Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මාධ්‍යවේදී තිසංක ගමගේ මියගිය බවට සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පෙළක්

    2020-09-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    විවිධ අවස්ථාවල ලංකාවේ ජනප්‍රිය පුද්ගලයන් හදිසියේ මිය ගිය පුවත් අපට නිතර අසන්නට ලැබේ. සමාජ ජාලා අතර හුවමාරු වන මෙම පුවත් සමහරක් ඒවා සත්‍ය වන අතර අසත්‍ය ලෙස හුවමාරු වන පුවත්ද අපට විටින් විට දකින්නට  හැකියි. සමහර අවස්ථාවලදී මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කිරීම

    විවිධ අවස්ථාවල ලංකාවේ ජනප්‍රිය පුද්ගලයන් හදිසියේ මිය ගිය පුවත් අපට නිතර අසන්නට ලැබේ. සමාජ ජාලා අතර හුවමාරු වන මෙම පුවත් සමහරක් ඒවා සත්‍ය වන අතර අසත්‍ය ලෙස හුවමාරු වන පුවත්ද අපට විටින් විට දකින්නට  හැකියි. සමහර අවස්ථාවලදී මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කිරීම සඳහා රංගනයේ යෙදෙන අවස්ථාවන්ද යොදාගන්නා අතර එසේ පේෂල මනෝජ් මියගිය බවට මීට මාස කිහිපයකට පෙර පළවූ වාර්තාවක් මෙසේය.

    මේ අතර පසුගිය දිනෙක ලංකාවේ සිටින ජනප්‍රිය මාධ්‍යවේදියෙකු සම්බන්ධයෙන් මේ ආකාරයේ පුවතක් ඇතැම් ෆේස්බුක් පි‍ටු වාර්තා කර තිබුනා.තිසංක ගමගේ නම් මාධ්‍යවේදියා හදිසියේ මිය ගිය බවට පුවතක් ඇතැම් ෆේස්බුක් පි‍ටු වාර්තා කර තිබුනා. වාහෙ-wahe නම් ෆේස්බුක් පි‍ටුව විසින් එම පුවත පල කර තිබුනේ “thisa.ඔබෙ සිනහව හා කතාව සැමදා අපෙ මතකයෙ ඇත…. දුකයි ගොඩක් ” යනුවෙන් පහත අයුරින්.

    LinkArchived Link

    1000 Talk “තව්සන් ටෝක්” Group නම් ෆේස්බුක් සමුහය වෙත Sathsara Wijethunga නම් අයෙකු දිගු සටහනක් සමගින් මෙසේ පුවතක් පල කර තිබුනා.

    LinkArchived Link

    මෙවැනි සටහන් රැසක් හුවමාරු වී තිබු අතර, රූපවාහිනී පුංචි තිරය  හරහා අතිශයින් ජනාදරයට පත් ඔහු අද සිටින තැන දකින විට සැබැවින්ම දුකක් ලෙස සටහන් කරමින් තැබුනු මෙම සටහන්ට තිසංක ගමගේ නම් මාධ්‍යවේදියා මරණයට පත්ව ඇති ආකාරයේ ඡායාරුප කිහිපයක් එකතු කර තිබුනා. 

    “රංගන ජීවිතේ ඔබට ලැබුණු ඒ බාරදූර වගකීම අකුරටම ඉටු කර මිනීපෙට්ටිය මත ද රංගනයේ යෙදෙන ඔබට සුභපැතුම් මගේ මිත්‍රයා..” යනුවෙන් අවසානයේ සටහන් වී තිබුනද බොහෝ දෙනෙක් මෙවැනි පුවත් පලකිරීම හෙළ දකිමින් වෛරී ප්‍රතිචාර සටහන් ලබාදී තිබු බවක් අපට දැකගන්නට ලැබුණි

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම කරුණුවල පිලිබඳව සත්‍ය තාවය සොයා බැලීමට අප තිවංක ගමගේ විසින් පවත්වාගෙන යන ෆේස්බුක් පි‍ටුව වෙත පිවිසුනා.මෙහි සත්‍ය තත්වය ඔහු විසින්ම තැබූ සටහනක් වෙත අපගේ අවධානය යොමු උනා.

    LinkArchived

    එහිදී ඔහු විසින් මෙම කරුණ පිලිබඳව පැහැදිලි විස්තරයක් දක්වා තිබෙනවා.එයට අනුව මෙසේ මරණයට පත්ව ඇති දර්ශන සහිත සටහන් ලඟදීම රූපවාහිනියේ විකාශනය වීමට නියමිත ටෙලි නාට්‍යක් වන ධරණී නාට්‍යයේ ඔහු විසින් රඟනයෙන් දායක වන ඔහුගේ මල ගෙදරක කොටසක්.මෙසේ එම නාට්‍යයේ රූගත කිරීම් අතර ලබා ගත් ඡායාරූප කිහිපයක් මෙසේ ෆේස්බුක් පි‍ටු කිහිපයක් විසින් මෙම මාධ්‍යවේදියා මරණයට පත්ව ඇති බව දක්වමින් පල කර ඇති බවට ඔහු එම සටහනින් තහවුරු කර තිබුනා.

    දෙරණ නාලිකාවේ මෙම ධරනි නම් ටෙලි නට්‍යය පිලිබඳව පූර්ව ප්‍රචාරක පටයක් ඔවුන්ගේ ෆේස්බුක් පි‍ටුවේ දක්වා තිබු අතර අතර තිසංක ගමගේ රංගන ශිල්පියෙකු ලෙස එහි පෙනී සිටින අයුර අපට දැක ගත හැකියි. රංගය ඔහුගේ Instagram ගිණුමේ “අලුත් වැඩේ” යනුවෙන් එය මෙසේ හුවමාරු කරගෙන තිබුණා

    View this post on Instagram

    A post shared by THISA (@thisankag)

    එසේම 1000 Talk “තව්සන් ටෝක්” නම් ෆේස්බුක් සමූහයේ පළවූ සටහනට ආරම්භ කර ඇත්තේ “#ප්‍රවීන රංගන ශිල්පියෙකුගේ නික්ම යාම.”ලෙසින්. කෙසේ නමුත් තිසංක ගමගේ යනු ලංකාවේ මාධ්‍යවේදියෙකු ලෙස ජනප්‍රිය නමක් ලබා ඇති අයෙකු වුවද ප්‍රවීන රංගන ශිල්පියෙකු ලෙස රංගන ක්ෂේත්‍රයේ විශාල දායකත්වයක් මෙතෙක් ලබාදී නැහැ. ඔහුගේ ෆේස්බුක් ගිනුමේද සඳහන් වන්නේ ඔහු නිවේදකයෙකු සහ මාධ්‍යවේදියෙකු ලෙස මිස රංගන ශිල්පියෙකු ලෙසේ නොවේ

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු අනුව සලකා බලන කල අපට තහවුරු වන්නේ මාධ්‍යවේදී තිසංක ගමගේ මහතා මිය ගොස් ඇති බවට හැඟවෙන ලෙස මුහුනු පොතේ හුවමාරු වන පුවත අසත්‍ය හා පාඨකයා නොමඟ යවන සුළු ආකාරයෙන් සකසා ඇති සටහන් පෙළක් බවයි. එම සටහන් සඳහා යොදාගෙන තිබෙන ඡායාරුප ඉදිරියේදී විකාශනය වීමට නියමිත ධරණී නම් ටෙලි නාට්‍යයේ ඔහු විසින් රඟනයෙන් දායක වන ඔහුගේ මල ගෙදරක කොටසක්

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-09-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.