Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    වෘක ධේනුව පිරිමි වෘකයාගේ ගෙල යට සැඟව සිටින්නේ ඔහුගේ උගුරු දණ්ඩ සතුරාගෙන් ආරක්ෂා කර ගැනීම පිණිසද?

    2020-02-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සත්ව ලෝකයේ සතුන්ගේ හැසිරීම විවිධාකාරය. සමහර සත්ව විශේෂයන් තනිවම ජීවත්වීමට ප්‍රිය කරන අතර සමහර සත්ව විශේෂයන්ට සමූහයක් ලෙස ජීවත් වීමට ප්‍රිය කරයි. සත්වයින්ගේ මෙම හැසිරීම් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා තුල නොයෙකුත් ප්‍රවෘත්ති ඉදිරිපත් වේ. මෙම සත්වයින්ගේ හැසිරීම්

    සත්ව ලෝකයේ සතුන්ගේ හැසිරීම විවිධාකාරය. සමහර සත්ව විශේෂයන් තනිවම ජීවත්වීමට ප්‍රිය කරන අතර සමහර සත්ව විශේෂයන්ට සමූහයක් ලෙස ජීවත් වීමට ප්‍රිය කරයි. සත්වයින්ගේ මෙම හැසිරීම් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා තුල නොයෙකුත් ප්‍රවෘත්ති ඉදිරිපත් වේ. මෙම සත්වයින්ගේ හැසිරීම් රටාව මිනිස් සමාජය සමඟ සංසන්දනය කිරීමට බොහෝ සමාජ මාධ්‍ය ජාලයන් ප්‍රයත්නයක් දරන බවට නිරීක්ෂණය වී ඇත. 

    මෙවන් පසුබිමක ඔෂි රොසයිරෝ නමැත්තියක් Ladies Only ෆේස්බුක් පිටුවේ “සත්ව ලෝකයේ බිරින්දෑවරු” තේමාව යටතේ වෘකයන් තිදෙනෙකුගේ සේයාරුවක් සහිත සටහනක් ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. “ඉහත ඡායාරූපය දෙස බලන්න. පිරිමි වෘකයා තවත් වෘකයෙකු සමඟ සටනට සැරසීමේදී,  වෘක ධේනුව වෘක වෘකයාගේ ගෙල යට සැඟව සිටී. ඇය එසේ සිටින්නේ බියගුළුකම ට ආරක්ෂාව පතා යැයි ඔබ සිතනවා ඇති. නමුත් ඇය එසේ සිටින්නේ පිරිමි වෘකයාගේ උගුරු දණ්ඩ සතුරාගෙන් ආවරණය කරගනිමින් එය ආරක්ෂා කර ගැනීම පිණිසය.” යන කථාංශයද එම ඡායාරූපයට යටින් රෝපණය කර තිබුණේය.

    ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වීම ආරම්භ කර තිබූ මෙම සටහනට  හිමි වූ ප්‍රතිචාර සටහන් අතර යශෝදා ගමගේ නැමැත්තියකු විසින් පරිනාමික දිනපොත නමැති ෆේසුබුක් පිටුවේ සටහනක් උපුටා දක්වමින් යොදා තිබුණු ප්‍රතිචාරයක්ද නිසා මෙම සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    සමාජ මාධ්‍ය ජාල තුල හුවමාරුවන එම සටහන පහතින්.

    Facebook LinkArchived LinkFacebook LinkArchived Link

    සමාජ මාධ්‍ය ජාල තුල ඉංග්‍රීසි බසින් මෙම රුපය යොදාගනිමින් “Make sure you have the right women by your side.” (ඔබේ පැත්තේ නිවැරදි කාන්තාව සිටින බවට වග බලා ගන්න) යන්න අරුත් ගැන්වීමට හුවමාරුවන තවත් එවැනි සටහනක් පහතින්.

    FB Link Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ප්‍රථමයෙන්ම මෙම වෘකයන් සහිත රූප රාමුව ගෙන Google reverse image සෙවීමකට ලක් කළෙමු. එම රූප රාමුව සහිත සමාජ මාධ්‍යය ජාලාවන්හි  ඉදිරිපත්වු සටහන් රැසක් මෙන්ම එම ඡායාරූපය පිළිබඳව වාර්තා සටහන් රැසක් ද අපට නිරීක්ෂණය විය.

    Google Reverse Image Search Link

    මෙම රූපරාමුව සහිත වාර්තා පරීක්ෂාකිරීමේදී, Wolf Fight සිරස්තලයෙන් Flicker සේයාරුවක් වෙත අපගේ අවධානය යොමු විය. Jean Paul නැමැති ඡායාරූප ශිල්පිනිය විසින් 2009 වසරේ මාර්තු මස ගන්නා ලද මෙම සේයාරුව Flicker ඡායාරූප සමූහයට ඉදිරිපත් කර තිබුණි. නොහඳුනන කණ්ඩායමක් විසින් ඇයගේ ඡායාරූපය නොයෙකුත් ප්‍රචාරණයන් සදහා යොදා ගන්නා බැවින් මෙම සේයාරුව හරහා ඇගේ නම යෙදූ ස්ටිකරයක් යෙදීමට සිදු වූ බව ඇය සඳහන් කර තිබුණි. එමෙන්ම මෙම ඡායාරූපයේ පසුබිම පිළිබඳව කිසිදු විස්තරයක් ඇය සඳහන් කර තිබුණේ නැත. ඇය මෙම වෘකයින් රංචුව ජායාරූපගත කර තිබුණේ අමරිකා එක්සත්ජ නපදයේ Minnesota ප්‍රාන්තයේ Ely හිදිය. 

    Link

    Google reverse image සෙවීමේදි අපට නිරීක්ෂණයවු Snopes කරුණු විමර්ශන වාර්තාව පරීක්ෂා කර බැලු වෙමු. ඔවුන් විසින් මෙම  වෘකයන් සහිත සේයාරුව Elyහි International Wolf Center සිටින වෘක විශේෂඥයකු වන Cameron Feaster වෙත ඉදිරිපත් කර ඇත. ඔහු පවසා ඇත්තේ මෙම සේයාරුවේ සිටින වෘකයින් තිදෙනාම පිරිමි සතුන් බවය.  කුලල් කා ගැනීමකදී එක් වෘකයෙක් බියවී පිටිපසට යන විට, වෙනත් වෘකයෙකුගේ ශරීරයේ ගැටෙන මොහොතේ ම ඡායාරූප ගත කර තිබිණි. මෙම දර්ශනය ඡායාරූපගත ගන්න අවස්ථාවේ වෘක ධේනුවක් සිටියද ඇය මෙම ඡායාරූපයෙ නොමැති බව Cameron Feaster අවධාරණය කර ඇත.

    LinkArchived Link

    වෘක කණ්ඩායම්වල හැසිරීම පිලිබඳ විස්තරයක් සහිතව ඉහත ඡායාරූපයේ සිදුවීම පිලිබඳ සිදුකර ඇති විග්‍රහයක් පහතින්..

    LinkArchived Link

    Conclusion: (අවසාන නිගමනය)

    අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ “සත්ව ලෝකයේ බිරින්දෑවරු – ඉහත ඡායාරූපය දෙස බලන්න. පිරිමි වෘකයා තවත් වෘකයෙකු සමඟ සටනට සැරසීමේදී,  වෘක ධේනුව වෘක වෘකයාගේ ගෙල යට සැඟව සිටී. ඇය එසේ සිටින්නේ බියගුළුකම ට ආරක්ෂාව පතා යැයි ඔබ සිතනවා ඇති. නමුත් ඇය එසේ සිටින්නේ පිරිමි වෘකයාගේ  උගුරු දණ්ඩ සතුරාගෙන් ආවරණය කරගනිමින් එය ආරක්ෂා කර ගැනීම පිණිසය” යන තේමාව යටතේ ඉදරිපත් කර ඇති සටහන සහ අනෙකුත් සමාජ මාධ්‍ය සටහන් පාඨකයා නොමඟ යවන සුළු ඒවා බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-02-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.