Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    කෞෂි පෙරේරා මහණ වූ බව හැඟවෙන නොමඟ යවන සුළු සටහන් පෙළක්

    2020-08-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනප්‍රිය නළු නිලියන් මෙන්ම කළා ක්ෂේත්‍රයේ නමක් දරා සිටින පිරිස් අලලා විවිධාකාරයෙන් සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් බොහෝදුරට හුවමාරු වන්නේ වැඩිපුර පාඨක ආකර්ෂණය ලබා ගැනීමේ අරමුණින්. “යමෙකු වැරදි මාර්ගයේ යන්නේ නම්, දිනක තමන් කරන්නාවූ වැරද්ද තමන්ටම තේරෙන අතර ,

    ජනප්‍රිය නළු නිලියන් මෙන්ම කළා ක්ෂේත්‍රයේ නමක් දරා සිටින පිරිස් අලලා විවිධාකාරයෙන් සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් බොහෝදුරට හුවමාරු වන්නේ වැඩිපුර පාඨක ආකර්ෂණය ලබා ගැනීමේ අරමුණින්. “යමෙකු වැරදි මාර්ගයේ යන්නේ නම්, දිනක තමන් කරන්නාවූ වැරද්ද තමන්ටම තේරෙන අතර ,එවිට තමන් අදහන දර්මයට ආනුකූලව මේ මනුස්ස ජීවිතය අනියතයි බව තේරුම් ගන්නා සියල්ලෝම සියලු දේ අතහැර දර්මය අවබෝද කර ගනිති” යන තේමාව යටතේ හුවමාරු වී තිබු සටහනක නිරුපිකාවක සහ නිළියක වශයෙන් කටයුතු කරන කෞශි පෙරේරා මහණ බවට පත්වූ බව හැඟෙන ඡයරුපක්ද පෙන්වා දී තිබුනේ “සමහර යට සමහර දේවල් තේරුම් ගන්න කාලයක් හතවෙනව…හිටය විදිහ නෙවෙයි වැදගත් ඉන්න විදිහයි” යනුවෙන්ද තැබූ සටහනක් සමඟය.

    LinkArchived Link

    එම තේමාව යටතේම උපහාසාත්මක කෝණවලින් සටහන් පලවී තිබුනේ “මෙහෙම හිටිය කෞෂිට මහණ වෙන්න තරම් එක පාරටම ජීවිතේ මොකද උනේ?” යනුවෙනි.

    LinkArchived

    මෙවැනි නොමඟ යවන සුළු සටහන් පළකිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තම අප්‍රසාදය පළකරමින් ප්‍රතිචාර දක්වා තිබෙනු ද දක්නට ලැබුණු හෙයින් මේ පිලිබඳ කෙටි විමර්ශනයක් සිදුක්රීමට අදහස් කළෙමු.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිළිබඳව කරුණු සොයා බැලීමේදී අපට පෙනී ගියේ මෙය ඇත්ත වශයෙන්ම ඉදිරියේදී නිකතු වීමට නියමිතව තිබු Brian Rose ගායනා කරන “සුභ ගමන්” නමැති ගීතයක වීඩියෝ පටයක ප්‍රවර්ධන සඳහා යොදාගෙන තිබු සටහනකින් ලබාගත් එකක් බවයි. එම සටහන සහ මීට දින කිහිපයකට පෙර පළවූ අදාළ සංගීත වීඩියෝව පහතින්.

    Link | Archived

    මෙම වීඩියෝව අගෝස්තු මස 7 වැනිදා නිකුත් වන බව පෙන්වන සටහන් එහි නිෂ්පාදන කණ්ඩායමේ ෆේස්බුක් පිටුවේ මෙන්ම කෞෂි පෙරේරාගේ ෆේස්බුක් ගිණුමේ ද මෙසේ දක්ගනන්ට ලැබුනා.

    Link 1 | Link 2

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කෞශි පෙරේරා මහණ බවට පත්වූ බව හැඟෙන පරිදි මීට දින කිහිපයකට පෙර හුවමාරු වූ ඡායාරුප සටහන් සඳහා ඇත්ත වශයෙන්ම යොදාගෙන තිබුනේ ඇය රංගනයෙන් දායක වූ පසුගිය අගෝස්තු මස 7 වැනිදා නිකුත් වූ  “සුභ ගමන්” නමැති ගීතයක වීඩියෝ පටයක දර්ශන පෙළක් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.