Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check : මෙල්බර්න් නගරයේ පික්පොකට් ගැසූ ජවිපෙ මන්ත්රී පුතු කොටුවේ?

    2020-01-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පාර්ලිමේන්තු  මැතිවරණය ආසන්නවනාවත් සමගම එක් එක් දේශපාලන පක්ෂ ඉලක්ක කරගනිමින් සිදුවන මඩ ප්‍රහාර සමාජ මාධ්‍ය ඔස්සේ නැවතත් ආරම්භවී තිබෙනු දැකිය හැක. මෙවන් වාතාවරණයක් තුල ජනවාරි 16 වනදා ඕස්ට්‍රේලියාවේ මුදල් පසුම්බි සොරකම් කිරීමේ  සිද්ධි සඳහා එරට වෙසෙන ඉන්දියන

    පාර්ලිමේන්තු  මැතිවරණය ආසන්නවනාවත් සමගම එක් එක් දේශපාලන පක්ෂ ඉලක්ක කරගනිමින් සිදුවන මඩ ප්‍රහාර සමාජ මාධ්‍ය ඔස්සේ නැවතත් ආරම්භවී තිබෙනු දැකිය හැක. මෙවන් වාතාවරණයක් තුල ජනවාරි 16 වනදා ඕස්ට්‍රේලියාවේ මුදල් පසුම්බි සොරකම් කිරීමේ  සිද්ධි සඳහා එරට වෙසෙන ඉන්දියනුවත් සහ ශ්‍රී ලාංකිකයින් පිරිසක් වෙසෙන ලාංකිකයන් අත්අඩංගුවට ගත් බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබිණ. පසුව ශ්‍රී ලංකාවේ මාධ්‍යද මෙම පුවත වාර්තාකරන ලදී.

    “රටේ ගෞරවය ජාත්‍යන්තරයටත්…හොරකමට එරෙහි ජවිපෙ…” යනුවෙන් සදහන්ව “මෙල්බර්න් නගරයේ පික්පොකට් ගැසූ ජවිපෙ මන්ත්රී පුතු කොටුවේ” යන සිරස්තලය සහිතව ලංකාදීප පුවත් පත වාර්තා කල ආකාරයට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන සටහනක් පහතින් දැක්වේ.

    Facebook LinkArchived Link

    “පික්පොකට් ජවිපෙ… 🤪👇” සමාජ මාධ්‍ය තුල හුවමාරුවන තවත් සටහනක් පහතින්.

    Facebook LinkArchived Link

    සමාජ මාධ්‍ය තුල හුවමාරුවන තවත් සටහනක් පහතින්.

    Facebook LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ජවිපෙ මන්ත්‍රීවරයෙකුගේ  පුතෙකු මෙල්බර්න් නගරයේ පික්පොකට් ගැසීමකට කොටුව ඇති බවට සඳහන් පුවත සම්බන්ධයෙන් අපි ගූගල් නිව්ස් හරහා සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට දක්නට ලැබුනේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක් ජවිපෙ මන්ත්රී පුතකු මෙල්බර්න් නගරයේ පික්පොකට් ගැසීමකට සම්බන්ධවූ බවට  කිසිදු පුවතක් පළකර නොමැති බවයි. 

    එහෙත් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයන් පස්දෙනෙකු පුද්ගලයන්ගේ පසුම්බිවලින් මුදල් සොරකම් කිරීමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් බව මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබිණ.

    Google Search Link

    ගූගල් නිව්ස් හරහා සොයා බැලීමේදී  ලංකාදීප, හිරු සහ නිව්ස් ෆර්ස්ට් වෙබ් අඩවි ඕස්ට්රේලියාවේ වෙසෙන ලාංකිකයන් පස්දෙනෙකු පුද්ගලයන්ගේ පසුම්බිවලින් මුදල් සොරකම් කිරීමේ යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව වාර්තා කර තිබිණ. එම කිසිදු පුවතක ජවිපෙ මන්ත්රී පුතකු මෙල්බර්න් නගරයේ පික්පොකට් ගැසීමකට කොටුව ඇති බවට සදහන් නොවිණි.

    News LinkArchived Link

    තව දුරටත් නිරීක්ෂණය කිරීමේදී  සිංහල බසින් පවත්වාගෙනය යනු ලබන ඕස්ට්‍රේලියානු වෙබ් අඩවියක්ද මෙම පුවත පළකර තිබිණ. SBS.COM.AU නම් එම වෙබ් අඩවියද ජවිපෙ මන්ත්රී පුතකු මෙල්බර්න් නගරයේ පික්පොකට් ගැසීමකට කොටුව ඇති බවට සදහන් කර නොතිබිණ

    News LinkArchived Link

    තව දුරටත් නිරීක්ෂණය කිරීමේදී පැහැදිලිවුයේ සමාජ මාධ්‍ය තුළ පලවන සටහන ලංකාදීප වෙබ් අඩවියේ අනුරුවක් යොදා sbs.com.au නම් වෙබ් අඩවියේ පළවූ අන්තර්ගතය යොදාගෙන, අමතර අසත්‍ය කරුණු යොදා සකස් කල (edited) ඡායාරූපයක්  බවයි.

    මේ සම්බන්ධයෙන් අප ලංකාදීප පුවත් පතෙන් කල විමසීමකදී ඔවුන් කියා සිටියේද අන්තර්ජාලයේ පලවන එම ඡායාරූපය සහ පුවත ලංකාදීප වෙබ් අඩවියේ අනුරුවක් (format) යොදා  සකස් කල අසත්‍ය පුවතක් බවයි. තවද එහි සදහන් ආකාරයේ “නිශාන්ත සිල්වා” නමින් වර්තකරුවකුද තම ආයතනයේ නොමැති බව ඔවුන් දන්වා සිටියා.

    අවසාන නිගමනය

    අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ “මෙල්බර්න් නගරයේ පික්පොකට් ගැසූ ජවිපෙ මන්ත්රී පුතු කොටුවේ.” යන තේමාව යටතේ, ලංකාදීප වෙබ් අඩවියේ අනුරුවක් යොදා ඉදරිපත් කර ඇති සටහන සහ අනෙකුත් සමාජ මාධ්‍ය සටහන් පාඨකයා නොමඟ යවන අරමුණින් සකස්කරනා ලද අසත්‍ය ප්‍රවෘත්තිය බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-01-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.