තු 13 දා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II කොටසේ අතිරේකයක් ලෙස පළ කරන ලද 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම පිළිබඳ පනත යටතේ ජනාධිපති ධුර අපේක්ෂකයකු විසින් සපුරා ලිය යුතු සුදුසුකම් දක්වා තිබෙන අතර, එහි කිසිම ස්ථානයක ජනාධිපති සිංහල බෞද්ධ විය යුතුයැයි සඳහන් වී නොමැත.

    15-1981_S

    තවද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 හා10 කරුණු වල සඳහන් වන්නේ බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් වනු ඇති බවත් ඕනෑම තැනැත්තෙකුට තමන්ට අභිමත පරිදි ආගමක් ඇදහීමේ හෝ වලන්දගැනීමේ නිදහසක් ඇති බවයි.

    මේ පිළිබඳව කරුණු තවදුරටත් සොයා බැලීමේදී මෙම ප්‍රශ්නය පිළිබඳව කතිකාවතක් මීට පෙර අවස්ථාවකදීද ගොඩනැගී ඇති බවත් ඒ පිළිබඳව දීර්ඝ විශ්ලේෂණයක් බීබීසී සිංහල වෙබ් අඩවිය මඟින් “ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනපති බෞද්ධ විය යුතුම ද?” යනුවෙන් විද්වතුන් කිහිප දෙනෙකුගේම අදහස් විමසීමක්ද සහිතව පහත පරිදි සිදුකර ඇති බවයි

    BBC Sinhala LinkArchived Link

    “ජනපති සිහිනය සැබෑ කරගන්න තිබිය යුතු සුදුසුකම් මෙන්න” යන යන මැයෙන් සිළුමිණ පුවත් පත මගින් පල කරන ලද ලිපියක ද කරුණු දැක්වීමකින් පැහැදිලි කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකු වීම සඳහා සිංහල බෞද්ධ වීම අනිවාර්ය සාධකයක් නොවන බවයි

    Silumina ArticleArchived Link

    මේ අතර ඊයේ දිනයේ පැවති ජනාධිපතිවරණ නාමයෝජනා සඳහා කිසියම් විරෝධතත්වයක් දක්වන්නේ නම් ඒවා ඉදිරිපත් කිරීම සඳහා ද ඉඩ ප්‍රස්ථාවක් ලබාදී තිබු අතර එහිදී හිස්බුල්ලා මහතාට සහ සිවාජිලිංගම් මහතාට එරෙහිවත් විරෝධතාවන් දෙකක් ඉදිරිපත් කර තිබුණි. කරුණු අධ්‍යනයක නිරතවීමෙන් අනතුරුව ජනාධිපතිවරණ පනතේ විධිවිධානවලට අනුව එම විරෝධතාව පිළි නොගෙන අපේක්ෂකයන් 35 දෙනාගේම  නාමයෝජනා පිළිගන්නා ලදී. මෙසේ ලැබී තිබූ විරෝධතාව පාදක කර ගනිමින් මෙබඳු ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීමට මුල් වන්නට ඇතැයිද අනුමාන කළ හැක.

    දිනමිණ ලිපියArchived Link

    අවසාන නිගමනය

    අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වන්නේ “ජනාධිපති වෙන්න සිංහල බෞද්ධ වෙන්න ඕන කියල ව්‍යාවස්ථාවේ තියෙද්දි කොහොමද හිස්බුල්ලා, සිවාජිලිංගම් ජනාධිපතිවරණයට ඉල්ලන්නෙ.??” වශයෙන් කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සාවද්‍ය ප්‍රකාශයක් බවයි

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-10-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.