Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථමයා ලෙස උපහාසත්මක කෝණයකින් පළකරන ලද සටහන් පෙළක්!

    2020-04-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මීට පෙර ද අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම දිවයිනේ ප්‍රථම ස්ථානය සම්බන්ධයෙන් විවිධ සටහන් පළ වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයකින් මියා කලීෆාගේ ඡායාරුපයක්සි යොදාගනිමින් සිදු කරන ලද සටහනක් මෙසේය. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථමයා

    මීට පෙර ද අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම දිවයිනේ ප්‍රථම ස්ථානය සම්බන්ධයෙන් විවිධ සටහන් පළ වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයකින් මියා කලීෆාගේ ඡායාරුපයක්සි යොදාගනිමින් සිදු කරන ලද සටහනක් මෙසේය.

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථමයා යැයි සඳහන් කරමින් ඡායාරූපයක් සහිත සටහනක් ප්‍රතිඵල නිකුත් වී සුළු වේලාවක් ඇතුළත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙසේය.

    LinkArchivedLinkArchived LinkLink 2Archived 2

    එම සටහන ෆේස්බුක් පිටු සහ ගිණුම් රැසක උපුටා දක්වා තිබෙනු ද මෙසේ දැකගනන්ට ලැබුණි.

    මෙම පුද්ගලයාගේම ඡායාරුපයක් යොදාගනිමින් COVID-19 වෛරසයට සම්බන්ධ සටහනක්ද පලවී තිබුනේ මෙලෙසිනි.

    Link Archived

    මොහුගේම ඡායාරුපය යොදාගනිමින් වෙනත් පහත ආකාරයේ උපහාසාත්මක සටහන් ද විටින් විට හුවමාරු වී තිබෙනු අපට දැකගන්නට ලැබෙනවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    අප මෙම සටහන්හි දැක්වෙන සේයාරුව Google Reverse Image සෙවීමකට යොමු කළෙමු. එම ඡායාරූපය ඇතුළත් සටහන් රැසක් දැකගන්නට ලැබුණු අතර Jordi El Niño නමැති ස්පාඤ්ඤයේ කාමුක චිත්‍රපට නළුවකු හා සබැඳි Meme සටහන් බව පෙන්වා දී තිබුණි.  

    Twitter | Google Search | Google Link

    මෙම නළුවාගේ ඡායාරූපය යොදා ගෙන මීට පෙරද ලොව විවිධ ප්‍රදේශවලදී උපහාසාත්මක අන්දමේ සටහන් පළ කර තිබුණු අතර පහත දැක්වෙන්නේ එබඳු එක් සටහනකි. මෙහිදී එල් සැල්වදෝර් හිටපු ජනපති සාන්චෙස් සෙරොන්ගේ මුනුපුරා ලෙස ස්පාඤ්ඤයේ කාමුක චිත්‍රපට නළුවකු වන “එල් නිනෝ පොල්ලා” පෙන්වා දී තිබු බව මෙලෙසින් වාර්තා වී තිබුණි.

    Link

    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිල නිවේදනය ඇතුළුව අනෙකුත් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ පළමු වාර්තාද පරික්ෂා කිරීමේදී අපට පෙනී ගියේ දිවයිනේ ප්‍රථම ස්ථාන පිළිබඳ කිසිදු සඳහනක් මේ වනතෙක් වාර්තාවී නැති බවයි. පහත දැක්වෙන්නේ විභාග දෙපාර්තමේන්තුව විසින් පළ කරන ලද නිල නිවේදනයයි

    GCE-OL-Result

    Conclusion (අවසාන නිගමනය)

    අප කළ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ අද දින නිකුත් කරන ලද අ.පො.ස. සාමාන්‍ය පෙල විභාගයේ දිවයිනේ ප්‍රථම ස්ථානය පිළිබඳ නිල ප්‍රකාශයක් සිදුකර නොමැති අතර දිවයිනේ ප්‍රථමයා යයි පළකර ඇති සටහන් උපහාසත්මක කෝණයකින් පළකර තිබෙන්නේ අසත්‍යය සටහන් වන අතර ඡායාරූපයේ දැක්වෙන්නේ Jordi El Niño නමැති ස්පාඤ්ඤයේ කාමුක චිත්‍රපට නළුවකු හා සබැඳි Meme සටහන් සඳහා යොදාගන්නා රූපයකි.

    Avatar

    Title:අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථමයා ලෙස උපහාසත්මක කෝණයකින් පළකරන ලද සටහන් පෙළක්!

    Fact Check By: Factcrescendo Team  

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-04-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.